තැපැල් බෙදන Drone යානය …

mail-drone

Drone යානා යනු අද කා අතරත් බොහෝ ජනප්‍රිය මාතෘකාවක්. විශේෂයෙන්ම Quadcopter වර්ගයේ drone යානා ගැන මේ දිනවල වැඩිපුර අහන්නට ලැබෙනවා. බොහෝ දෙනා මේ drone යානා වලින් ප්‍රයෝජනවත් කාර්යයන් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව විවිද අත්හදාබැලීම් සිදුකරනු ලබනවා. ඒ සම්බන්ද නවතම අත්හදා බැලීම අසන්නට ලැබෙන්නේ ස්විට්සර්ලන්තයෙන් (Switzerland).

ස්විට්සර්ලන්තයේ බොහොමයක් දක්නට ඇත්තේ විශාල කඳුවැටි සහ විශාල ලෙස පැතිර පවතින විල්. මේවා ඔස්සේ ලිපි එසේත් නැතිනම් තැපැල් ද්‍රව්‍ය බෙදාහැරීම් තරමක් අසීරු සහ වියදම් අධික කාර්යයක්. මේ ගැටලුවට විසඳුමක් ලෙස ස්විට්සර්ලන්ත රජය,  drone මගින් ද්‍රව්‍ය බෙදාහැරීම් පිළිබඳව විශේෂිත සමාගමක් වන Matternet නමැති ඇමරිකානු සමාගම සමග එක්වී නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එනම් drone යානා මගින් තැපැල් පාර්සල් බෙදාහැරීම්යි.

මෙමෙ drone යානය නම්කර ඇත්තේ Matterent ONE ලසයි. මෙමෙ යානයට කිලෝග්‍රෑම් 1ක  බරක් සහිත පාර්සලයක් කිලෝමීටර් 10ක දුරක් බැටරි නැවත අරෝපනයකින්(recharge) තොරොව රැගෙන යාමට පුළුවන්. තවද මෙහි කැමරාවක්ද අන්තර්ගත වෙනවා ඒ මගින් drone යානය ගමන් ගන්නා කාලයතුල විවිදාකාර දර්ශන ලබාගැනීමේ හැකියාවක්ද පවතිනවා. මේ යානය ගමන් කරන්නේ පෙර සුදානම් කල ගමන් මගක නිසා උඩු ගුවනේදී ගුවන් යානා සමග සිදුවිය හැකි අනතුරු අවම බව Matterent සමගම පවසනවා.

කෙසේ වෙතත් ස්විට්සර්ලන්ත තැපෑල(Swiss Post) ට අනුව මෙමෙ යානා තැපැල් බෙදා හැරීමේ කටයුතු වලට යොදා ගැනීමට අදහස් කරන්නේ 2020 වසරේදීයි. එතෙක් තවත් බොහෝ පරීක්ෂණ සහ අත්හදාබැලීම් සිදුකල යුතුබව ඔවුන් පවසා සිටිනවා

කෙසේ වෙතත් Matterent ONE, drone යානයේ පරීක්ෂණ ගුවන්ගතකිරිමක වීඩියෝ පටයක් ඔවුන් විසින් නිකුත් කර තිබෙව්නවා. පහතින් දැක්වෙන්නේ ඒම වීඩියෝවයි

Bookmark the permalink.

Comments are closed.