iPad Pro and Apple පැන්සල

apple-pencil-feature-510x0

“Today we have the biggest news in iPad since the iPad,”  මේ  මෙවර ඇපල් සමාගමේ CEO “Tim Cook” iPad Pro එකහදුන්වා දෙමින් සිදුකල ප්‍රකාශයයි. මෙම ප්‍රකාශය සනාථ කරමින් ඔව්න් මෙව්වර ප්‍රමාණයෙන් විශාල iPad එකක් හදුන්වාදී තිබෙනවා. මෙහි දැකිය හැකි ප්‍රධානතම වෙනස නම් අඟල් 12.9ක 2,732 x 2,048 pixels ප්‍රමාණයේ HD තීරයයි. මෙයද සුපුරුදු පරිදි apple සමාගමේ 4:3 අනුපාතයෙන් යුතු අතර එහි on screen key board එක සාමාන්‍ය  key board එකක ප්‍රමාණයට සමාන බවද පවසනවා. සුපුරුදු ලෙසම iPad Air 2 එකේ මෙන්ම split view හා pop over වීඩියෝ play කිරීමේ පහසුකම්ද සහිත වන අතර නමුත් විශාල තිරය නිසා එම features වල නියම ප්‍රයෝජනය ලබාගැනීමට හැකිවී තිබෙනවා.

ipad

ඔව්න් මෙහි system එක සදහා නවතම A9X චිප් එක යොදාගෙන ඇති අතර එය සාමාන්‍ය ලැප් ටොප් එකකට වඩා 80% ක් වේගවත් බවද පවසනවා. නමුත් මෙහිදී ඔව්න් යොදාගෙන ඇත්තේ iPad air එකේ මෙන්ම 2 GB ram එකක්. 8 mega pixel iSight  camera එකක් හා 1.2 mega pixel facetime  camera එකක් සහිත එය බොහෝ සෙයින්ම iPad air එකට සමාන කමක් දක්වනවා. wifi සමග අන්තර්ජාල හා සම්බන්ද වෙමින් පැය 10යක අවම ආයුකාලයක් හිමිමෙය, wifi හා cellular පහසුකම් දෙකම සමග 128GB iPad pro එක ඩොලර් 1079 කට මිලකට මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට මිලදීගන්න පුළුවන්.

Capture

iPad pro එකේ විස්තර එසේ තිබියදී apple සමාගම විසින් accessory ලෙස Apple Pencil එක හදුන්ව දුන්නා. මෙය තවත් stylus pen එකක් කියා සිතෙන්නට පුළුවන්. නමුත් එය ඇත්තටම එය තවත් apple සමාගමේ පොඩි මැජික් එකක්. සාමාන්‍ය stylus එකකින් කරනවට වඩා බොහෝ වැඩ මෙමගින් සිදුකිරීමට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මෙය ඉතාමත් හොද drawing tool එකක් වන අතර එය පිඩනයට සංවේදී බැවින් ඔබ යොදන පීඩනය අනුව අදින රේඛාවන් වල පළල (thickness)එක වෙනස් වේ.  ඉතාමත් හොඳ accuracy එකකින් යුක්ත වන මෙය දැනට ඇති හොදම real time drawing tool එක ලෙස හැදින්වීමේ වරදක් නොමැත. Apple Pencil එක ක්‍රියාකිරීමට බැටරියක් එහිම අන්තර්ගත කර ඇති අතර එය පැය 12ක් ක්‍රියාකාරීව පවතී. ඉතා ඉක්මනින් charge කිරීමට හැකියාව ඇති අතර තත්පර 15ක් charge කිරීම මගින් ඔබට මිනිත්තු 30ක ක්‍රියාකාරී කාලයක් ලැබේ. මෙය ඩොලර් 99 කට මිලකර තිබෙනවා.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *