රොබෝ කැමරාකරු | Soloshot

01_soloshot_image_high

ත්‍රාසය දනවන ක්‍රීඩාවන් ලොව තුල පසුගිය කාලයදී හා දැන් ඉතාමත් හොදින් කතාබහ කෙරෙන්නා වූ මාතෘකාවක්. එය ලොව තුල කතා බහ වීමට බලපෑ එක ප්‍රධානතම කාරනාවක් ලෙස Action Camera හා Drone මගින් තැනු අපුරු වීඩියෝ නම්කර හැක. සමාජ වෙබ් අඩවි තුල කෙටිකලකින් ජනප්‍රිය වූ මෙම වීඩියෝ ඔව්න්ගේ නිර්භීතබව, ජවය, හැකියාවන් වෙත නව වටිනාකමක් එක්කිරීම සමත්වුවා. දැන් ඉන් ඔබ්බට යමින් තවත් නවතම නිෂ්පාදනයක් වෙළදපලට එක්ව තිබෙනවා.

Soloshot ලෙස නම්කරඇති මෙය,ඕනෑම කැමරාවක් හා සම්බන්ද කරගත හැකි උපාංගයකි. Tripod mount එක හා කැමරාව අතරට සවි වන මෙම උපකරණය මගින් ඔබට කිසිවකුගේ උපකාරයක් නොමැතිව තමන්ගේම වීඩියෝවක් සාදාගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී කැමරාව සවිවන base එක අක්ෂ දෙකක් තුල හැසිරීමේ හැකියාව ඇති අතර එය හා ගුවන්විදුලි තරංග මගින් සම්බන්ධ වන කුඩා tag එකෙහි පිහිටීම අනුව track කරගැනීම සිදුකරගනු ලබනවා.

මෙහිදී සිදුවනුයේ tag එක ස්වයන්ක්‍රියව track කිරීමට සඳහා baseඑක හැසිරවීමයි. එම හැසිරවීම අනුව යමින් කැමරාවද සැමවිටම tag එක දෙසට හැරී පවතිනවා. තවද tag එක base එකෙන් කොතරම් දුරින් පවතීද යන්න මත කැමරාව ස්වයන්ක්‍රියව zoom කිරීමටද මෙම උපකරණයට හැකියාව ඇත. එබැවින් මෙය සම්පුර්ණයෙන්ම රොබෝ කැමරාකරුවෙක් ලෙස හැදින්වීමේ වරදක් නොමැත.

සම්පුර්ණයෙන්ම මෙය ජල ප්‍රතිරෝධී (Water Resist) නිපැයුමක් වන බැවින් ඕනෑම කාලගුණික තත්වයකදී භාවිතාකිරීමේ හැකියාව පවතිනවා. Mortion Time-laps වීඩියෝ නිපදවීම සඳහාද භාවිතා කර හැකි මෙම උපකරණය ඇමෙරිකානු ඩොලර් 399 කට මිලකර තිබෙනවා.

solo_shot_details

Bookmark the permalink.

Comments are closed.