OnePlus2

oneplus2

OnePlus2 | techpedia.lk

OnePlus2 දුරකථනය පසුගියදා වෙළඳපොළට නිකුත් වුනා. 2015 වර්ෂයේදී OnePlus One දුරකථනය නිකුත් වන අවස්ථාවටත් වඩා විශාල පිරිසක් මෙවර OnePlus2 දුරකථනය නිකුත් වෙනතෙක් බලාසිටියා ඒ වෙන කිසිවක් නිසා නොවයි OnePlus One දුරකතනයට ලැබුණු ප්‍රතිචාර නිසා. OnePlus One දුරකතනයේ සාර්ථකත්වය දුටු බොහෝදෙනා ප්‍රකාශකර සිටියේ OnePlus2 දුරකථනය වඩාත් නවමු මුහුණුවරක් ගනු ඇති බවටයි.

OnePlus2 දුරකථනය නිකුත් වනතෙක් බලාසිටි සෑම දෙනාම පුදුමයට පත් කරමින් පසුගියදා  OnePlus2 දුරකථනය නිකුත් වුනා. සැබවින්ම එය සිතුවාටත් වඩා ඉහල නිමාවක් සහ ඉහල features වලින් සමන්විත එකක් බව බොහෝ දෙනා එකඟ වෙනවා. techpedia අපි මේ අලුත්ම දුරකතනයේ විස්තර ටිකක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා.

OnePlus2 හි අඩංගු දේ

  1. 8-core Snapdragon 810 processor එකක්
  2. Nano-SIM දෙකක් ඇතුල්කිරීමේ හැකියාව
  3. Type-c USB
  4. ඇඟිලි සලකුණු කියවනය (fingerprint reader)
  5. 1080p අඟල් 5.5 ක display එක
  6. 13-megapixel OmniVision කැමරාව (මෙහි optical image stabilization සහ laser focusing අඩංගුවේ)
  7. GB4 ක ධාරිතාවයකින් යුතු RAM එක
  8. GB64 ක් දක්වා ඉහල දැමිය හැකි දත්ත ගබඩාව

ඉහත දැක්වෙන්නේ OnePlus2 හි අඩංගු දෑ අතරින් සුවිශේෂී වූ අංග කිහිපයක් පමණයි.

Snapdragon™ 810 යනු ජංගම දුරකථන සඳහා මේ වනවිට පවතින සුපිරිම ගණයේ processor එකක්. මේවා හඳුන්වනු ලබන්නේ  Connected computing processors ලෙසයි මෙහි CPU එකක් GPU එකක් මෙන්ම තවත් බොහෝ උපාංග අඩංගු වෙනවා Qualcomm® Snapdragon™ 810 ප්‍රොසෙසරය CPU Core 8 කින් සමන්විතයි තවද එය 64-bit ප්‍රොසෙසරයක් මෙම processor ඒකට 3-D gaming මෙන්ම 4K Ultra HD videos පවා කිසිදු අපහසුවකින් තොරව හැසිරවිය හැකි. මේ තත්වය laptop එකක් සමග සංසන්දනය කරනවා නම් අද වෙළඳපොලේ පවතින සමහර laptop පරිගණකවලට පවා 4K Ultra HD video එකක් ධාවනය කිරීම තරමක් අපහසු කාර්යයක්. මේ නව Snapdragon™ 810 processor එකේ වඩාත් සුබිශේෂී ලක්ෂණය වෙන්නේ එය සාපේක්ෂව අඩු විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය ගැනීමයි එනම් මේ සියලුම පහසුකම් අත්විඳින අතරතුර ඔබේ බැටරියද දිගු කාලයක් රඳා පවතිනු ඇති.

නව OnePlus2 දුරකථනයේ  Type-c USB සම්බන්ධකයක් අඩංගු වෙනවා. ඔබ නිතර දකින USB සම්බන්දකය හඳුන්වනු ලබන්නේ Type-A සම්බන්ධකයක් ලෙසයි Type-c සම්බන්ධකය ප්‍රමාණයෙන් කුඩායි. අලුතින් නිෂ්පාදනය වන බොහොමයක් පරිගණක විශේෂයෙන්ම laptop පරිගණක වල අඩංගු වන්නේ මෙමෙ Type-C ආකාරයේ USB සම්බන්දකයි. අනාගතයේ නිර්මාණය වන බොහොමයක් උපාංග වල මේ ආකාරයේ සම්බන්දක අඩංගු වනු ඇත.  OnePlus2 දුරකථනය  අනාගතය සඳහා නිර්මාණය වුවක් බව කියාපෑමට ඇති හොඳම උදාහරණයක් ලෙස මෙය දක්වන්නට පලුවන්.

fingerprint reader එහෙම නැතිනම් ඇඟිලි සලකුණු කියවනයක්ද OnePlus2 දුරකථනයෙහි අඩංගු වෙනවා. දුරකතනයේ පහල කොටසේ විශාල බොත්තමක් ලෙස දක්නට ලැබෙන්නේ මේ fingerprint reader එකයි. මෙමගින් ඔබගේ ජංගම දුරකතනයට වඩා හොඳ ආරක්ෂාවක් ලැබෙනු ඇති.

OnePlus2 හි ප්‍රධාන කැමරාව 13-megapixel OmniVision වර්ගයේ කැමරාවක් මෙහි focus ඒක ක්‍රියාත්මක වනු ලබන්නේ laser එකක් අදාරයෙන් ඒ නිසා වඩාත් පැහැදිලි චායාරුප ලබාගැනීමේ හැකියාව පවතිනවා. පහත දැක්වෙන්නේ OnePlus One එකෙහි සහ OnePlus2 එකෙහි චායාරුප අතර ඇති වෙනසයි.

oneplus1-2-image quality

OnePus One and OnePlus2 image comparison | techpedia.lk

OnePlus2 එකෙහි RAM ඒක ධාරිතාවයෙන් 4GB වන අතර එය LPDDR4 වර්ගයේ RAM එකක්. මේ LPDDR4 වර්ගයේ RAM සාපේක්ෂව අඩු විදුලියක් පරිභෝජනය කරන අතර ඉතා ඉහල වේගයක් මේ LPDDR4 RAM එකක දැකිය හැකි. ඒ අනුව OnePlus2 දුරකථනය ඉතා ඉහල වේගයකින් ක්‍රියාකරනු ඇති සිතිය හැකියි.

OnePlus2 සහ එහි අඩංගු තාක්ෂණික කරුණු පිළිබඳව ඉදිරි සටහනකින් තවදුරටත් කතාකිරීමට techpedia අපි බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් දැනට ඇති කරුණු අනුව කීමට නැත්ම් ඇත්තේ OnePlus 2 දුරකථනය සැබවින්ම ජංගම දුරකථන ලොවේ විශාල වෙනසක් කරනු ඇති බවයි. මේ දුරකථනය $329 සිට ඉහලට මිලදිගන්නට පුළුවන්. එහි අඩංගු පහසුකම් සමග සැසඳීමේදී එය ඉතා ලාබදායි මිලක් ලෙස සටහන් කිරීමට පුළුවන්.

කෙසේවෙතත් OnePlus2 එකක් මිලදීගැනීමට ඔබට අරයුමක්(invitation) එකක් අවශ්‍ය වෙනවා. තවමත් සාමාන්‍ය ජනයාට invitation නිකුත් කිරීම ආරම්භ කර නැහැ. එය අගෝස්තු මාසයේදී සිදුවනු ඇති බවටයි ආරංචි වෙන්නේ. OnePlus2 දුරකථනය හෝ invitation ලබාගැනීම පිළිබඳව ඔබට ඇති ගැටළු comment එකක් ලෙස සටහන් කරන්න.

Bookmark the permalink.

Comments are closed.