ලොව සිදුවූ දරුණුතම න්‍යෂ්ඨික අනතුරක් වන රුසියාවේ චර්නොබිල් අනතුර සිදුවී පසුගිය අප්‍රේල් 26 වන දිනට වසර 30ක් ගතවුවා ඒ වගේම අප ඔබට මේ සම්බන්දයෙන් විශේෂ ලිපියක්ද ගෙනාවා මතක ඇති. 1986 අප්‍රේල් 26 වනදින රාත්‍රී 1.23 ට එම බලාගාරයේ හතර වන reactor එක අධික පීඩනය නිසා පුපුරා යන්නේ 31 දෙනෙකුට මරණයට පත්කරමින්. නමුත් ඉන් පසුව ඉන් පිටවූ විකිරණ නිසා පසු කාලීනව මරණයට පත්වූ ප්‍රමාණය දහස් ගණනක්. අනතුර සිදුවූ ස්ථානයේ සිටි  පුද්ගලයින් 237 ක් කෙලින්ම අධික විකිරණ නිසා හටගත් Acute radiation syndrome රෝගයට ගොදුරු වූ අතර ඒ සියලුම දෙනා මාස කිහිපයක් ඇතුලත මියගියා. ඊට පසුව තවමත් හරියාකාරව වසාදැමීමට නොහැකිවූ මෙම බලාගාරය වසර 30කට පසුව නිසි ආකාරයෙන් වසාදැමීමට සුදානම් වන බව අප මිට පෙර ලිපියකින් ඔබටපැවසුවා. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ ඔව්න් එය තාමත් සාර්ථකව එය ස්ථානගත කරන ලද බව හා එහි අලුත්ම විස්තර ඔබට ගෙන එන්නටයි.

chernobyl

මුලින්ම නිපදවූ ආවරණයක් මගීන් මෙහි හතරවන reactor එක වස දැමු අතර ඒ නිසා විකිරණශීලි අපද්‍රව්‍ය 80% පමණ බාහිර පරිසරයට එක්වීම වැලකි ගියා. නමුත් පසුකාලීනව එයතුලට ජලය කාන්ඳුවිම නිසා පොලවට විකිරණශීලි ජලය එක්වීමේ අවධානමක් පැවතුන. ඊට අමතරව විවිධ සතුන්ද ඒ ආවරණය තුලින් ගමන් කර නිසා නැවත විකිරණ නිකුත්වීමේ අවධානමක් හටගත්තා. ඊට ප්‍රතිකර්ම්යක් ලෙසයි මේ මීටර 110ක් උසින් යුතු දිග හා පළල මීටර 245ක් හා 270ක වන හා බරින් ටොන් 32000 ලොව විශාලතම චලනය වන වහල සැදුවේ. දැන් මේ වහලය සාදා නිමකොට හතරවන reactor එක වසාදමා තිබෙනවා. මුලුමනින්ම වගේ සුදු යකඩ යොදාගනිමින් නිපදවූ මෙය තව වසර 100ක් ආරක්ෂාකාරීව පවතියැයි ඔව්න් විශවාස කරනවා.  මේ සම්බන්ධ වීඩියෝ කිහිපයක් පහතින් ඔබට නැරඹීමට පුළුවන්.

1580 Total Views 5 Views Today

Comments

comments