Wireless carjacking | මෝටර් රථ පැහැරගැනීමේ නවතම කලාව

carjacking

Wireless carjacking | www.techpedia.lk | photo credit WIRED

පාරේ ධාවනය වන මෝටර් රථයක් අන්තර්ජාලය හරහා hack කරන අයුරුත් ඒ මගින් මෝටර් රථයේ සියලු පද්දතීන් hacker වරයා විසින් පාලනයට නතු කරගනු ලබන ආකාරයත් අපි බොහෝ දුරට holywood චිත්‍රපටි ඔස්සේ නරඹා ඇත. නමුත් මේ සටහන සැබෑ ලෝකයේ එවන් සිද්දියක් සිදුවූ අවස්ථාවක් පිළිබඳවයි.

මේ සිද්දිය වාර්තා වන්නේ ඇමරිකාවේ St. Louis නගරයේදීයි, මේ සිදුවීමට මුහුණදී තිබෙන්නේ Andy Greenberg නමැති පුද්ගලයායි. ඔහු  wired  නමැති සඟරාවේ කතෘ වරයෙක් ලෙස සේවය කරනවා. ඔහුගේ මෝටර් රථය hack කර තිබෙන්නේ Charlie Miller සහ Chris Valasek නමැති අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ පරීක්ෂණ පවත්වන පරීක්ෂකයන් දෙදෙනෙකු විසින්. ඔවුන් මෙවන් සිද්දීන් හඳුන්වන්නේ Wireless carjacking යනුවෙනුයි.  මේ hack කිරීම පෙර සුදානම් වී සිදුකරන ලද එකක්. ඔවුන් මෙය සිදුකර ඇත්තේ නවීන මෝටර් රථ අන්තර්ජාලය හරහා ඇතිවන මෙවන් තර්ජනවලට කෙතරම් පහසුවෙන් ගොදුරු වනවාද යන්න පිලිබඳ නිදර්ශනයක් ලෙස දැක්වීමටයි.

Greenberg තාම මෝටර් රථය ධාවනය කරන අතරතුරදී නිවසේ රැඳී සිටින hacker වරුන් දෙදෙනා විසින් මෝටර් රථයේ සියලුම ක්‍රියාකාරිත්වයන් තාම පාලනයට නතුකරගන්නවා. මෝටර් රථයේ රේඩියෝව AC ඒක මෙන්ම එන්ජිම සම්පුර්ණයෙන්ම ක්‍රියා විරතිත කිරීමේ හැකියාවද මොවුන්ට ලැබෙනවා. මිට අමතරව මෝටර් රථයේ සුක්කානමේ පාලනයද දොරවල් නැවත විවෘත කර ගත නොහැකි වනසේ අගුලු දැමීමටද  hacker වරයාට  හැකියාවක් පවතින බවට Charlie සහ Chris පෙන්වාදෙනවා.

Charile සහ Chris මේ පිලිබන්දව බොහෝ අධ්‍යනයන් සිදුකොට තිබෙනවා. ඔවුන්ට අනුව Greenberg ගේ මෝටර් රථය තාම පාලනයට ගත්පසු තමන්ට කල හැකි දේ දුටු පසු ඔවුන් පවා පුදුමයට පත්වී තිබෙනවා. කෙටියෙන්ම කියතොත් hacker වරයාට මෝටර් රථය තාම පාලනයට ගත් පසු ඉතා විශාල විනාශයක් සිදුකිරීමේ හැකියාව පවතිනවා.

Greenberg ගේ මෝටර් රථය Chris සහ Charile ගේ පාලනයට නතුව තිබෙන්නේ අන්තර්ජාලය පදනම්ව ක්‍රියාත්මක වන විනෝදාස්වාද(entertainment) පද්දතියක් වන Uconnect පද්දතිය මගින්. මෙවන් පද්දතීන් බොහොමයක් නවීන මෝටර් රථවල අඩංගු වෙනවා. මෝටර් රථ නිෂ්පාදකයන් මෙවන් පද්දති තම නිපැයුම් වලට එකතු කරන්නේ මෝටර් රථය භාවිත කරන්නන්ගේ පහසුව උදෙසායි. නමුත් මේ පරීක්ෂණයන්ට අනුව මෙමෙ පද්ධතීන් මෝටර් රථයේ ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල කරන බව පැහැදිලි වෙනවා.

Charile සහ Chris පෙන්වා දෙන්නේ ලෝකය පුරා අති විශාල මෝටර් රථ ප්‍රමාණයක් මෙලෙස අවධානමක පවතින බවයි. ඔවුන්ගේ අදහස නම් මෝටර් රථ නිෂ්පාදකයන් මෙන්ම මෝටර් රථ සඳහා විවිධ පද්දතීන් නිර්මාණය කරන සමාගම්ද මෙවන් කරණා පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමුකළයුතු බවයි. එමෙන්ම මෝටර් රථ පරිභෝජකයන්ද මේ කරුණු පිළිබඳව වඩා අවධානයකින් කටයුතු කලයුතු බව ඔවුන්ගේ අදහසයි.

Charile සහ Chris මේ පිලිබඳ වාර්තාවක් Def Con security conference නමැති සමුළුවට ඉදිරිපත් කිරමට නියමිතයි.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *