Huawei Honor 7i | flip camera

huawei-honor-7i

Huawei Konor 7i | www.techpedia.lk

Huawei සමාගම ඊයේ දින චීනයේ බිජිං නුවරදී තම නවතම නිෂ්පාදනය වන Honor 7i ජංගම දුරකථනය හදුන්ව දෙනු ලැබුවා. මෙහිදී ඔව්න් දැන් සීග්‍රයෙන් ජනප්‍රියව පවතින selfie  පිළිබඳව තම අවධානය යොමුකර තිබෙනවා. දැනට පවතින බොහෝ ජංගම දුරකථන වල front camera එක එතරම් හොද නිමාවකින් යුතු selfie ලබාදීමට අපොහොසත් වන අතර එයට විසදුමක් ලෙස front camera එක ලෙස වැඩි megapixel ගණනක් සහිත camera එකක්   බාවිතයේදී  ජංගම දුරකථනය මිලෙන් වැඩිවීම නොවැලැක්විය හැකි කරුණක්.

එබැවින් ඔව්න් තම නවතම Honor 7i දුරකථනය megapixel 13ක ඉදිරියට හා පසුපසට හැසිරවිය හැකි ආකාරයේ කැමරාවක් සවිකොට තිබෙනවා. එය   f/2.0 aperture එකක්, මිලිමීටර 28ක wide angle lens එකක් හා dual-tone LED flash එකකින්ද සමන්විතයි. මිට අමතරව octa-core Snapdragon 616 චිප්සෙට් (4 x 1.5 GHz + 4 x 1.2 GHz) එකකින් සමන් විත මෙය බොහෝ දුරට අනෙකුත් අංග වලින්  Honor 7 දුරකථනයට සමාන කම් දක්වනවා  අඟල් 5.2ක 1080p IPS displayඑකක්, 3GB of RAMඑකක්, 32GB දක්වාවූ internal storage, සමග 3100 mAh battery, හා  Nano SIM slots දෙකකින්ද සමන්විත වේ. finger print reader එකක්ද සමගින් හදුනවදෙන මෙය චීන වෙළඳපොලේ  2GB RAM, 16GB of internal storage මාදිලිය ඇමෙරිකානු ඩොලර් 250ක් හා 3GB RAM, 32GB of internal storage මාදිලිය ඇමෙරිකානු ඩොලර් 300ක් වනබව වාර්තාවී තිබෙනවා

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *