Windows 10 වලට ඔබේ පරිගණකය නිවැරදිව upgrade කරගන්න

windows_10

Windows 10 පසුගියදා කලඑළි බැස්සා. බොහෝ දෙනා මේ අලුත් Windows මෙහෙයුම් පද්දතිය අත්හදා බැලීමට බලා සිටිනවා. ඔබට දැනටමත් Windows 7 හෝ Windows 8 මෙහෙයුම් පද්දතියක් තිබෙනවා නම් ඔබට නොමිලේම ඔබගේ මෙහෙයුම් පද්දතිය  Windows 10 දක්වා upgrade කරගැනීමේ අවස්ථාව Microsoft සමගම විසින් ලබාදී තිබෙනවා. අද අපි ඔබට කියන්නේ නිවැරදි ආකාරයට ඔබේ පවතින Windows 7 හෝ Windows 8 මෙහෙයුම් පද්දතිය upgrade කරගන්නා ආකාරයයි.

සියල්ලටම ප්‍රථම ඔබ කලයුත්තේ ඔබගේ අත්‍යවශ්‍ය සහ වටිනා දත්ත වල back up එකක් තබාගැනීමයි. Windows upgrade කිරීමේ ක්‍රියාවලිය කෙතරම් ආරක්ෂාකාරී උවත් ඔබගේ වටිනා දත්ත ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යයි.

මින්පසුව ඔබ කලයුත්තේ Windows 10 මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය අවම තත්වයන් ඔබගේ පරිගණකය තුල තිබේදැයි බැලීමයි. Windows 10 මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වීම සඳහා අවම වශයෙන් අවශ්‍ය වන්නේ පහත කරුණුය

  • 1GHz processor එකක්
  • 1GB of RAM  එකක් (64-bit මෙහෙයුම් පද්දතියක් සඳහා නම් 2GB  RAM එකක් අවශ්‍ය වෙනවා)
  • 20GB නිදහස් ධාරිතාවක් (free space එකක්)

Windows 10 මෙහෙයුම් පද්දතියට ඔබේ දැන් පවතින windows මෙහෙයුම් පද්දතිය upgrade කරගැනීමට අවශ්‍යනම් ඔබ ප්‍රථමයෙන්ම Windows 10 upgrade එකක් වෙන්කරගත යුතු වෙනවා. ඒ සඳහා ඔබගේ system tray එකෙහි ඇති “Get Windows 10” යනුවෙන් සටහන් කොට ඇති icon ඒක click කරන්න.  මේ මගින් ඔබට windows 10 upgrade එකක් වෙන්කරගත හැකියි. මෙසේ upgrade ඒක වෙන්කරගත් පසුව ඔබගේ upgrade එක සුදානම් වූ පසුව  ඔබට එය notification එකක් මගින් දැනුම් දෙනු ඇති. එවිට ඔබට කරන්නට ඇත්තේ notification ඒක මත click කර installer ඒක run කිරීම පමණි. ඉන්පසුව windows 10 මෙහෙයුම් පද්ධතිය ඔබගේ පරිගණකය තුල ස්ථාපිත වනු ඇති.

මේ ක්‍රියාවලිය තරමක් වෙලාව ගතවන එකකක් වීමට පුළුවන්. මන්ද ඔබ upgrade එකක් reserve කර සැනින් ඔබගේ upgrade ඒක ලැබේවි යැයි 100% සහතික විය නොහැකි නිසාය. සමහර විට ඔබට දින කිහිපයක් වුවත් බලා සිටීමට සිදුවන්නට පුළුවන්. එසේ දිගු වෙලාවක් බලා නොසිට ඉක්මනින් Windows 10 upgrade එකක් කරගැනීමේ මාර්ගයක්ද පවතිනවා.

පළමුව මෙතනින් Microsoft’s Media Creation Tool ඒක download කරගන්න ඉන් පසුව එය run කර ලැබෙන Select Edition නම් මෙනුවෙන් Windows 10 තෝරා ක්‍රියාත්මක කරන්න. දැන් “Upgrade this PC” යනුවෙන් සටහන් කොට ඇති option  එක තෝරාගන්න. දැන් ඔබගේ පරිගණකයට Windows 10 ස්ථාපිත වීම ආරම්භ වෙනු ඇති. upgrade එක අවසන් වනතුරු සිටින්න. ඉන් පසුව ඔබට නවතම Windows 10 අත්දැකීමක් ලබාගන්න පලුවන්.

මෙම free upgrade එක වලංගු වන්නේ තව වසරක කාලයක් සඳහා පමණයි. ඒ නිසා ඔබට Windows 10 වලට ඔබගේ පරිගණකය upgrade කරගැනීමේ අදහසක් පවතිනවානම් එය 2016 ජුලි මස 30 වනදාට ප්‍රථමව සිදුකරගන්න අමතක කරන්න එපා.

Winsows 10 upgrade කරද්දී ඔබට ගැටළුවක් ඇතිවුවහොත් එය comment එකක් ලෙස සටහන් කොට යන්න අමතක කරන්න එපා. techpedia අපි ඔබට උදව් කිරීමට සුදානම්.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *