විශාලතම පෞද්ගලික යාත්‍රාව | Biggest private yacht

The Eclipse

වියදම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 800ක් නැතිනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 හා  දිගින් මීටර 222 යනුවෙන් ම පැවසුවහොත් ඔබට මුලුන්ම මතයකට නැගෙනුයේ මගී නෞකාවක් විය හැක. නමුත් මෙම ලිපිය මා ඉදිරිපත් කරන්නේ ලොව විශාලතම පෞද්ගලික යාත්‍රාව (private yacht)පිළිබඳවයි. මහල් හතකින් හා පිහිනුම් තටාක දෙකකින් සමන්විත මෙම නෞකාව 2018 දී සදා නිමකිරීමට නියමිතව ඇත. තවද එය ලොව විශාලම පෞද්ගලික යාත්‍රාව හා මිල අධිකම යාත්‍රාව වශයෙන් වාර්තා පොත් අතරට එක්වීමට නියමිතයි.

 චෙස්ලා පාපන්දු කණ්ඩායමෙහි අයිතිකරු වන Roman Abramovich හට අයත් Eclips යාත්‍රාව මීටර 162 වූ අතර ඉන්පසුව  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සතුව ඇති Azzam  යාත්‍රාවේ දිග මීටර 182 විය. නමුත් දැන් මෙම නවතම  The Triple Deuce යාත්‍රාව ඒ සියල්ලටම ඉදිරියෙන් පවතී. Azzam යාත්‍රාවේ වේගය නාවික සැතපුම් 30ක් (55 kmph) වන අතර එහි ධාරිතාවය අශ්වබල 94,000 වේ මීටර 182ක් දිගින් යුතු නෞකාවකට එය ඉතාමත් හොද වේගයක් වන අතර, Triple Deuce යාත්‍රාව සදහා gas turbine තුනක් මගින්  අශ්වබල 100,000 කට වඩා වැඩි ධාරිතාවයකින් නිෂ්පාදනය කරනු ඇති අතර නාවික සැතපුම් 30ක පමණ (55 kmph) වේගයකින් යාත්‍රාකරවීමට බලාපොරොත්තුවේ.

අමුත්තන් 36 කට පහසුකම් සැපයීමට හැකි මෙහි කාර්යමණ්ඩල 50ත් 70ත් අතර ප්‍රමාණයක්වේ. යාත්‍රා හිමිකරුහට යාත්‍රාවේ මහල් දෙකක් හිමිවනු ඇති අතර එයට කාර්යාල කාමරයක් පෞද්ගලික gym එකක් හා helipad එකක් හරහා කෙලින්ම ඇතුළුවීමේ පහසුකම්ද සහිතවේ.

යාත්‍රාව නිපදවීම ඉදිරි වසර තුල ආරම්භ කිරීමට නියමිත අතර වසර තුනක් පුරා සේවකයින් 500ක් එහි ඉදිකිරීම් කටයුතු වල නිරත වනු ඇත.

Bookmark the permalink.

Comments are closed.