වායුගෝලයේ CO2 ඉවත්කරන Carbon Engineering

Carbon Engineering | www.techpedia.lk

Carbon Engineering | www.techpedia.lk

ගෝලීය උණුසුම ඉහළයාම දිගින් දිගටම සිදුවන්නක් එමෙන්ම CO2 එසේත් නොමැතිනම් කාබන්ඩයොක්සයිඩ් වායුව මේ ගෝලීය උණුසුම ඉහල යාම කෙරෙහි බලපාන ප්‍රධාන සාදකයක්. මෙලෙස දිගින් දිගටම ගෝලීය උණුසුම ඉහල යාම නිසා ඇතිවන මුහුදු මට්ටමේ ඉහළයාම කුඩා දුපත් වලට අහිත කර ලෙස බලපාන බව අපි මිට පෙර සටහනකින් ඔබේ වෙත ගෙන අවා. මේ ගැටලුවට ලෝකයේ බොහෝ පිරිස් විසඳුම් සොයනවා.

කාබන්ඩයොක්සයිඩ් වායුව නිකුත්වන මෝටර් රථ වෙනුවට විදුලියෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ,  යතුරුපැදි භාවිතයට ගැනීම ඉහල නැංවීම මේ සඳහා එක් සාර්ථක විසඳුමක් වනු ඇතිබව බොහෝ දෙනාගේ අදහසක්. එමෙන්ම සුර්ය ශක්තිය කාර්යක්ෂමව ගබඩාකොට තබාගත හැකි tessla power wall වැනි නිෂ්පාදනයන් වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමද මේ සඳහා හොඳ විසඳුමක් වනු ඇති බව පරීක්ෂකයන්ගේ අදහසයි.

කෙසේ වෙතත් අපට 100% CO2 වායුව නිකුත් වීම නවත්ත්වන්න ඉතා අපහසුයි මන්ද 100% සුර්ය ශක්තියෙන් බලගැන්විය නොහැකි බොහෝ දේවල් මිනිසාට අද වන විට නැතිවම බැරි උපාංග බවට පත්ව තිබෙන නිසා. උදාහරණයක් ලෙස ගුවන් යානය දක්වන්න පුළුවන්. දැනට පවතින ධාරිතාවම ඔසවාගෙන යාහැකි 100% සුර්ය ශක්තියෙන් පණගැන්වෙන ගුවන් යානයක් නිපදවීම ඉතා අසීරු කටයුත්තක්.

වයුගොලිය CO2 ප්‍රතිශතය අඩුකිරීමට මීළඟට ඇති හොඳම විසඳුම නම් වැඩි වැඩියෙන් වනාන්තර නැවත වගා කිරීමයි. ශාක ප්‍රභාසංස්ලේෂණය සිදුකිරීමේදී වාතයේ ඇති CO2 උරාගනු ලබනවා. නමුත් අප විසින් දැනට නිපදවන CO2 ප්‍රමාණය මෙලෙස අවශෝෂණය කරගැනීමට නම් අතිවිශාල වගාබිම් ප්‍රමාණයක වනාන්තර නැවත වගාකිරීමට සිදුවෙනවා. එවිට සිදුවන්නේ මුළු ලෝකයටම දැඩි අහාර හිඟයකට මුහුණ දීමටයි.

කෙසේ වෙතත් මේ වැඩිවන වයුගොලිය CO2 ප්‍රමාණය කෘත්‍රිමව ඉවත් කිරීමේ ක්‍රමයක් දැන් carbon engineering  නමැති ආයතනය විසින් හඳුන්වාදී තිබෙනවා. මේ වනවිට එහි ක්‍රියාකාරී ආකෘතියක් (prototype) සාර්ථකව ක්‍රියා කරමින් තිබෙනවා. මෙහිදී සිදුවන්නේ වායුගෝලයෙන් උරාගන්නා ලබන වාතය සුවිශේශිවු ද්‍රවණයක් සමග ගැටීමට සැලසීම මගින්  CO2 අනු ඒම ද්‍රවණය තුලට අවශෝෂණය කර ගැනීමයි. ඉන් පසුව ඒම ද්‍රවනයෙන් CO2 වායුව නිස්සරණය කරගෙන එය වෙනම ගබඩාකොට තැබෙනු ඇති. මෙමෙ විශේෂ ද්‍රාවනය නැවත නැවත භාවිතයට ගත හැකි එකක්.

දැනට නිමකොට තිබෙන්නේ prototype එකක් පමණක් උනත් carbon engineering ආයතනය මම නිෂ්පාදනය වාණිජ මට්ටමට ගෙන ඒමට අදහස් කරමින් පවතිනවා. ඔවුන්ට අනුව ඔවුන්ගේ සුවිශේෂී CO2 අවශෝෂණය කරන ද්‍රවණය හරා යන වාතයේ ඇති CO2 වලින් 80% පමණ උරාගැනීමේ හැකියාවක් ඒම ද්‍රවනයට තිබෙනවා. ඔවුන් පවසන පරිදි මේ prototype ඒක ආකාරයේ යන්ත්‍ර කැමති ප්‍රමාණයක් එකිනෙක සම්බන්ද කර අවශ්‍ය ආකාරයට භාවිතයට ගැනීමේ හැකියාව පවතිනවා.  මේ අපුරු නිර්මාණය මිනිසා විසින් වායුගෝලයට එක් කරන CO2 ප්‍රමාණය අඩුකිරීමට බොහෝ සෙයින් ඉවහල්වනු ඇතිබව ඔවුන්ගේ අදහසයි.

carbon engineering ආයතනය නිකුත් කල video ව පහතින්

Bookmark the permalink.

Comments are closed.