දිවි රැක දෙන ඔරලෝසුව …

life-saving-watch

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව වසරකට 370,000 පමණ පුද්ගලයින් දියේ ගිලීම නිසා මරණයට පත්වේ. තවද එය ලොව තෙවැනි වැඩිම මරණ ගණනකට හිමිකම් කියන්නාවූ හදිසි අනතුරදවේ. අවධානමක් පැවතිය හැකිබව ගණනකට නොගැනීම මෙයට ප්‍රධාන හේතුව වන අතර වැඩිපුර කුඩා දරුවන් හා පුරුෂයන් දියෙගිලිමෙන් මරණයට පත්වන බවද ඔවුන් ගේ වාර්තා පවසනවා. තවද 370,000 වූ මරණ වලින් 91% ප්‍රමාණයක් අඩු හා මධ්‍යම අදායම් ලබන රටවල් වලින් වාර්තාවේ. ඉහත කරුණු සැලකිල්ලට ගත් Kingii සමගම විසින් කුඩා, ආරක්ෂාකාරී, අතෙහි පැළදිය හැකි ආරක්ෂක උපාංගයක් හදුන්ව තිබෙනවා.

Kingii නමැති මෙම උපකරණය Tom Athanasios ගේ නිපැයුමක් වන අතර ඔහු patent බලපත්‍ර කිහිපයකටම අයිතිය ඇති තාක්ෂණික නිපැයුම් කරුවෙකි. තම සමීපතම මිතුරෙකු දියෙහි ගිලී මියයාමෙන් පසු ඇතිවුණු අදහසකට අනුව තවත් එවන් අවාසනාවන්ත සිදුවීම් සිදුනොවීමට තම හැකියාවන් ප්‍රයෝජනයට ගනිමන් මෙය නිර්මාණය කල බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. සම්ප්‍රදායික ජීවිතාරක්ෂක ඇඳුමේ පවතින අපහසුකම් හා එය පැළදීමට මිනිසුන්ගේ අකමැත්ත පිළිබඳව අධ්‍යනයෙන් පසුව ඔහු මෙම නිර්මාණය නිමකොට ඇති  අතර 2014 වසරේදී එයට Patent බලපත්‍රයද ලබාගෙන තිබේ.

බරින් ග්‍රෑම් 150 පමණ වන මෙය ඉතා සහැල්ලු වන අතර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. සම්පීඩිත CO2 වායුව අඩංගු සිලින්ඩරය හා පාවෙන බැලුම අඩංගු කුඩා පසුම්බිය මෙහි ප්‍රධාන කොටස් ලෙස හැඳින්විය හැක. ප්‍රමාණයෙන් මෙය අඟල් 3”x 5” ප්‍රමාණයෙන් වන අතර අඟලක් පමණ ඝනකමකින් යුක්තය. වයස අවරුදු 6න් ඉහල ඕනෑම අයෙකු සදහා මෙය සැලසුම් කර ඇති අතර එය සමාන්‍ය වැඩුනු පුද්ගලයෙකු හට පාවීමට ප්‍රමාණවත් උඩුකුරු තෙරපුමක් ලබාදීමට සමත් වේ. එක්වරක් භාවිතයෙන් පසු ඉවත දැමීමට අවශ්‍ය නොවන අතර පහසුවෙන් CO2 සිලින්ඩරය මාරුකිරීම හා පිම්බුණු බැලුම නැවත හකුලා ගබඩාකිරීම මගින් නැවත නැවත බාවිතයට ගතහැක.

life-saving-watch-story-01 life-saving-watch-story-02

Bookmark the permalink.

Comments are closed.