මොකක්ද මේ lexus hoverboard එක?

the-lexus-hoverboard-is-real-this-is-how-it-works-01

Lexus සමාගම මිට මාස කිහිපයකට පෙර පවසා සිටියා ඔව්න් hoverboard (#lexushover) එකක් නිර්මාණය කල බව. එය කොතරම් කුතුහලය දනවන සුළු දෙයක් වුවත් ඔව්න් ඒ පිළිබඳව  වැඩිදුර තොරතුරු මාධ්‍යට පලකරේ නැහැ. නමුත් මේ සතියේ ඔව්න් තම නිර්මාණය පිළිබඳව දැනුම්දෙමින් hoverboard එකේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. අප මේ ලිපිය ඉදිරිපත් කරන්නේ hoverboard එක තුල යොදාගන්නා තාක්ෂණය අහ එහි අපුර්වත්වය ඔබ වෙත ගෙනඒමටයි. හිතන්න, ස්කේට්බෝඩ් එකක්  පිළිබඳව, නමුත් එහි රෝද නොමැත, ඔබට එය මත සිටගෙන පාවියාමට හැකියාව ඇත. ඔබගේ බර දරාගෙන එය පොළවෙන් අඟල් 1ක් 2ක් පමණ ඉහලින් පිහිටාවී. දැන් මෙය තවත් අනාගතයේදී අත්විඳීමට සිදුවන තාක්ෂණයක් නොව අප දැන් සිටින්නේ  එම  අනාගතයේ.

මෙම lexus hoverboard එක ප්‍රධාන වශයෙන් carbon fiber වලින් නිර්මාණය කර ඇති අතර එය අලංකාර කිරීම සඳහා උණබට යොදාගෙන තිබෙනවා මෙහිදී ඔව්න් වැඩිවශයෙන් අවධානය යොමුකර ඇත්තේ අඩු බරකින් යුතුව මෙය නිර්මාණය කිරීමටයි. මෙහි පාවීම මුළුමනින්ම රඳාපවතින්නේ එහි ඇති සුපිරි සන්නායක (super-conductors) මුලද්‍රව්‍ය හා චුම්භකය මතයි. මෙහිදී  Hendo Hoverboard එකේදීමෙන් විචල්‍ය විද්‍යුත් චුම්භක බාවිතා නොවන අතර එම හේතුව නිසා බැටරියක් හෝ කිසිදු වෙනත් ශක්තිප්‍රභවයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන එකම දෙයනම් සන්නායක මුලද්‍රව්‍ය සුපිරි සන්නායකයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය සිසිල් කිරීම සිදුකිරීමට ද්‍රව නයිට්‍රජන් (liquid nitrogen) පමණයි.

 

මෙහිදී භාවිතාවන තාක්ෂණය  quantum levitation ලෙස හදුන්වන අතර එය පිළිබඳව කෙටි හැදින්වීමක් මෙතැනින් බැලීමට පුළුවන්. දැනට මෙය පුර්ණ ක්‍රියාකාරී තත්වයේ ඇති මුත් කරන කිහිපයක් නිසා මෙය සාමාන්‍ය skate board එකකින් සුළුවශයෙන් වෙනස්වනවා. ඉන් එක් කාරණාවක් නම් මෙය ගමන් කරවීමට තඹ ලොහයෙන් සැදු track එකක් තිබිය යුතු වනවා. ඉහත වීඩියෝවේ ඔබ එය දකින්නට ඇති. තවද සිසිලනයට අවශ්‍ය වන ද්‍රව නයිට්‍රජන් අවසන්වුපසු පාවීම නවතින අතර නැවතත් එයට නයිට්‍රජන් පිරවීම සිදුකරයුතුයි. මිට අමතරව මෙහි විකිණුම් මිල ඇමෙරිකානු ඩොලර්  10,000 පමණ වෙතයි lexus සමගම ප්‍රකාශ කර ඇති අතර තවද ඔබට තඹ වලින් track එකක් හෝ පොලවක්ද සාදාගැනීමට සිදුවනවා. නමුත් යම්දිනක සාමාන්‍ය උෂ්නතවයේ පවතින සුපිරි සන්නායක මුලද්‍රව්‍යක් සොයාගත් දිනකදී මෙම තාක්ෂනය ලොව ප්‍රවාහන සේවාවන් උඩුයටිකුරු කරනු ඇතිබවනම් නොඅනුමානයි.

hoverboard_lexus_GS_F-1

 

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *