ආහාර වල තත්වය මනින Smart Bottle Cap

smart-cap

වෙළඳපොලෙන් දියර ආහාර මිලදී ගැනීමේදී මෙන්ම ඔබේම ශිතකරණයේ ඇති දියර ආහාරයන්ගේ තත්වය පිළිබඳව අහාර ඇසුරුම විවෘත නොකර දැනගැනීමේ හැකියාවක් තිබේ නම් කෙතරම් පහසුද. කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සහ තායිවානයේ Chiao Tung විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් පිරිසක් එලෙස විවෘත නොකොට අභ්‍යන්තරයේ පවතින ද්‍රව ආහාර වල තත්වය නිර්ණය කල හැකි නව ඇසුරුමක් ගැන පරීක්ෂණ පවත්වනවා.

මෙහිදී සිදුවන්නේ ඇසුරුමේ පියනෙහි(Smart Bottle Cap එකෙහි) අන්තර්ගත කුඩා විද්‍යුත් පරිපත සහ සංවේදක(sensors) මගින් ආහාර වල තත්වය නිරීක්ෂණය කිරීමයි. මෙලෙසේ නිරීක්ෂණය කෙරෙන දත්ත රැහැන් රහිත තාක්ෂනය ඔස්සේ ඔබගේ ශිතකරනයට හෝ ඔබගේ ජංගම දුරකතනයට ලබා දෙනු ඇති එමගින් ඔබට කුමන ආහාර බඳුන කෙතරම් දුරට නරක්වීමට අසන්න දැයි දැනගැනීමට පුළුවන්. එමෙන්ම මෙම බඳුන් වෙළඳසැලේ පවතින පරිගණකය හා සම්බන්ද කිරීමෙන් නරක්වූ හෝ නරක්වීමට අසන්න මට්ටමේ පවතින ආහාර වෙළඳසැලේ රාක්ක වලින් පහසුවෙන් අඳුනාගෙන ඒවා ඉවත්කිරීමේ හැකියාව වෙළඳසැලේ කාර්ය මණ්ඩලයට හිමිවෙනවා.

මෙහි ඇති තවත් එක් විශේෂත්වයක් වෙන්නේ මෙම ඇසුරුම් පියනෙහි අඩංගු වන විද්‍යුත් පරිපතයන් නිමවා තිබෙන්නේ 3D printing තාක්ෂනයෙනුයි. මෙම තාක්ෂණය නිසා සංකීර්ණ පරිපථයක් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක නිම කිරීමට හැකියාව ලැබෙනවා. ප්රික්ෂකයනේ අදහස නම් මේ පරිපත 3D printing ආකාරයෙන් නිපදවීමේ තාක්ෂණය නිසා විස්යුත් පරිපත ඉතා කුඩාවටත් අඩු පිරිවයකිනුත් නිපදවා ගත හැකිබවයි.

ඔවුන් මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාවක් ද මේ වන විට නිකුත්කොට අවසන්. පහතින් දැක්වෙන්නේ මෙම smart bottle cap එක ක්‍රියාකරන ආකාරය පිලිබඳ සටහනකුයි

smart-cap-2

Bookmark the permalink.

Comments are closed.