Google Chromecast | Smart TV එකක් ඔබේ නිවසටත්

Google-Chromecast

Google Chromecast | www.techpedia.lk

Google Chromecast යනු ඔබේ පැරණි රුපවාහිනිය smart TV එකක් බවට පත්කරගැනීමේ අපුරු උපකරණයක්. Smart TV එකක් අද බොහෝ දෙනෙක් ගේ සිහිනයක් වෙලා. ඔබේ දැන් තිබෙන රුපවාහිනිය ඉවත් නොකරම එය Smart TV එකක් බවට පත්කරගැනීමේ හැකියාවක් තිබෙන Google Chromecast උපාංගය ගැන විස්තර ගෙන එමටයි අපේ මේ සුදානම.

Google Chromecast යනු USB dongle එකක් මෙය සවිකිරීමට ඔබගේ රුපවාහිනියේ HDMI port එකක් අවශ්‍යවෙනවා. Gogle Chromecast ඒක රුපවාහිනියට සම්බන්ද කල පසු ඒ මගින් Smart TV එකක ඇති පහසුකම් ඔබේ සාමාන්‍ය රුපවහිනියටද ලබාදෙනවා. මෙය භාවිතා කිරීමේදී ඔබට ඔබේ ජංගම දුරකථනය, ටැබ් එක එහෙමත් නැත්නම් laptop එක remote එක විදියට භාවිතා කරන්න පුළුවන් දැනට Google Chromecast එකත් සමග භාවිතයට ගත හැකි apps වල list එකක් ඔබට මෙහිදී බලාගන්න පුළුවන්. Google Chromecast එකට තිබෙන අභියෝගයන් වන්නේ Apple TV සහ Amazon සමගම නිෂ්පාදනය කල  Fire TV,  Fire TV Stick යන නිර්මාණයි. නමුත් මේවාට වඩා Google Chromecast ඒකට වඩා ඉහල ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විස්වාස කරනවා ඒ වෙන කිසිවක් නිසා නොවෙයි Google සමගම විසින් මෘදුකාංග නිරමාණ කරුවන්ට Google Chromecast එකට නව apps නිර්මාණය කිරීමේ අවස්තාව සලසාදී තිබීම නිසයි. එනම් ඔබ මේ apps නිමානය කිරීමට දන්නවානම් Google Chromecast එකට ඔබට අවශ්‍ය apps ඔබටම නිර්මාණය කරගැනීමේ හැකියාවක් පවතිනවා

Chromecast එක භාවිතයට ගැනීම ඉතා සරලයි ඔබට අවශ්‍ය සියලුම උපදෙස් මේ link  එකෙන් ලබාගන්න පුළුවන්. Chromecast එක set up කරගත් පසු එයත් සමග ගැලපෙන සියලුම apps වල ‘cast’ යනුවෙන් සටහන් කල ඉතා කුඩා සලකුණක් දැකගත හැකි වෙනු ඇති. ඔබට කරන්නට ඇත්තේ ඒ සලකුණ මත click කිරම පමණයි දැන් ඒ app එක ඔබේ රුපවාහිනී තිරයේ දිස්වනු ඇති. ඔබ භාවිතා කරන්නේ Google Chrome නම් ඔබගේ web pages නැරඹීමටද ඔබට රුපවාහිනියම භාවිතයට ගැනීමේ හැකියාව Google Chromecast ඔබට ලබාදෙනවා. ඒ සඳහා ඔබට කරන්නට තිබෙන්නේ කුඩා extension එකක් ඔබේ chrome browser එකට install කිරීම පමණයි.

Google Chromecast එකට සිටින විශාලම තරඟකරුවා වන්නේ Apple සමගම විසින් නිෂ්පාදිත Apple TV උපකරණයයි. Apple TV එක පිලිබඳ විස්තරයක් අපි ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි. Apple TV උපකරණයේ ඇති සුවිශේෂත්වය වන්නේ ඒ හරහා ඔබට Apple iTunes ඒකට පිවිසීමට ඇති හැකියාවයි. එහි අන්තර්ගතය ඉතා විශාල සහ බොහෝ දෙනෙක් ප්‍රිය කරන නිසා Apple TV Google Chromecast ඒකට විශාල තරඟයක් ලබාදෙනවා. නමුත් Google සමගම Google Chromecast ඒකට apps නිර්මාණය කිරීමට ලබාදී ඇති ඉඩ නිසා සහ Google Chromecast එකහි සාපේක්ෂ අඩු මිල ($35) නිසා ළඟදීම ඔබගේ ආලින්දයට අන්තර්ජාලයේ video ගෙන ඒමේ ප්‍රමුඛතම මාධ්‍යයක් බවට Google Chromecast පත්වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *