Happy Birth day Google

googles-17th-birthday-6231962352091136-hp

Googles 17th Birthday | www.techpedia.lk

අප කව්රුත් හොඳින් දන්නා Google සමගම ආරම්භ කර අදට වසර 17 ක් සපිරෙනවා. සරල සෙවුම් යන්ත්‍රයක් ලෙස ආරම්භ වූ මේ සමගම අද වනවිට ලෝකය පුරා පැතිර පවතින තාක්ෂණික දැවැන්තයෙක් බවට පත්වෙලා. Google සමාගමේ බොහොමයක් ව්‍යාපෘතීන් ලෝකයේ තාක්ෂණය වෙනස් මගකට යොමුක කිරීමට ඉතා වැදගත් සාදකයක් බවට පත්වෙලා. Google සමගම කෙතරම් සුප්‍රසිද්ද වුවත් ඔබ එදිනෙදා ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය භාවිත කලත් ඔබ ඒ පිළිබඳව නොදන්නා කරුණු බොහොමයක් පවතිනවා. අද අප ඔබට ගෙන එන්නේ Google ආයතනයේ අතීතය සහ ඒ පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක්.

Google සමාගමේ ඉතිහාසයට අනුව එහි නිර්මාතෘ වරුන් වන Larray Page සහ Sergey Brin ප්‍රථම වරට මුණගැසී තිබෙන්නේ 1995 Stanford සරසවියේදී. වසර 1996 දී ඔවුන් දෙනෙනා විසින් BackRub නමැති සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කොට තිබෙනවා. එය ප්‍රථම වරට කිරියාත්මක වී තිබෙන්නේ Stanford සරසවියේ server යන්ත්‍ර තුලයි.

Google.com  වෙබ් අඩවිය ප්‍රථම වරට ලෝකයට අනාවරණය වන්නේ 1977 දී. එතැන් පටන් කෙමෙන් කෙමෙන් අද දක්වා ඔවුන්ගේ විකාශනය Google සමගම විසින් මෙම ලිපිය මගින් අනාවරණය කොට තිබෙනවා.

Google ආයතනය යනු ලෝකයේ බොහෝදෙනා මවිතයට පත්වන විස්මිත තාක්ෂණික කරුණු අඩංගු ආයතනයක් පහත දැක්වෙන්නේ ඔබ මෙතෙක් Google පිළිබඳව නොදැන සිටි කරුණු කිහිපයක්.

ඔබ අන්තර්ජාලය තුලින් කිසියම් තොරතුරක් ලබාගැනීමට  Google සෙවුම් යන්ත්‍රය භාවිතයට ගන්නා සැම අවස්ථාවකදීම ඔබට අදාල තොරතුරු ලබාදීමට Google සෙවුම් යන්ත්‍රය කරුණු 200 කට වඩා වැඩි ප්‍රමාණයක් සලකා බැලෙනවා. මිට ඔබගේ පැරණි සෙවුම් දත්ත සහ ප්‍රසිදියේ ඔබ සපයා තිබෙන ඔබ පිලිබඳ තොරතුරු මෙන්ම කාලින ප්‍රවණතා පවා ඇතුලත් වෙනවා. තත්පර කිහිපයක් ඇතුලට ඔබට දත්ත ගෙන ඒමට Google සෙවුම් යන්ත්‍රය මේ සියලු දේ ගැන සැලකිලිමත් වෙනවා.

Google සමාගමට Google.com ට අමතරව ඊට සමාන බොහෝ වෙබ් අඩවි තිබෙනවා. උදාහරණයක් ලෙස Gogle.com යන වෙබ් අඩවිය පවා අයිති වන්නේ Google සමාගමට. එනම් ඔබ ඔබේ browser එකේ address bar එකේ www.gogle.com ලෙස සටහන් කළහොත් එය ඔබව නිවැරදි Google වෙබ් අඩවිය වෙත රැගෙන යනු ඇති. තවද 466453.com යන්න පවා අයත් වනෙන් Google සමාගමටයි.

the-company-owns-a-bunch-of-domains

ලෝකය පුරා තත්පර එකක කාලයකදී google සෙවුම් යන්ත්‍රය බිලියන 1  කට වඩා වැඩියෙන් භාවිත වෙනවා.

Google search index එහෙකි අඩංගු දත්ත ප්‍රමාණය ගිගාබයිට් මිලිනය 100 කට වඩා අධික වෙනවා.

ප්‍රථම Google  Doodle එක නිර්මාණය කොට තිබෙන්නේ 1998 වසරේදී.

1997 වසරේදී Yahoo සමගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1 කට Google සමගම මිලදී ගැනිමට තිබූ අවස්ථාව නොසලකා හැරී අතර අද වනවිට Google සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 200ක් පමණ වන අතර Yahoo සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 20ක් පමණයි.

ඔබ අප එදිනෙදා භාවිතයට ගනු ලබන Google maps වලට අමතරව google සමගම විසින් අඟහරු ග්‍රහ ලොවී මෙන්ම විශ්වයේ ඇති සුවිසල් මන්දාකිනි වල තොරතුරුද ලබාදෙනවා. Google Mars මගින් ඔබට අඟහරු ලොවේ පෘෂ්ටයද Google Sky මගින් ඔබට විශ්වය සහ ඒ පිළිබඳව තොරතුරුද ලබාගැනීමට පුළුවන්.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *