eda14800faba19c5ccded766ee516aea14c5db8d8dc726723c53674435a77f38_large

ලොව ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා  “one man’s trash is another man’s treasure.” කියල. කෙනෙක් ආනවශ්‍යයි කියල ඉවත්කරණ දෙයක් තවත් කෙනෙකුට වටිනා දෙයක් වෙන්න පුළුවන්. එය තම තමන්ගේ දක්ෂතාව මත තීරණය වන දෙයක්. අද අප ඔබට මේ තොරතුර ගෙන එන්නේ ජපානයේ සිටයි. Akinori Ito නම් ඔහු ජපන් ජාතික නව නිර්මාණකරුවෙක්. ඔහු විසින් ලොවට ඉදිරිපත්කරන නිර්මාණයනම් දැනට ලොව පුරා කඳු ගැසෙමින් ඇති ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රජෝජනවත් ලෙස බොරතෙල් බවට පත්කරගන්න උපකරණයක්.

Ito-Demonstration

මෙම උපකරණය ඉතා විශාල දෙයක් නොවෙයි. එය මේසයක් මත තබා ක්‍රියාත්මක හැකි ප්‍රමාණයේ උපකරණයක්. එහිදී කිලෝවොට් එකක විද්‍යුත් ශක්තියක් වැයකිරීම මගින් ප්ලාස්ටික් කිලෝ එකක් බිඳ හෙළීමට හැකියාව තිබෙනවා. මෙයට ප්ලාස්ටික් පමණක් නොව පොලිතින්, පොලිස්ටයරින් හා පොලිප්‍රෝපලින් පවා බිඳහෙලීමට හැකියාව තිබෙනවා. අප ප්ලාස්ටික් කිලෝ 1ක ප්‍රමාණයක් දහනය කළහොත් එය මගින් අසන්න වශයෙන් කිලෝ තුනක කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිපදවනු ලබනවා නමුත් ඉතාසුලු විද්‍යුත් ශක්තියක් යොදාගනිමින් සිදුකරන මෙම කාර්යේදී සාදන තෙල් දහනය කිරීමට යොදාගැනීමෙන් අමතරව දහනයවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 80% කින් පමණ අඩුකරගත හැකිබව ඔහු පවසනවා.

converter

මෙහිදී සිදුවන ක්‍රියාවලිය නම් ප්ලාස්ටික් හා පොලිතින් අධික පීඩනයක් යටතේ ඉහල උෂ්ණත්වයකට පත්කිරීමයි. එහිදී එම ප්ලාස්ටික් ද්‍රව බවට පත්වී ඉන්පසුව එය වාෂ්ප ලෙස ඉවතට පැමිණෙන අතර එහිදී එම වාෂ්ප වෙනම ජලය යොදාගෙන සිසිල් කරගනු ලබනවා. මෙම ක්‍රියාවලිය ඉතාමත් සරල ක්‍රියාවලියක් වන අතර ලොව දැනට පවතින ප්ලාස්ටික් ගැටලුවට පිලියමක් ගෙන දීමට සමත්වනු ඇතියි.

මේ පිළිබඳව මිනිත්තු 5ක වීඩියෝවක් පහතින්.

872 Total Views 2 Views Today

Comments

comments