Aquila | Facebook සමාගමේ අන්තර්ජාල drone යානය

aquila_line-jpeg

Aquila, Facebook’s Internet Drone | www.techpdia.lk

Google සමාගම මගින් ක්‍රියාත්මක කරන Google loon ව්‍යාපෘතිය ගැන අපි මිට කලින් ඔබට විස්තර ගෙන අවා. එහි අරමුණ දුෂ්කර ප්‍රදේශ වලට අන්තර්ජාල සම්බන්දතාවය ලබාදීමටයි. දැන් Facebook සමාගම මගිනුත් එවන්ම ව්‍යාපෘතියක් එලි දක්වා තිබෙනවා. මේ ව්‍යාපෘතිය නම් කොට තිබෙන්නේ internet.org ලෙසයි. මේ ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ඔවුන් පසුගියදා drone එකක් අත්හදා බැලුවා මේ drone එක නම්කොට තිබෙන්නේ Aquila ලෙසයි.

Aquila drone යානය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 18ත් 24ත් අතර උසක සිට ක්‍රියාත්මක වනු ඇති. මේ drone යානය අන්තර්ජාල සේවා සපයන මද්‍යස්ථානයක් සමග සම්බන්ද වී එම සම්බන්දතාවය අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශ පුරා විසිරුවා හරිනු ඇති. මේ drone යානා කිහිපයක් එකට සම්බන්දවි drone network එකක් සැදීම මගින් වඩාත් විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව පවතිනවා. මෙලෙස එකිනෙක සම්බන්ද වන drone යානා අතර දත්ත හුවමාරුව සිදුවන්නේ laser කිරණ මගින් මේ නිසා මේ drone වලට සැතපුම් 10 පමණ දුරක සිට වුවත් තප්පරයට ගිගාබිට් 10(10 gigabits per second) පමණ දත්ත හුවමාරු වේගයක් ලබාගැනීමට පුළුවන්.

මෙම drone යානයක් බරින් සාමාන්‍ය මෝටර් රථයකටත් වඩා බරින් අඩුයි නමුත් එහි තටු දෙක අතර උපරිම දුර(wingspan එක) Boeing 737 ගුවන්යානයක wingspan එකට සමාන වෙනවා.  මෙහි බොහොමයක් කොටස් නිපදවා තිබෙන්නේ carbon fiber වලින්. ඒ නිසා මේ drone එකට අඩු බරකින් විශාල ශක්තියකින් යුත් සැකිල්ලක් ලැබෙනවා. Aquila drone යානය ක්‍රියාත්මක වන්නේ සුර්ය ශක්තියෙන් එහි විශාල පියාපත්වල සුර්ය පලනල අඩංගු වෙනවා. මේ drone යානයට මාස 3 ක කාලයක් උඩුගුවනේ රැඳී සිටීමට පුළුවන් බව එය නිර්මාණය කල ඉංජිනේරුවන් පවසා තිබුනා.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *