Facebook Internet චන්ද්‍රිකාව.

facebook-africa-internet-3

Google සමාගම අපරටේ ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන   google loon project එක මෙන් Facebook සමාගමද විවිධ රටවලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට විවිධ වූ ව්‍යාපෘතීන් ආරම්භ කරා. අප මිට පෙර කතාකරපු  Facebook drone project  එක ඉන් එකක්. නමුත් ඉන් නොනැවතී ඔව්න් තවත් නවතම ව්‍යාපෘතියකට ඇත තැබුවා. ඒ සහරා අප්‍රිකානු රටවල් සඳහා  අන්තර්ජාල පහසුකම් ලබාදීමටයි. මේ සඳහා ඔව්න් ප්‍රංශ චන්ද්‍රිකා සමාගමක් වන Eutelsat සමග ගිවිසුමකට එළඹ තිබෙනවා.

AMOS-6 ලෙස නම්කර ඇති මෙම චන්ද්‍රිකාව geostationary චන්ද්‍රිකාවක් එනම් පෘථිවි කක්ෂයේ එක් ස්ථානයක පමණ පිහිටි චන්ද්‍රිකාවකි. එය යොදාගනිමින් අප්‍රිකානු මහාද්වීපයේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට නොහැකි ස්ථානයන් වෙත අන්තර්ජාල පහසුකම් ලබාදීමට නියමිතයි. දැනටමත් මෙම චන්ද්‍රිකාවේ නිෂ්පාදන කටයුතු ආරම්භකර ඇති අතර 2016 වසරේ අගදී අභ්‍යවකාශ ගතකිරීමට සුදානම් කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන් සහරා කාන්තාරයන් වැනි විශාල ප්‍රදේශ ආශ්‍රිතව සම්ප්‍රේෂණ කුළුණු සවිකිරීම අපහසු නිසා අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය ප්‍රදේශයන් එකිනෙක සම්බන්ධ කිරීම මෙම චන්ද්‍රිකාව මගින් සිදුකරනු ලබනවා. මේ සඳහා ඔව්න් laser තාක්ෂනය යොදාගැනීමට නියමිත අතර කිලෝමීටර 16ක දුරක් අතර තත්පරයකට ගිගා බයිට් 10ක් සම්ප්‍රේෂණය කිරීමට හැකියාව එම laser එක සතුයි.

Google loon හා Facebook drone ගැන මෙතනින් කියවන්න.

facebook-africa-internet-2

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *