The Ocean Cleanup System

tsushimacamera4

දැනට දලවශයෙන් ගණන් බල ඇති ප්‍රමාණය අනුව ලොව තුල විවිධ වූ නිෂ්පාදනයන් සඳහා ප්ලාස්ටික් ටොන් මිලියන 300  දිනකට නිපදවනු ලබනවා. මේ නිපදවන සියලුම දේවල් යම්දිනක බාවිතයෙන්  ඉවත්වන බව අප සියල්ලන්ම හොදින් දන්නා කාරණාවක්. ඉන්පසු  මේවා ට සිදුවන්නේ කුමක්ද ? පරිසරවේදීන් පමණක් නොව අප සියලුදෙනා අවධානය යොමුකරයුතු කරුණක් වශයෙන් මෙය හැදින්වීමට පුළුවන්.  අප ඉවතලන ප්ලාස්ටික් බැගයක් දිරායාමට අවම වශයෙන් අවරුදු 10ක් 20ක් වත් ගතවනඅතර  ප්ලාස්ටික් බෝතලයක් සඳහා අවමය වසර 450ක් නමුත් මිට අමතරව බැරලෝහ කොටස් අඩංගු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට සිදුකරන විනාශය අතිමහත්. කෙසේවෙතත් දැන් ලොවපුරා රටවල් මෙම ගැටළු සඳහා විසදුම් සොයමින් පවතිනවා. අද අප රට තුලත් ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීකරණය ඉතාමත් ලාබදායි ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.

නමුත් බොහෝවිට මෙලෙස ප්‍රතිචක්‍රීකරණයට යොමුවන්නේ රට තුල නැතිනම් ගොඩබිම තුල පවතින ද්‍රව්‍යයි. එය ඉතාමත් කුඩා ප්‍රමාණයක් වන අතර බහුතරය ඇළමාර්ග ගංගා තුලින් මුහුද වෙත ගෙනයනවා. මෙලෙස මුහුවට එක්වන අපද්‍රව්‍ය නැවත එකතුකිරීමක් සිදුවන්නේ නැ. වසර ගණනාවක් මුහුදේ පවෙමින් පවතින මෙම අපද්‍රව්‍ය සමුද්‍ර ජීවින් හා සමුද්‍ර පරිසර පද්ධතින් වලට දැඩි බලපෑමක් ඇති කරනවා. මෙය අවමකිරීම සඳහා එම සමුද්‍රීය අපද්‍රව්‍ය එකතුකිරිමට නවතම නිර්මාණයක් කිරීමට අවරුදු 20ක් වන තරුණයෙක් සමත්ව  තිබෙනවා. නමින් Boyan Slat වන මොහු The Ocean Cleanup සමාගමේ විධායක නිලධාරියා ලෙස හා නිර්මාතෘ ලෙස කටියුතු කරනවා. වයස අවරුදු 17දි පාසැල් ව්‍යාපෘතියක් වශයෙන් ඇරඹු මෙය දැන් ලොව පුරා කතාබහට ලක්වන ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙනවා

TechnologyTexts

මෙහිදී ඔව්න් සිදුකරනු ලබන්නේ මුහුදේ පවතින දියවැලක්  (sea current)  හදුනාගෙන එහි මග හරස්කරමින් පාවෙන V හැඩයගත්   දිහින් මීටර 2000 වන බාහු දෙකක් සවිකිරීමයි. එහිදී දියවැල සමග ඇදීඑන ප්ලස්තික් පොලිතින් එහි සිරවීම සිදුවනවා. එහි ඇති V හැඩය නිසා එම එකතුවන දෑ එහි මැදට එකවුපසු එකතුකරගැනීම සිදුකීමට පුළුවන්. මෙමගින් මුහුදු ජීවින් සඳහා කිසිදු බලපෑමක් ඇතිනොවන අතර  වසර කිහිපයක පර්යේෂණයන් වලට පසුව මෙය ලබන වසර මුලදී ජපානයේ සවිකිරීමට නියමිතයි. තවද මෙහි සක්‍යතා වාර්තාවන්ට( feasibility report) අනුව මෙවැනි එකක 50ක් එනම් කිලෝමීටර 100ක් දිගැති බාහු යොදාගැනීම මගින්  වසර 10ක් තුල ප්ලාස්ටික් පොලිතින් අපද්‍රවය කිලෝග්‍රෑම් මිලියන 70ක් ඉවත්කිරීමට බලාපොරොත්තු වනවා.

 

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *