ලොව වේගවත්ම මෝටර් රථය Bloodhound

Bloodhound_0

වසර 2017දි  ලොව වැඩිම වේගය තමා සතුකරගැනීමේ සිහිනය දකින බ්‍රිතාන්‍ය  ඉංජිනේරුවන්  පිරිසක් විසින් වසර අටක්පුරා නිපදවූ  මෝටර් රථය පසුගිය දිනක එළිදැක්වූවා.Bloodhound ලෙස නම් කර ඇති මෙහි දැනට 95% නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් කර තිබෙනවා. ඔව්න්ගේ අදහස් වලට අනුව මෙය පැයට කිලෝමීටර 1610ක  වේගයකින් ගමන් කරනු ඇති අතර මෙම රථය පැදවීමට Andy Green ඉදිරිපත්වී තිබෙනවා. Andy Green යනු දැනට ලොව වැඩිම වේගයෙන් මෝටර් රථයක ගමන් කල පුද්ගලයායි. එනම් ඔහු  1997දි  පැයට කිලෝමීටර  1224 වේගයෙන්  ThrustSSC  මෝටර් රථය පදවමින් දැනට පවතින land speed record එක පිහිටවන ලද අතර එම වාර්තාව අලුත්කිරීමට ඔහු මේ සමගින් සුදානම් වනවා.

cMB0jxX

මෝටර් රථය දිගින් මීටර 13.5 හා පළලින් මීටර 2.5 වනවා.  මෙහි ඇති ජෙට් හා රොකට් එන්ජින් දෙක මගින් අශ්වබල 135000ක  බලයක් නිපදවනු ලබනවා. එය වර්තමාන ෆොර්මියුලා මෝටර් රථ 180ක බලයට සමානයි. තවද උපරිම වේගයෙන් ගමන් කිරීමේදී මෙහි රෝද මිනිත්තුවකට වට  10200 වේගයෙන් කැරකෙනු ඇතියි.මුලින් 320kmph දක්වාRolls-Royce  ජෙට් එන්ජිමෙන් ගමන් කිරීමෙන් පසුව Nammo hybrid රොකට් එන්ජිම ක්‍රියාත්මක කරනු ලැබේ. ඉන් පසුව පෘතුවි ගුරුත්වය මෙන් තුන් ගුණයක වේගයෙන් ත්වරණය වන මෙය තත්පර 55ක් තුල පැයට කිලෝමීටර  0 සිට 1610 දක්වා ගොස් ඉන්පසු තත්පර 65ක් තුල නැවත 0 කර පැමිණීමට නියමිතයි.

pdqgNAF

Andy Green විසින් මෙවැනි අවස්ථාවකට මුහුණ දී අත්දැකීම්සහිත පුද්ගලයෙක් වුවත් ඔහු දැනටමත් simulator එකක් තුල මෙම මෝටර් රථය පැදවීමට පුහුණුවෙමින් සිටිනවා. මෙවැනි අධික වේගයකින් ගමන් කිරීමේදී සිදුවන ඉතාමත් සුළු අත්වැරදීමකින් සියලු දේ විනාශවීමට ගතවන්නේ මිලි තත්පරද නොව නොව මයික්‍රෝ තත්පර ගණනක් වන බැවිනි. කෙසේවෙතත් Bloodhound කණ්ඩායම මෙය සඳහා Hakskeen Pan නම් ප්‍රදේශයක් දකුණු අප්‍රිකාවෙන් තෝරාගෙන තිබෙනවා. කිලෝමොටර 19ක් දිගින් හා කිලෝමීටර 3ක පලින් යුතු මෙම බිම්කඩ ඔව්න්ට ප්‍රමාණවත් වනු ඇතිබව ඔව්න් පවසනවා.

ලබන වසරේදී ඔව්න් මෙහි ප්‍රථම ධාවනය සිදුකරනු ඇති අතර ඒ පැයට කිලෝමීටර 320ක වේගයෙනි. ඉන් පසුව එම වසරේම අගදී  අප්‍රිකාව වෙත යන ඔව්න් පැයට කිලෝමීටර 1290ක වේගයෙන් Bloodhound ධාවනය කරනු ලබනු ඇතියි. මෙවන් වේගයකින් මින් පෙර මෝටර් රථයක් ධාවනය කර නොමැති නිසා ඉන් පසුව ඔව්න් මෙම අඳුරු කලාපය ගැන අධ්‍යනයෙන් පසුව 2017 වසරේදී පැයට සැතපුම් 1000 (1610 kmph) වේගයෙන් ගමන් කොට Andy Green ලොව පැයට සැතපුම් 1000ක වේගයෙන් මොටර් රථයක් ධාවනය කල පුද්ගලයා බවට පත්කරනු ඇතියි.  වැඩි විස්තර සඳහා ඔව්න්ගේ web අඩවියට මෙතනින්

BMXeQDJ

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *