Artificial Intelligent Billboard | ඔබේ සිතැඟි හඳුනාගන්නා දැන්වීම පුවරුව

Artificial Intelligent Billboard

Artificial Intelligent Billboard | www.techpedia.lk

දැන්වීම යනු අද ලෝකයේ බහුලව භාවිතා වන ප්‍රචාරණ මාධ්‍යයක්. නොයෙකුත් වෙළඳ භාණ්ඩ ප්‍රචාරණය සඳහා භාවිත වන දැන්වීම ඔබ කොතෙකුත් දැක ඇති. මීට ටික කලකට පෙරදී නම් දැන්වීමක් යනු හුදෙක් කඩදාසියක් මත මුද්‍රණය කල එකක් පමණක් උනා. නමුත් දැන් අපට digital දැන්වීම් පුවරු නිතර නිතර දක්නට ලැබෙනවා. අද බොහොමයක් ජනාකීර්ණ නගරවල බස් නැවතුම් වල මේ digital දැන්වීම් පුවරු සවිකොට තිබෙනු ඔබට දකින්නට පුළුවන්. මේවායේ ඇති දැන්වීම් මොහොතින්ම් මොහොත වෙනස්වනවා ඔබ දැක ඇතිවාට සැකයක් නැහැ. බොහෝවිට අපි කිසිවෙක් මේ දැන්වීම කෙරෙහි එතරම අවදානයක් දවන්නේ නැහැ. එසේ වන්නේ මෙලෙස පෙන්වන දැන්වීම ඔබට කිසිදු සමීපතාවයක් නොමැති නිසයි.

නමුත් ඔබගේ සිතේ පවතින අදහස් අනුව වෙනස් වන දැන්වීම් පුවරුවක් දුටුවොත් ඔබට කුමක් සිදුවේවිද. අනිවාර්යයෙන් ඔබ ඒ දෙස බලා සිටිනවා නොඅනුමානයි. මෙවන් දැන්වීම් පුවරු ඔබ කොතෙකුත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල දැක ඇතිවාට සැකයක් නැහැ. නමුත් දැන් මෙවන් දැන්වීම පුවරු විද්‍යා ප්‍රබන්ධ චිට්‍රපටවලින් ඔබ්බට ගොස් සත්‍ය ලෝකයට ඇතුල්වී අවසානයි.

මේ නවතම සොයාගැනීම සිදුකර තිබෙන්න්නේ M&C Saatchi නමැති වෙළඳ දැන්වීම් සමාගමයි. මෙහිදී සිදුවන්නේ නරඹන්නාට නොදැනෙන ආකාරයෙන් දැන්වීම පුවරුවට සවිකොට ඇති Microsoft Kinect එකක් මගින් දැන්වීම පුවරුව ඉදිරිපිට සිටින්නාගේ මුහුණෙහි ඉරියව් නිරීක්ෂණය කෙරෙනවා. ඉන් අනතුරුව දැන්වීම පුවරුව හා සම්බන්ධ කොට තිබෙන Artificial Intelligent program එකක් මගින් ඔබගේ මුහුණෙහි ඉරියව් අඳුනාගෙන ඔබ සිටින්නේ කුමන ආකාරයේ මානසික මට්ටමකද (සතුටින්ද, දුකින්ද වැනි) යන්න තීරණය කොට ඊට අනුරුප ආකාරයේ වෙළඳ දැන්වීමක් දැන්වීම් පුවරුව මත සටහන් කිරීමයි.

දැනට මෙම  Artificial Intelligent Billboard එකේ පරීක්ෂණ ආකෘති කිහිපයක්  London නුවර ක්‍රියාත්මක වෙනවා. M&C Saatchi සමාගමට අනුව නම් දැනටමත් මේ   සඳහා ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඔවුන්ගේ අදහස හැකි ඉක්මනින් මෙය වෙළඳපොළට නිකුත් කිරීමටයි. එමෙන්ම මේවනවිට ඔවුන් නරඹන්නාගේ මුහුණෙහි ඉරියව් නිරීක්ෂණය කිරීමට අමතරව සමාජ දේශපාලන මෙන්ම විලාසිතා වැනි විවිධ වූ ක්ෂේශ්ත්‍ර වල පවතින අලුත්ම trends analyse කිරීම පවා සිදුකරනවා. මිට අමතරව ඔවුන්ගේ ඊළඟ බලාපොරොත්තුව දැන්වීම නරඹන්න කතා කරන භාෂාව අදුනාගැනීමේ හැකියාව මෙම Artificial Intelligent Billboard එකට ලබාදීමටයි. ඒ අනුව ඔබ කතා කරනු ලබන භාෂාව අනුව දැන්වීම් පුවරුවේ සටහන් වන දැන්වීම මෙනස් වනු ඇති.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *