Wireless Car Charging (දුවනගමන් charge කරමු )

lead_large

බැටරියේ අරෝපණය ප්‍රමාණවත් නොවීම  හා ආරෝපණය කිරීමට ගතවන කාලය වැඩිවීම විද්‍යුත් වාහන භාවිතා කරන්න සැමටම ගැටළුවක් වන අතර එවැනි මොටර් රථයක් මිලදීගැනීමට යාමේදී ඉහත කරුණු දෙකම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයිනට අවාසිදායක පරිසරයක් නිර්මාණය කරනවා. නමුත් අරෝපනයට කාලයක් ගත නොවන gogoro skooter එක සම්බන්දයෙන් මිට පෙර අප ඔබට පැවසුවා මතක ඇති. අද අප ඔබට ගෙන එන්නේ මෝටර් රථ සඳහා බ්‍රිතාන්‍යයෙන් ගෙන ඒමට බලාපොරොත්තු වන විසදුමක් සම්බන්දයෙන්

මෙහිදී ඔව්න්ගේ අදහස වන්නේ එරට ඇති ප්‍රධානතම අධිවේගී මාර්ගවලට නව විද්‍යුත් මෝටර්රථ ධාවන තීරුවක් එක්කිරීමයි. මෙහිදී එම ධාවන තීරුවේ විශේෂත්වයක් පවතිනවා. එනම් එම ධාවන තීරුවේ ධාවනය වන විද්‍යුත් මෝටර්රථ wireless car charger එකක් මගින් charge කිරීමයි.එම ධාවන තිරුව අභ්‍යන්තරයේ charge කිරීම සඳහා අවශ්‍ය coils සවිකරන අතර ඒවා එයට සම්බන්ද කොට ඇති charger මගින් ක්‍රියාත්මක කරනු ලබනවා. එහිදී මෝටර්රථ නවතවාගෙන charge කිරීමට අවශ්‍ය නොවන අතර එය ගමන් ගන්න අතරම නැවත අරෝපනය කිරීමද සිදුවනවා. එමගින් විද්‍යුත් මෝටර් රථ සඳහා වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාව ලැබෙන අතර  නැවත ආරෝපණ කිරීම සඳහා ගතව කාලයද අවම වනවා.

ඔව්න් මේ සඳහා ශක්‍යතා අධ්‍යනයක්ද නිම කර ඇති අතර එය මෙතනින් ලබාගන්න (5.64MB). මෙමගින් ඔව්න් පරිසර හිතකාමී මෙවැනි මෝටර් රථයන් මිලදීගැනීමට මිනිසුන් දිරිගැන්වීම සිදු කරන අතරම විද්‍යුත්  මෝටර් රථයක් භාවිතා කිරීම මගින් වාර්ෂිකව ඉන්ධන සඳහා යන මුදල් ප්‍රමාණය ඉතා විශාල වශයෙන් අඩුකර ගත හැකි බවද පෙන්වා දෙනවා.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *