Google loon දැන් ශ්‍රී ලංකාවේ

project-loon

google loon | www.techpedia.lk

Google loon ගැන අපේ රටේ දැන් වැඩිපුර කතාබහ වෙනවා ඒ google loon ව්‍යාපෘතිය අපේ රට තුල ක්‍රියාත්මක කිරීමට google loon ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය තීරණය කිරීමත් සමගයි. මේ සම්බන්ද ගිවිසුම් වලටද පසුගියදා අත්සන් තැබූ බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුනා. මේ සටහනින් අප ඔබ වෙතට ගෙන එන්නේ google loon හි සැබෑ ක්‍රියාකාරිත්වයයි සහ එහි පසුබිමයි.

බොහෝදෙනා සිතන්නේ මේ වනවිට ලෝකයේ සියලුදෙනා අන්තර්ජාලයට සම්බන්දවි ඇතැයි කියා වුනත් සත්‍ය වශයෙන්ම එය එසේ නොවෙයි. ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් වැනි විශාල ප්‍රමාණයකට  තවමත් අන්තර්ජාලයට සම්බන්ද වීමේ හැකියාවක් නැහැ. මිට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ අන්තර්ජාල සම්බන්දතා ප්‍රවර්ධකයන් (Internet Service Providers එහෙම නැත්නම් ISP ලෙසත් ඔවුන් හඳුන්වනවා)   හට වඩා දුෂ්කර ප්‍රදේශයන් වලට වඩා හොඳ අන්තර්ජාල පහසුකමක් ලබාදීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීමයි. සාමාන්‍යයෙන් අන්තර්ජාල පහසුකම් හෝ දුරකථන පහසුකම් ලබාදීමට ISP සමාගම් භාවිතා කරන්නේ cables එළිම හෝ රැහැන් රහිත (3G, 4G වැනි) තාක්ෂනයන් භාවිතා කිරීමයි. ලෝකයේ දුෂ්කර භූගෝලීය පිහිටුම් වල cable දීම හෝ රැහැන් රහිත තාක්ෂණයන්ට අවශ්‍ය කුළුණු ඉදිකිරීම් හා ඒවා යාවත්කාලින කිරීම ඉතා අපහසු කාර්යයක් මේ නිසා බොහෝ ISP සමාගම් මෙවන් ප්‍රදේශවලට තාම ආවරණය පුළුල් කිරමට එතරම් උනන්දුවක් දක්වන්නේ නෑ.

google loon යනු මෙවන් අවස්ථාවන් සඳහා Google සමගම විසින් ඉදිරිපත්කොට ක්‍රියාත්මක කරගෙන යනු ලබන ව්‍යාපෘතියක්. මෙහිදී සරලව සිදුවන්නේ ඉතා ඉහල වායුගෝලයේ රඳවනු ලැබූ බැලුන මගින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය වන යටිතල පහසුකම් ලබාදීමයි. මේ එක බැලුනයක් අපි එදිනෙදා දකින signal tower එකකට සමාන කරන්න පුළුවන්. මේ බැලුන වල කාර්යය එයට සමානයි. මේ බැලුන මගින් ඉහල වායුගෝලයේ network එකක් නිර්මාණය කෙරෙනවා එමගින් ISP සමාගම් වලට කුළුණු නොමැතිව රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ තම සේවාවන් පුළුල් කිරීමේ හැකියව පවතිනවා.

පහත දැක්වෙන්නේ මෙම බැලුන් මගින් ඉහල අහසේ network එකක් නිර්මාණය වන ආකාරය සහ ඒවා මගින් අන්තර්ජාල සම්බන්ධකම් ලබාගැනීමට හැකිවන ආකාරයයි.

google-project-loon-designboom00

how google loon connects people | www.techpedia.lk

google loon ව්‍යාපෘතියේ මේ බැලුන් ගමන්කරන්නේ ගුවන් යානා ගමන් ගන්නා උස මෙන් දෙගුණයක පමණ උසකින් එනම් 20km පමණ උසකින්. වායුගෝලයේ මේ කොටස පරිවර්තී ගෝලය (stratosphere) ලෙස හඳුන්වනවා. වායුගෝලයේ මේ තරම් උසකදී අපට සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන කැළඹිලි ස්වභාවයන් අඩුයි. ඒ වෙනුවට දකින්නට ඇත්තේ එකිනෙකට විරුද්ධ දිශාවට ගමන් ගන්නා සුළං ප්‍රවාහයන්. google loon හි බැලුන තමන්ට අවශ්‍ය ස්ථානය කරා ගමන් කිරීම සඳහා උපයෝගී කරගන්නේ මේ සුළං ප්‍රවාහයන්. පරිවර්තිය ගෝලය තුල වයුගොලිය කැළඹිලි ස්වභාවයන් අඩුවුනත් තවත් බොහෝ දුෂ්කරතාවයන් එහි පවතිනවා. මේ කොටස තුල වයුගොලිය පීඩනය මුහුදු මට්ටමේ පීඩනය මෙන් 1% පමණ වන අතර වායුගෝලය ඉතා තුනී ස්වභාවයක් ගන්නවා මේ නිසා පාරජම්බුල කිරණ (UV rays) වලින් විශාල බලපෑමක් ඇතිවෙනවා. පරිවර්තිය ගෝලයේ උෂ්ණත්වය සමහර අවස්ථාවලදී -80°C තරම් පහල බහිනවා. google loon ව්‍යාපෘතියේ බැලුන් නිර්මාණය කොට තිබෙන්නේ මේ සියලුම පාරිසරික තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයටයි. නවතම වාර්තා අනුව මෙමෙ බලුනයකට දින 100 දක්වා ඉහල අහසේ රැඳී සිටීමේ හැකියව පවතිනවා.

පහත දැක්වෙන්නේ මම බැලුන් සහ ඒවා ගමන් ගන්නා උස පිලිබඳ සාපේක්ෂ රුපයක්

google-project-loon-designboom04

google loon at stratosphere | www.techpedia.lk

google loon බැලුනයක් ප්‍රධාන කොටස් 3කින් සමන්විතයි එනම්

  • විද්‍යුත් උපකරණ ඉහලට ගෙන යන බැලුනය (balloon envelope)
  • විද්‍යුත් ශක්තිය ලබාදෙන සුර්ය පැනල
  • සනිවෙදන කටයුතු සිදුකරන කොටස

මෙම balloon envelope ඒක නිපදවා තිබෙන්නේ polyethylene plastic මගින් සම්පුර්ණයෙන් වාතයෙන් පිරුණු පසු මෙය මීටර් 15 පමණ පළල වන අතර මීටර් 12 පමණ උසකින් යුක්ත වෙනවා. බැලුනය පහලට ගැනීමට අවශ්‍ය වූ විට සෙමෙන් සෙමෙන් වායුව ඉවත් කිරම මගින් බැලුනය පහලට ගත හැකි අතර හදිසි ආපදාවකදී ක්‍රියාත්මක වීම සඳහා parachute එකක්ද මෙය සතු වෙනවා.

google loon ඒක ක්‍රියාත්මක වන්නේ එහි අඩංගු වන සුර්ය පැනල මගින් ජනනය වන විද්‍යුත් ශක්තිය මගින්. මෙම සුර්ය පැනල නිමවා ඇත්තේ ඉහල කාර්යක්ෂමතාවයකින් යුත් monocrystalline solar cells භාවිතයට ගනිමිනුයි. හොඳින් සුර්යාලෝකය ලැබෙන මොහොතක වොට් 100 ක පමණ විදුලියක් නිපදවීමේ හැකියාව මේ සුර්ය පැනලයන්ට තිබෙනවා. සුර්ය ශක්තිය භාවිතය සහ එහා මෙහා ගමන්කිරීමට සුළං බලය යොදාගන්නා නිසා google loon යනු 100% පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වන උපකරණයක්.

සනිවෙදන කටයුතු කරන කොටස පිහිටා තිබෙන්නේ බලුනයේ පහලට වන්නටයි. මේ මගින් විද්‍යුත් සංඥා ග්‍රහණය, ඒවා වර්ධනය සහ නැවත බෙදාහැරීම සිදුවෙනවා. 

google loon යනු සැබවින්ම වටිනා ව්‍යාපෘතියක්. බැලුනයක් යනු අපි බොහෝ දෙනාට නිතර දක්නට ලැබෙන වටිනාකමින් අඩු දෙයක් නමුත් google සමගම මේ අදහස වැඩි දියුණු කරමින් අද වන විට ලෝකයටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩසටනකට මුලුපුරා තිබෙනවා. මේ හරහා නුදුරේදීම මුළු ලෝකයම අන්තර්ජාලය ඔස්සේ සම්බන්ද වීමට අවස්ථාවක් උදා වනු ඇති.

google loon ව්‍යාපෘතිය පිලිබඳ ඔබේ අදහස් comment එකක් ලෙස සටහන් කොට යන්න අමතක කරන්න එපා.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *