New Horizons ප්ලුටෝ මතින් පියාඹා යාම …

pluto-surface

පසුගිය සතිය නසා(NASA) ආයතනයට අතිශය වැදගත් සතියක් වුනා, ඒ අන් කිසිවක් නිසා නොව New Horizons යානය ප්ලුටෝ (Pluto) ග්‍රහලොව සහ එහි චන්ද්‍රයන් අසලින් ගමන් කිරීම නිසවෙන්. මේ ගමන ඔස්සේ ප්ලුටෝ පිළිබඳව පමණක් නොව ග්‍රහලෝක වල හටගැනීම සහ ඒවායේ තරුණ අවදිය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාගත හැකිවූ බවට නසා ආයතනය පවසා සිටියා.  New Horizons යානය විසින් සම්ප්‍රේෂණය කරනු ලැබූ දත්ත සම්පුර්නයෙන්ම් තවමත් පෘථිවිය වෙත ලඟා වී නැහැ. තවමත් චායාරුප සහ අනෙකුත් දත්තයන් ලැබෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මෙතෙක් ලැබී ඇති චායාරුප එකතුකොට වීඩියෝ පටයක් නිර්මාණය කිරීමට නසා ආයතනය කටයුතු කොට තිබෙනවා. පහතින් දැක්වෙන්නේ ඒම වීඩියෝ පටයයි. මෙමෙ චායාරුප වල දක්නට ලැබෙන ප්‍රදේශ නම්කොට තිබෙන්නේ Norgay Montes හෙවත් Norgay කඳුවැටිය සහ Sputnik Planum හෙවත් Sputnik සානුව ලෙසයි. මෙලෙස මෙමෙ ප්‍රදේශ නම්කොට තිබෙන්නේ ප්‍රථම වරට Everest කඳුවැටිය තරණය කිරීමට එක්වූවන්ගෙන් කෙනෙකු වන Tenzing Norgay සහ මිනිසා විසින් උඩු ගුවනට යවනු ලැබූ ප්‍රථම චන්ද්‍රිකාව වන Sputnik යානය වෙනුවෙනුයි.

NASA ආයතනයට අනුව New Horizon යානය මගින් ගෙන එනු ලැබූ දත්ත තුලින් ග්‍රහලෝක වල නිර්මාණය සහ ඒවායේ තරුණ අවදියේදී හැසිරීම පිළිබඳව බොහොමයක් නව තොරතුරු සොයාගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. කෙසේ නමුත් මේ දත්තයන් තවමත් එක්රස්වෙමින් පවතින නිසා සහ තවමත් ඒවා විශ්ලේෂණය වෙමින් පවතින නිසාත් New Horizones මෙහෙයුම මගින් කල සොයාගැනීම් මාධ්‍ය වෙත අනාවරණය කර නැහැ

NASA ආයතනය මගින් නිකුත්කළ Pluto පෘෂ්ටයේ වීඩියෝපටය පහතින්

Bookmark the permalink.

Comments are closed.