අලුත්ම Tesla Model X

section-hero

ටෙස්ලා සමාගම ගැන සදහන් කරොත් බොහෝදෙනා දන්නා පරිදි එය මෝටර් රථ සමාගමක්. නිකම් මෝටර් රථ නොව පුර්ණ විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය කරන  සමාගමක්. විදුලි මෝටර් රථ වල පවතින ප්‍රධාන ගැටලුව වන එක් charge එකකින් ගමන් කර  හැකි වැඩිම දුර ප්‍රමාණය වැඩිම වන කිලෝමීටර 425ක්  ගමන් කළහැකි Model s මෝටර් රථය නිපදවූයේ ඔව්න් ඒ වසර 2102දී. ඉන් පසුව ටෙස්ලා සමාගම ඔව්න්ගේ නවතම නිර්මාණය වන Tesla Model X  මෝටර් රථය හදුන්වා දුන්නා. අද අපි විස්තර ගෙන එන්නේ මේ නව මෝටර් රථය පිළිබඳවයි.

tes

Tesla Model X මොටර් රථය Model S රථය මෙන් car එකක් නොවේ. එය අයත් වන්නේ SUV එනම් ජීප් රථ කාණ්ඩයටයි. මෙම මෝටර් රථයේ පහසුවෙන්ම 7 දෙනෙක් සඳහා ගමන් පහසුව සලසා ඇති අතර වඩාත් ඉඩකඩ සහිතව 6 දෙනෙක් සඳහාද මාදිලියක්ද හදුන්වා දී තිබෙනවා. SUV කාණ්ඩයට අයත් රථයක්වුවත්  ටෙස්ලා සමාගම තම  සලකුණ  එනම් එක් charge එකකින් වැඩිම දුරක් ගමන් කිරීමේ හැකියාව මෙම රථයටද ලබාදී තිබෙනවා. ඊට අමතරව මේ රථයේ නව  විශේෂතා කිහිපයක්ම් දැකීමට හැකියි.

section-exterior-profile

Model S රථයේ ඇති Zero profile door handles මෙම රථයේද දැකීමට පුළුවන්.මෝටර් රථයේ wireless යතුර රථය සිමාවේ පවතිනවිට සක්‍රියව පවතින අතර යතුර නොමැතිනම් රථය තුලට සවිවී හොද aerodynamic හැඩයක් ලබාදෙනවා. තවද  aerodynamic හැඩය පිළිබඳව කතා කරනවානම් මෙම Model X රථය සාමාන්‍ය SUV රථයකට වඩා 20% කින් අඩු ප්‍රතිරෝධයක් දක්වනවා. තවද එහි ඇති active spoiler එක මගින් හොද ස්ථායිතාවයක් ලබාදෙන බව සදහන්. තවද බැටරි සියල්ලම මෝටර් රථයේ පහලින් සවිකර ඇති නිසා ඉතාමත් පහත ගුරුත්ව කේන්ද්‍රයක් සහිත වන අතර සාමාන්‍ය SUV රථයකට වඩා 50% ම අඩු පෙරලීමේ සම්බව්‍යයතාවයකින් යුක්තයි.

tesla-model-x-motors

මෙහි ඇති තව විශේෂත්වයක් නම් පසුපස දොරවල් ඉහලට විවර වීමයි. මෝටර් රථ ගැන දන්නා අයෙක් සිතන්න පුළුවන් gull wing doors කියා. නමුත් මෙම දොරවල් ටෙස්ලා සමාගම හදුන්වාදෙන්නේ Falcon wing doors ලෙසයි.එම දොරවල් gull wing doors මෙන් විවර වීමට වැඩි ඉඩක් අවශ්‍ය නොවන අතර එහිදී දොර Falcon කුරුල්ලකුගේ පියාපතක් මෙන් ස්ථාන දෙකකින් නැමී ඉහලට ගමන් කරයි. මෝටර් රථ දෙකක් අතර නවතා ඇති විට එම දොරවල් විවර වීමට අඩියක ඉඩප්‍රමානයක් තිබීම ප්‍රමාණවත්. එහිදී අනෙක් මෝටර් රථයේ පිහිටීම දොරේ ඇති sensor මගින් හදුනාගන්න අතර ඒ අනුව දොර ස්වයන්ක්‍රියව පාලනය කරනු ලබනවා. මෙවැනි දොරවල් දෙකක් සවිකිරීමට හේතුව වශයෙන් ඔව්න් සඳහන් කරන්නේ තෙවන පේලියේ ආසන සඳහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ලබාදීම හා කුඩා දරුවන්ට ඇතුළුවීම පහසුකරවිමයි.

modex

දැනට ලොව නිෂ්පාදනය වන මෝටර් රථ අතුරින් විශාලතම wind screen එකට හිමිකම් කීමට Tesla Model X මෝටර් රථය සමත්ව තිබෙනවා. එහිදී රියදුරුගේ හිසට ඉහලින් ද wind screenඑක ගමන් කරනවා. තව දෙයක් නම් Tesla Model X මෝටර් රථයෙ වායුසමීකරණ පද්ධතිය සඳහා ඔව්න් විශේෂිත filter එකක් යොදාගෙන තිබෙනවා. HEPA medicine grade filters ලෙස හදුන්ව එම ෆිල්ටරය සාමාන්‍යයෙන් රෝහල්වල ශල්‍යාගාර වල යොදාගන්නා ෆිල්ටර් එකක්. එය මගින් රථය තුලට විෂබීජ බැක්ටීරියා ඇතුළුවීම වලකාලන අතර ඇතුලත වාතයද නැවත පිරිසිදු කරනු ලබනවා.

Tesla Model X රථයද Model S රථය මෙන් ඉතාමත් හොද වේගවත් මෝටර් රථයක්. මෙහිදී Tesla Model X රථ දෙකක් හදුන්ව දී තිබෙනවා. ඒ P90D Performance all wheel drive රථය හා 90D  all wheel drive රථයයි. මිට අමතරව ඔව්න් වසර 8ක වගකීමක්  (ඕනෑම කිලෝමීටර ගණනක් සඳහා) බැටරි හා මෝටර් සඳහා ලබාදෙනවා. මෙම රථ දෙක ඇමෙරිකානු වෙළඳපොළතුල ඩොලර්  142,000 හා 132,000කට මිලකර තිබෙනවා

P90D Performance all wheel drive රථයේperformance

  1. 402km  range (EPA est.)
  2. 3.8 seconds 0-100 kmph
    3.2 seconds with Ludicrous Speed Upgrade
  3. 259 hp front, 503 hp rear motor power
  4. 250kmph top speed

90D  all wheel drive  රථයේ performance

  1. 413km range (EPA est.)
  2. 4.8 seconds 0-100 kmph
  3. 259 hp front, 259 hp rear motor power
  4. 250kmph top speed

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *