3D Printed Hand

open-bionics

3D printing යනු අද ලෝකයේ බොහොමයක් කතා බහට ලක්වන එමෙන්ම විශාල පරීක්ෂණ ප්‍රමාණයක් සිදුවන මාතෘකාවක්. මෙට පෙර අපි ඔබට විදුරු අමුද්‍රව්‍යක් ලෙස ගෙන 3D printing සිදුකරන අලුත් නිරමාණයක් ගැන විස්තර ගෙන අවා. විවිධ මනුෂ්‍ය අවයව 3D printing ඔස්සේ නිර්මාණය කිරීමට ලෝකයේ බොහෝ පරීක්ෂකයන් උත්සහ දරනවා. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ එවන් මනුෂ්‍ය අවයව 3D printing මගින් නිර්මාණය කල අවස්ථාවක් පිළිබඳවයි.

කෘතීම අවයයව, විශේෂයෙන්ම කෘතීම අත්, පා නිෂ්පාදනය දිනෙන් දින වැඩිදියුණු වෙනවා. මිට වසර ගණනකට තිබුනාට වඩා මේ ශේෂ්ත්‍රය ඉතා දියුණු මට්ටමකට පවතිනවා. නමුත් මෙලෙස නිර්මාණය වන කෘතීම අවයව වල මිල ඉතා අධිකයි. මෙවන් අවයව නිතර නිතර මාරු කිරීමට සිදුවීම සාමාන්‍ය අදායමක් ඇති කෙනෙකුට දරාගැනීමට තරමක් අපහසුයි. නමුත් කුඩා දරුවන්ට සවිකොට ඇති මෙවන් කෘතීම උපාංග ඔවුන් කෙමෙන් කෙමෙන් වර්ධනය වීමේදී නිතර නිතර මාරු කිරීමට සිදුවෙනවා. එය ඇත්තටම වියදම් අදික ක්‍රියාවක්. මේ ගැටලුවට විසඳුමක් සෙවීමට කෘතීම උපාංග නිෂ්පාදන සමාගමක් වන Open Bionics නමැති සමගම ඉදිරිපත්ව තිබෙනවා.

ඔවුන්ගේ මුලකෘති නිර්මාණය(prototype) එක ඉතා සාර්ථක වී තිබෙනවා. ඔවුන් ගේ මෙම prototype එක Dyson Award නමැති සම්මානය පවා දිනාගෙන තිබෙනවා. ඔවුන් මේ සඳහා යොදාගන්නේ 3D printing තාක්ෂණයයි.  Open Bionics සමාගමට අනුව දින දෙකක් ඇතුලත ඔබටම සුවිශේෂී වූ කෘතීම අතක් (3D printed hand එකක්) නිර්මාණය කරගැනීමට පුළුවන්. මෙමෙ කෘතීම අතක මිල ලෙස සඳහන් වන්නේ $3,000 ක මුදලක්. සාමාන්‍යයෙන් සෙලවිය හැකි ඇඟිලි සහිත කෘතීම අතක් $31,000 ක් පමණ වන අතර එය නිර්මාණය කිරීමට සති දෙකක පමණ කාලයක් ගත වෙනවා.

මේ කෘතීම අතකට කුඩා කුඩා වස්තුන් අල්ලා ගැනීමේ හැකියාව පවා පවතිනවා. මේ කෘතීම අත තුල මෝටර් සහ සංවේදක පද්දතියක් අඩංගු වෙනවා මේවා මගින් අතෙහි චලනයන් පාලනය කරනවා. මෙමෙ කෘතීම අතෙහි ඇඟිලි වල අඩංගු වන සංවේදක මගින් අත කිසියම් වස්තුවකට ලංවන විට මෝටර් වල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම මගින් එම වස්තුවට සිදුවිය හැකි හානි අවම කෙරෙනවා.

open-bionics-2

තවමත් මේ නිෂ්පාදනය පවතින්නේ පරීක්ෂණ මට්ටමේ. ඉදිරියේදී මේ නිර්මාණය තව දුරටත් වැඩි දියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා ඒ මගින් වඩා සහනදායි මිලකට හොඳ මට්ටමේ කෘතීම අත් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *