හැකර් වරුන්ගෙන් ජිවිත අවධානමක් …

hospital

බටහිර ලොවපුරා සියලුම රෝහල්වලට බරපතල අවධානමක් එල්ල කිරීමට පරිඝනක හැකර් වරුන් සමත්ව ඇතිබවට දැන් වාර්තා පලව තිබෙනවා. ඒ දියවැඩියා රෝගීන් හට ඉන්සුලින් ලබාදෙන පොම්ප ඔව්න්ගේ ග්‍රහණයට ගැනීම මගින් රෝගීන් දුරස්ථව මරාදැමීමේ හැකියාවක් පැවතීම හේතුවෙනි

ප්‍රසිද්ධ ආරක්ෂක විශේෂඥයෙකු වන Billy Rios මෙම වසර මුලදී ප්‍රසිද්ධ ඉන්සුලින් පොම්ප නිෂ්පාදන සමාගමක් වන Hospira සමාගමේ පොම්ප කිහිපයක් පරික්ෂ කිරීමේදී මේබව හදුනාගෙන ඇත. ලොවපුරා, විශේෂයෙන්ම ඇමෙරිකානු රටවල මෙමෙ වර්ගයේ පොම්ප 400,000 පමණ රෝහල්වල ක්‍රියාත්මකව පවතී. Rios ට අනුව හැකර්වරුන්ට දුරස්ථව මෙමෙ උපකරණය තුල ඇති අධි මාත්‍රනවලට සංවේදී අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රිය කිරීමට හැකි අතර. එහිදී වෛද්‍ය වරයකු වැරදීමකින් අධි මාත්‍රාවක් ලබාදුනහොත් ඒ සදහා අනතුරු දැක්වීමක් නොකෙරෙනු ඇත. මේ සම්බන්දයෙන් වැඩිදුර සොයාබැලීමේදී ඔහු විසින් අනාවරණය කරගෙන ඇති කරුණු වලට අනුව මෙම උපාංග වල firmware වෙනස් කිරීම දුරස්ථව හැකර්වරුන්ට කිරීමට හැකි අතර එමගින් එකවර මරණය ගෙනදීම සදහා අධි මාත්‍රාවක් එන්නත් කිරීමට හැකියාව ලැබේ.

Rios ගේ අදහසට අනුව laptop පරිඝනකයක් රැගෙන රෝහලේ servers වෙත සම්බන්ද වන ඕනෑම අයෙකුට එමොහොතේ server එක හා සම්බන්ද සියලුම පොම්ප තමා ග්‍රහණයට ගතහැකි අතර ඒවා තම අභිමතය පරිදි ක්‍රියාත්මක කරවීමට ගතවන කලය හැකර්වරයාගේ හැකියාව මත තීරණය වනු ඇතිබවයි. මේ පිළිබඳව ඔහු විසින් දැනුවත්කිරීම් සිදුකරන අතර රෝහල් ක්ෂේත්‍රයේ Cyber ආරක්ෂණ වැඩපිළිවෙලවල් මිට වඩා පරීක්ෂාවෙන් සිදුවිය යුතු බවට හොදම උදාහරණය මෙය වන බවද පැවසිය

Bookmark the permalink.

Comments are closed.