page

ඉහලට ගිය යම් දෙයක් යලි පහලට වැටීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්. පළමු රොකට්ටුව අභ්‍යවකාශයට යැවූ දින සිට මේ දක්වා රොකට් සිය ගණනක්  අභ්‍යවකාශ ගත කර තිබෙනවා. එහිදී රොකට් කැබලි, ඉවත දමන ද්‍රවය  ආදිය අභ්‍යවකාශයට ඉතිරි වී තිබෙනවා.ඉන්සමහරක් අපගේ වායුගෝලයට ඇතුළුවී  ගිනි ගෙන විනාශවී ඇතිමුත් ඉතාවිශාල අභ්‍යවකාශ අපද්‍රව්‍ය ප්‍රමාණයක් තවමත් ඉතිරිව තිබෙනවා. තවමත් ඉතිරි වී ඇති අපද්‍රව්‍ය දැනටමත් අපට තර්ජනයක් වී හමාරයි. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ එවැනි අපද්‍රවය නැවත පෘතුවියට ගේනවා ගෙන අපගේ අභ්‍යවකාශය පිරිසිදු කිරීමට උතසහ දරන ව්‍යාපෘතියක් පිළිබඳවයි.මේ යටතේ ටොන් 7000 පමණ අපද්‍රවය ඉවත් කිරීමට ක්‍රමයක් අවශ්‍යතාවය මතුව තිබෙනවා. ඒ සඳහා 2017 වසරේදී  RemoveDebris ව්‍යපෘතිය  ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අභ්‍යවකාශ සුන්බුන් කැබලි , විශාල කොටස් මෙන්ම කුඩා කැබලි ලෙස පවතින අතර.මේ සියල්ලම පැයට සැතපුම් දහස් ගණනක් වේගයෙන් චලනය වෙනවා. මෙම කැබලි චන්ද්‍රිකා වල ගැටීමෙන් ඒවාට හානිසිදුවීම මගින් සිදුවිය හැකි පාඩුව අතිමහත්.මිදි ගෙඩියක් තරම් වූ කුඩා අපද්‍රව්‍ය කැබැල්ලක් මගින් එහි අධික වේගය නිසා  සැටලයිටයක් විනාශ වීමට හෝ එසේ නැතිනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිරිමැසිය නොහැකි හානියක් සිදු වීමට පුළුවන්. දැනට ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට 1cm ප්‍රමාණයේ කැබලි මිලියන 170ක් පමණ ඇති අතර, Envisat යනු දැනට පවතින තනි විශාලතම අභ්‍යකාශ කැබැල්ලයි.එය ටොන් 8.5 බරැති, මීටර් 10ක් දිග චන්ද්‍රිකාවකි.

මෙම ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් ගෙන ඒමට Airbus Defence and Space, Surrey Satellite Technology Limited, Innovative Solutions in Space, CSEM, Inria, සහ Stellenbosch University in South Africa යන ආයතනයන්  මගින් අභ්‍යකාශහි අපද්‍රව්‍ය පිරිසිදු කිරීමට ක්‍රම කිහිපයක් අත්හදා බැලීමට RemoveDebris mission ව්‍යාපෘතියෙදී බලාපොරොත්තු  වෙනවා.

මෙහිදී කතාබහට ලක්වී ඇති එක ක්‍රමයක් නම් net එකක් මගින් අභ්‍යකාශ අපද්‍රව්‍ය අල්ලා ගැනීමයි. අපද්‍රව්‍ය කැබැල්ලක් අසු වූ පසු එය වායුගෝලයේදී ගිනිබත් කිරීමට පුළුවන්. සමහර විශාල කැබලි මිනිස් වාසයෙන් ඈත සාගර වලට දැමීමට පුළුවන්.මෙම ක්‍රමය නිවැරදිදැයි අත්හදා බැලීමට RemoveDebris අභ්‍යකාශ යානය මගින් කුඩා ලෝහ කැබැල්ලක්(CubeSat නමින් හදුන්වයි) පිට කර එය බැලූනයක් මගින් එය  පුම්බා විශාල ඉලක්කයක් බවට පත් කරයි. මෙම net එක මීටර් 5ක් පළල වන අතර ශක්තිමත් fiber වලින් නිම කර ඇත. ඉලක්කය අල්ලා ගත් පසු net එක එය ආවරණය කර ගනී. මෙය පහත වීඩියෝව මගින් පැහැදිලිව දකින්න පුළුවන්. මිට අමතරව Dragsail යනු අත්හදා බැලීමට සුදානම් වන තවත් එක් ක්‍රමයකි. එය ගමන් කරන විට දිග හැරෙන තුනී පටලයකි. චන්ද්‍රිකාවට සම්බන්දිතව ඇති මෙය එම චන්ද්‍රිකාව එහි ජීවිත කාලය අවසන් වූ විට dragsail එක දිගහැරීම සිදුවේ. ෆෝටෝන වලින් සැදුනු ආලෝක ධාරවක් මගින් තල්ලු වන මෙම dragsail එක නිසා හිරුගෙන් ලැබෙන ආලෝකය හමුවේ එය අපගේ වායුගෝලයට කෙමෙන් තල්ලු වේ. උන්පසුව එම ද්‍රව්‍ය වායුගෝලයේදී ගිනිබත්විම හෝ සාගරයකට කඩාවැටෙන්නට සැලැස්විමට හැකියාව ලැබෙනවා.

 

1199 Total Views 1 Views Today

Comments

comments