Gogoro Smart scooter (චාජ් කිරීම අනවශ්‍යයි)

gogoro | www.techpedia.lk

gogoro | www.techpedia.lk

දැනට වෙළඳ පොලේ ඇති පුර්ණ වශයෙන්ම විදුලියෙන් ධාවනය වන සියලුම වාහන වලට ඇති පොදු ගැටලුවන් නම් බැටරිය නැවත ආරෝපණය කිරීමට ගතවන කාලයයි. එබැවින් එය කොතරම් පරිසර හිතකාමී හා වාසිදායක වුවත් ඇතිවන ප්‍රයෝගික ගැටළු හමුවේ බොහෝ පිරිසක් පුර්ණ විදුලි වාහන සඳහා අකමැත්තක් දක්වනවා. නමුත් දැන් එම ප්‍රයෝගික ගැටළු අවම කරමින් නවතම නිෂ්පාදනයක් හදුන්ව දීමට gogoro නමැති ආයතනය සුදානම්වනවා.

සුප්‍රසිද්ධ ජංගම දුරකථන සමාගමක් වන HTC සමාගමේ හිටපු ප්‍රධාන නව නිපැයුම් නිලධාරි  Horace Luke හා හිටපු ප්‍රධාන තාක්ෂණික නිලධාරිවන  Matthew Taylor දෙදෙනා මෙම නව නිර්මනය හදුන්වා දීමට බලාපොරොත්තු වනවා. තම දැනුම ජංගම දුරකථන වලින් ඔබ්බට රැගෙන ගොස් නිපදවන ලද  මෙම නව නිර්මාණය ලොව ප්‍රවාහන ක්ෂේත්‍රය නව මගකට යොමුකරනු ඇත.

 මෙය විදුලි scooter රථයක් වන අතර එය සම්ප්‍රදායික විදුලි scooter රථයෙන් වෙනස්වනුයේ එහි ඇති බැටරි නිසාවෙනි.  එක් scooter එකකට සම්බන්ධිත බැටරි දෙකක් ඇති අතර ඒවායේ ආරෝපණය අවසන් වීමට ලංවිවිට කලයුත්තේ අදාල බැටරි හුවමාරු මධ්‍යස්ථානය වෙත ගොස් තත්පර 6ක් වැනි කෙටිකාලයකදී බැටරිය මාරු කරගැනීමයි. එම මධ්‍යස්ථානයන් GoStation ලෙස නම් කර ඇති අතර එහිදී බැටරිය ස්වයන්ක්‍රියව අරෝපනයට ලක්වේ.මෙම gostation පුර්ණ ස්වයංක්‍රිය වත අතර බැටරි ලබාදීම හා ලබාගැනීම අවසරලත් පුද්ගලයින්ට සිමාවේ.

Gogoro සමාගම මෙම විශේෂිත lithium-ion බැටරිය Panasonic සමාගමහා එක්ව නිෂ්පාදනය කර ඇති අතර  එය ඉතා පහසුවෙන් සවි කරගත හැකි ලෙස නිපදවා ඇත.  එය එකිනෙක වෙනස් සංවේදක (sensors) 25ක් මගින් පාලනය කර හැකි අතර NFC සම්බන්ධතාවන් හා ආරක්ෂක උපාංගයක් ලෙස 256bit ආරක්‍ෂිත කෙතයකින්ද සමන් විත වේ. එබැවින් එමගින් විදුලිය ලබාගැනීමද අවසරලත් පුද්ගලයින්ට පමණක් සිම්වේ.

තත්පර 4.2 කින් 0 – 50 kmph  දක්වා ළඟාවිය හැකි මෙම scooter රථයට හැකි අතර 6400W මෝටරයකින් සමන්විතයි. තවද එහි උපරිම වේගය 95 kmph වන අතර 40kmph   වේගයකින් ධාවනයේදී  100 km තරම් දුර බැටරි හුවමාරුවකින් තොරව ධාවනයේ යෙදිය හැක.

නගරබද ධාවනයට සුදුසු මෙම පද්ධතිය නුදුරේදීම තායිපේ නුවරට හදුන්ව දීමට නියමිතව ඇත. මෙහිදී ජංගම දුරකථනය සමග scooter එක සම්බන්ධ කර හැකි app එකක් ද ඔව්න් නිර්මාණය කර ඇත.එමගින් බැටරිය මාරුකිරීමට අවශ්‍යවුවිට ලගින්ම පිහිට ඇති gosataion එක දක්වා මග පෙන්වීම, තව කොපමණ දුරක් යාමේ හැකියාව ඇතිද යන්න scooter එකෙන් පරිබාහිරව දැනගැනීමේ හැකියාවත් ලැබේ.

මෙම scooter රථයක් ඇමෙරිකානු ඩොලර් 4066 කට මිල කර ඇති අතර  එයට වසර දෙකක් දක්වා නොමිලේ බැටරි හුවමාරු කිරීමේ අවසරයද ලැබේ. එනම් එය වසර දෙකක් සඳහා ඉන්ධන සමගම scooter එක මිලදී ගැනීමකි. තායිපේ නගරයෙන් ආරම්භ කරන මෙය පසුව San Francisco වැනි නගර සඳහාද හදුන්වාදීමට බලාපොරොත්තුවේ.

gogoro-electric-scooter-offers-easy-fast-batter-swap-videophoto-gallery_1

 

 

 gogoro-store-2015-06-04-11

Bookmark the permalink.

Comments are closed.