ශ්‍රී ලංකාව තුල අඩු වයසින් මිය යාමට ප්‍රධානතම හේතුව ?

අඩු වයසින් මිය යාම

අඩු වයසින් මිය යාම | www.techpedia.lk

අපගේ පාඨකයින් බොහොමයක් වයස 18ත් 23ත් අතර පසුවන බැවින් අප මෙම ලිපිය ඉදිරිපත් කිරීමට සිතුවා. ඔබ දන්නවාද ? දිනකට පුද්ගලයින් 150,000 කට අසන්න ප්‍රමාණයක් ලොවපුරා මියයන බව. නමුත් එම මරණ වලින් යම් බහුතරයක් වයස් ගතවීම නිසා පැමිණෙන රෝගාබාධ වලින්වුවත් ඉන් යම් ප්‍රමාණයක් අඩු වයසින් සිදුවන මරණයි.
පර්යේෂකයින් සියගණනක් ලොව පුරා අඩු වයසින් සිදුවන මරණ පිළිබඳව දත්තයන් එකතු කොට ඒවා විශ්ලේෂණයෙන් පසුව ලොව පුරා රටවල් අනුව  අඩු වයසින් මිය යාමට ප්‍රධාන හේතුව සමග ඔවුන් පහත   සිතියම නිර්මාණය කර තිබෙනවා.

මෙහිදී අපට දැකිය හැකි කරුණක් නම් අප  රට තුලද යුරෝපය හා ඇමෙරිකානු රටවල් මෙන් හදවත් රෝගයන් නිසා සිදුවන තරුණ මරණ වැඩිබවයි. ඔබ ජිවත් වන රට අනුව ඔබගේ ජීවිතය  සැපවත් වීම මෙන්ම මරණය ගෙන ඒමට සමත් වන හේතුවද එය තුලම සැඟවී ඇත. උදාහරණ ලෙස  අප්‍රිකාව සලකුවිට විධිමත් සෞඛ්ය පහසුකම් නොමැති වීම නිසා කොලරාව, මැලේරියාව වැනි රෝග මගින් අඩුවයසින් මරණයට පත් වන අතර සෞදි අරාබිය වැනි රටවල වැඩිපුරම මරණ වාර්තාවන්නේ මාර්ග අනතුරු වලිනි. ලොවපුරා ඇති නැති පරතරය මතින් දිවෙන මෙම අවාසනාවන්ත කතාන්දරය   පිළිබඳව මානව පැහැදිලි කරන වීඩියෝවක් පහතින් ඇති අතර එය තුලින් ඔබට මෙම කරුණ පිලිබදව හොද අවබෝධයක් ඇති කර ගැනීමට හැක.

කෙසේ වෙතත් අවසානයේදී කීමට ඇත්තේ යහමින් තෙල් සහිත කෑම හා අධික සිනි සහිත කෑම පරිබෝජනය කොට දවසපුරා පරිඝනකය ඉදිරියේ වාඩිවීසිට හවසට නිවසට ගොස් නිදාගැනීමෙන් මිදීමට කාලය පැමිණ ඇති බවයි

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *