APIIT research symposium

1460016_10151980214615071_215314006_n

විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට විශ්ව විද්‍යාල වලින් ලැබෙන්නේ මහඟු පිටුවහලක්. සාමාන්‍යයෙන් සෑම විශ්වවිද්‍යාලයකින් ම පාහේ වසරකට වරක් research symposium එකක් පවත්වනවා මෙහි අරමුණ වන්නේ විවිධ මාතෘකා ඔස්සේ විවිධ පිරිස් විසින් සිදුකරන ලද පරීක්ෂණ වාර්තාවන් ප්‍රසිදියට පත්කිරීමයි. මෙවන් research symposium එකක්  මගින් නව සොයාගැනීම් නව දැනුම සමාජගත කිරීමට විශාල පිටිවහලක් ලැබෙනවා. විද්‍යාව සහ තාක්ෂනය පිලිබඳ නව දැනුම ඔබ වෙත ගෙන එම සඳහා අපි මින්පසු මෙවන් අවස්ථාවන් වල තොරතුරු ඔබ වෙත ගෙන ඒමට තීරණය කළා.

අද අප ඔබට තොරතුරු ගෙන එන්නේ පසුගිය 22 දා (9/22/2015)  APIIT ආයතනයේදී පැවති research symposium එක පිළිබඳවයි. එහිදී ඔවුන් අවධානය යොමුකොට තිබුනේ පරිගණක තාක්ෂණයට හා සම්බන්ද research පිළිබඳවයි. පහත දැක්වෙන්නේ එහිදී ඉදිරිපත් වූ research ideas.

  1. A secure adhoc network configuration and file transfer system by Mr. Gayang Bandara
  2. A vulnerability detection system for web application by Nisha Vithanage
  3. A forensic investigation framework for android by Ms suhashini somasundaram
  4. An online revision tool to exercise descriptive short-answer questions by Ms. Samadhi jayakody
  5. A server monitoring system for android mobile devices by Mr. Ashham Abdulla
  6. A secure SMS communication system for android by Mr. Chinthaka Darshana
  7. An arms detection tool for CCTV camera by Mr. Nibras Ahamed
  8. A wireless network design optimization tool by Mr. Tharaka Abyerathne
  9. An IPv6 network traffic monitoring tool by Mr. Chathuranga Perera
  10. An augmented reality translation tool for windows mobile 8.1 by Mr. Ajmaal Firdowzi
  11. A stenography-based secure data transfer tool by Mr. Manendra Ranathunga
  12. A forensic investigation tool fro volatile memory for Windows 8.1 by Mr. Charith De Alwis
  13. A biometric passport system by  Mr. Dilshan Bandara

මේ සියලුම research ideas අතුරින් කිහිපයක විස්තර ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප තීරණය කළා.

ඔබ වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙක් නම් ඔබගේ වෙබ් අඩවියේ ආරක්ෂාව පිළිබඳව ඔබ අනිවාර්යයෙන් සැලකිලි විය යුතුමයි. මන්ද ඔබගේ වෙබ් අඩවියට එල්ල වන ප්‍රහාරයක් නිසා ඔබට ඉතා විශාල පාඩුවක් සිදුවිය හැකි. එමෙන්ම ඔබගේ වෙබ් අඩවිය භාවිත කරන්නන්ගේ දත්ත නිසි ලෙස ආරක්ෂා කරගැනීමට නොහැකි වීම නිසා ඔබට නිතිය ඉදිරියට පවා යාමට සිදුවන්න පුළුවන්. කිසියම් වෙබ් අඩවියක පවතින මෙවන් ප්‍රහාර එල්ලවිය හැකි තැන් හඳුනාගැනීමට සිදුකරන පරික්ෂණයන් හඳුන්වන්නේ penetration testing යනුවෙනුයි මෙවන් පරීක්ෂණයක් සඳහා ඉතා විශාල මුදලක් වැයකිරීමට සිදුවෙනවා. මේ හේතුව නිසාම සාමාන්‍ය වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් ඔවුන්ගේ වෙබ් අඩවි මෙවන් පරීක්ෂණයන්ට භාජනය කිරීමෙන් වැලකි සිටිනවා.

ඉතා විශාල මුදලක් වැය නොකොට පහසුවෙන් ඔබගේ වෙබ් අඩවියේ ගැටළු ඇතිවිය හැකි තැන් අඳුනාගත හැකි මෙවලමක් මෙමෙ research symposium එකහිදී ඉදිරිපත් වුනා. එය නම් කොට තිබුනේ A vulnerability detection system for web application ලෙසයි. මෙහිදී සිදුවන්නේ ඔබගේ වෙබ් අඩවියට විවිධ ආකාරයේ පෙර සුදානම් කරන ලද ප්‍රහාරයන් එල්ල කිරීම මගින් සහ ඒවාට ඔබගේ වෙබ් අඩවිය මගින් ලැබෙන ප්‍රතිචාර සමාලෝචනය කිරීම මගින් ඔබගේ වෙබ් අඩවියේ පවතින ගැටළු සහගත තැන් හඳුනා ගැනෙනවා. එමගින් වඩාත් ආරක්ෂාකාරී වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට ඔබට හැකියාව ලැබෙනු ඇති.

ජංගම දුරකථනය අද අප බොහෝදෙනෙක්ට ඉතා සමීප උපකරණයක් වෙලා. අපි එදිනෙදා  ගතකරන ජිවිතයේ බොහොමයක් තොරතුරු අපගේ ජංගම දුරකථනය තුල රැඳී පවතිනවා. සමාජ ජාල වෙබ් අඩවි වල පිවිසුමත් සමගම මෙලෙස ජංගම දුරකථනය තුල ගබඩාවෙන තොරතුරු ප්‍රමාණය දිනෙන් දිනම ඉහල ගොස් තිබෙනවා. අපි නොදැනීම අපගේ බොහෝ විස්තරයන් අපගේ ජංගම දුරකථනය තුල තැන්පත් වී තිබෙනවා. මේ නිසාම අපරාධ පරීක්ෂකයන්ගේ අවධානයද මේ ජංගම දුරකථන පිළිබඳව යොමුවී තිබෙනවා. නමුත් අපරාධයකට සම්බන්ද යැයි සිතෙන කෙනෙකුගේ ජංගම දුරකථනය තුලින් මෙම දත්ත සොයාගැනීම තරමක් අපහසු කාරණයක්. එයට හේතුව වන්නේ විවිධ ජංගම දුරකථන වල මතකය සහ දත්ත ගබඩා වීම එකිනෙකට වෙනස් වීමයි.

මෙමෙ කාර්ය සඳහා යොදාගත හැකි මෘදුකාංග ඉතා ඉහල මිලක් ගනු ලබනවා. එමෙන්ම මෙලෙස දත්ත විශ්ලේෂණය කිරීමේදී එම දත්ත වලට හානියක් සිදු නොවෙන ලෙස එම කාර්ය සිදුකලයුතු වෙනවා. මේ සියලුම අභියෝගයන් ජයගත හැකි ආකාරයේ මෘදුකාංගයක් මෙමෙ research symposium එකේදී ඉදිරිපත් වුනා. මේ මගින් විශාල පරාසයක Android ජංගම දුරකතනවල අඩංගු වෙන දත්ත ලබාගැනීමට හැකියාවක් ලැබෙනවා. බොහොමයක් සමාජ ජාල වෙබ් අඩවි වල තොරතුරු පවා ලබාගැනීමට මෙම  මෘදුකාංගයට හැකියාව තිබෙනවා.

 

12033177_10153511269775071_2841659608485520662_n 12036515_10153511269875071_2467518996112968111_n 12036682_10153511137500071_1574906550016332248_n 12038176_10153511070645071_2724435557549811507_n
12047067_10153511173210071_4498580194190818654_n

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *