විදුරු 3D printing

3d-printing

3D printing | www.techpedia.lk

3D printing යනු අද ලෝකයේ කාගේත් අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවක්. අද බොහෝ දේවල් 3D printing මගින් නිර්මාණය වෙනවා. සෙල්ලම් බඩු  වල සිට විද්‍යුත් පරිපත දක්වා අද මේ තාක්ෂනය තුලින් නිර්මාණය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ විදුරු අමුද්‍රව්‍යක් ලෙස භාවිත කරමින් විදුරු වලින් 3D printing කරන අපුරු 3D printer එකක් පිළිබඳවයි.

මේ අපුරු නිර්මාණය සිදුකොට තිබෙන්නේ ඇමරිකාවේ Massachusetts Institute of Technology එහෙමත් නැත්නම් MIT ආයතනයේදී.  මේ 3D printer එකෙන් නිර්මාණය වන විදුරු නිර්මාණ වල වර්ණය මෙන්ම පාරදෘශ්‍ය තාව වෙනස් කරමින් වෙනස් වෙනස් නිර්මාණ කිරීමේ හැකියාව මේ උපකරණයට තිබෙනවා. මේ උපකරණයේ ප්‍රධාන කොටස් දෙකක් අඩගු වෙනවා ඉන් ප්‍රථම කොටස වන්නේ 1000°C පමණ උෂ්ණත්වයේ පවතින ද්‍රව බවට පත්වූ උණුසුම් විදුරු රඳවා තබාගන්නා කොටසයි. විදුරු සාමාන්‍යයෙන් දෘඩ ද්‍රව්‍යයක් විදුරු වලින් යම් නිෂ්පාදනයක් කිරීමට නම් එය ඉතා ඉහල උෂ්ණත්වයකට භාජනය කර ද්‍රව් බවට පත්කොට ගත යුතු වෙනවා. මේ සඳහා විශේෂයෙන් නිර්මාණය වූ උඳුන් තිබෙනවා. මේ 3D printer එකේදී මතුවන ගැටලුව වන්නේ අවශ්‍ය ආකෘතිය print කර අවසන් වන තෙක් ද්‍රව බවට පත්කරන ලද විදුරු සිසිල් නොවී තබා ගැනීමයි. මේ ද්‍රව බවට පත්කරන ලද විදුරු රඳවා තබාගැනීම සඳහා ඔවුන් විශේෂ බහාලුමක් භාවිත කරනවා. එහි රුප සටහනක් ඔබට පහතින් බලාගත හැකියි. මෙහි Klin ලෙස සටහන් කොට තිබෙන්නේ ඒ උණුසුම් ද්‍රව විදුරු රඳවා තබාගන්නා කොටසයි.

3d-glass-printer

මේ 3D printer එකේ මීළඟ ප්‍රධාන කොටස වන්නේ Klin එකේ  අඩංගු ද්‍රව විදුරු වලින් අවශ්‍ය නිර්මාණය සිදුකරන කොටසයි. මෙය ඉහත රුප සටහනේ Klin කොටසට පහලින් දක්වා තිබෙනවා. මෙහිදී සිදුවන්නේ කුඩා සිදුරකින් ද්‍රව විදුරු වැස්සීමට සලස්වා එම සිදුර අවශ්‍ය පරිදි එහා මෙහා ගෙනයාමෙන් අවශ්‍ය පරිදි විදුරු නිර්මාණය සිදු කිරීමයි. මෙය බොහෝ දුරට සාමාන්‍ය 3D printer එකක ක්‍රියාකාරිත්වයට සමාන වෙනවා. විශේෂ කරණය වන්නේ මේ සියලු කොටස් ඉතා ඉහල උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට නිපදවා තිබීමයි.

කුඩා සිදුරෙන් වැස්සෙන විදුරු ක්ෂණිකව සිසිල් වෙනවා මේ මගින් නිර්මාණයේ ආකෘතිය බාහිර ආධාරකයක් නොමැතිව ආරක්ෂා කරගැනීමට පුළුවන්. ද්‍රව විදුරු වස්ස්සෙන සිදුරේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීම මගින් එය තුලින් විදුරු වැස්සෙන ආකාරය වෙනස් කල හැකියි මේ මගින් විදුරු නිර්මාණය තුලින් ආලෝකය ගමන්ගන්නා ආකාරය වෙනස්කිරීම කල හැකි වන අතර ඒ තුලින් විවිද ආකාරයේ අලංකාර නිෂ්පාදන කිරීමේ හැකියාවක් තිබෙනවා.  පහත දැක්වෙන්නේ මෙලෙස නිර්මාණය කරන ලද විදුරු නිෂ්පාදන කිහිපයක්

gl6-1024x615

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *