පාවෙන විදුලි බලාගාරය | floating turbine

floating-turbine

floating turbine | www.techpedia.lk

උදම් රල මගින් විදුලිය ලබාගැනීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉතාමත් ඉහල කතාබහකට ලක්වන්නක්. ඊට හේතුවක් වන්නේ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති මෙන් නොව උදම් රල වල පිහිටීම සහ ගමන් ගැනීම කල්තියාම ගණනය කල හැකි වීමයි. සුර්ය ශක්තිය හෝ සුළං බලය මගින් සාර්ථකව විදුලිය නිෂ්පාදනය කලත් එම බලශක්ති ප්‍රභවයන් ගේ හැසිරීම කල්තියා හඳුනා ගත නොහැකි වීම ඒවා විශාල වශයෙන් භාවිත කිරීමට භාදාවක් වී තිබෙනවා. නමුත් උදම් රල එසේ නොවෙයි උදම් රල ඇතිවන්නේ චන්ද්‍රයාගේ ක්‍රමානුකුල ගුරුත්වාකර්ෂණ බලපෑම නිසයි. එම නිසා උදම් රල වල ක්‍රියාකාරිත්වය බොහෝ දුරට කලින් නිර්ණය කිරීමට පුළුවන්.

උදම් රල මගින් ශක්තිය ලබාගැනීමට ඇති ප්‍රධානම භාදකය වී තිබුනේ වතුරේ ගිලි පවතින උදම් රල මගින් විදුලිය නිපදවන විදුලි උත්පදකයන් ගොඩනැගීම සඳහා ඉතා විශාල මුදලක් වැයවිමයි. මෙලෙස අදික වියදමක් නොදරා උදම් රල මගින් විදුලිය නිපදවිය හැකි ක්‍රමයක් දැන් යෝජනාවී තිබෙනවා. මෙහිදී සිදුවන්නේ ඔබ සාමාන්‍යයෙන් දැක තිබෙන සුළං විදුලි බලාගාරයක පෙති සහිත කොටසට සමාන කොටසක් ජලයේ ගිල්වනු ලබන අතර එය ජලය මත පාවෙන කොටසකට සවිකොට තිබෙනවා. එවිට මේ පාවෙන උදම් රල විදුලි බලාගාරයේ පෙති උදම් රල පහරින් කැරකැවෙන අතර ඒ මගින් විදුලිය නිපදවීම සිදුවෙනවා.

මුහුදු පතුලේ සවිකරන ලද turbines වලට වඩා මෙම floating turbine එක බරෙන් අඩුවන අතර නිෂාදන වියදම සහ සවිකිරීමේ වියදමද ඉතා අඩුයි. එමෙන්ම මේවා පහසුවෙන් එහා මෙහා කල හැකි නිසා වැඩිම විදුලියක් ලබාගත හැකි ස්ථානයක් කරා මෙම පාවෙන විදුලි බලාගාර ස්ථානගත කිරීමද ඉතා පහසුයි.

මෙම අදහස ඉදිරිපත් කොට තිබෙන්නේ University of Hull හි ආචාර්ය උපාධිය හදරන සිසුවෙකු වන Ross Jennings විසින්. මේ අදහස පිලිබඳ වැඩි විස්තර මෙමෙ ලින්ක් එකෙන් ඔබට ලබාගන්න පුළුවන්.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *