Vein Viewer ඉන්ජේක්ෂන් විදින්න දැන් ලේසියි.

VeinViewer-Vision2-1-770x437

ඉන්ජේක්ෂන් කටුවට තියන බයට වයසේ සීමාවක් නම් නැ නේද. එත් සමහර වෙලාවට test එක කට ලේ දෙන්න ගියාම හරියට නහර හොයාගන්න බැරුව,එක පාර ලේ ගන්න බැරුව තැන් දෙක තුනකට විදිවී කියල හිතෙනකොට බෙහෙත් ගන්න එකත් එපා වෙනවනේ. විශේෂයෙන්ම ශරීරයේ මේදය තට්ටුව පොඩ්ඩක් වැඩි අයටනම් මේක ලොකු ප්‍රශනයක්. නමුත් කොහොම උනත් එකපාර ඔය වැඩේ හරියට කරන අය නැතුවමත් නෙවෙයි, එක ගොඩක් වෙලාවට අත්දැකීමෙන් එන දෙයක්. ඒ අයත් ඉතින් අත්දැකීම් එකතුවෙන්න ලේගන්න එක දහස් වාරයක් කරලා ඇති. නමුත් අද අපි කතා කරන්න යන්නේ අත්දැකීම් අඩු කෙනෙකුට උනත් එකපාර නහරය හොයාගෙන ලේ ගන්න හරි එන්නතක් දෙන්න හරි උදව් කරනVein Viewer  උපකරණය පිළිබඳවයි.

මෙම උපකරණය මගින් කරන්නේ අපේ සමට යටින් තියන නහරයෙ real time වීඩියෝ එකක් අතේ ඒ නියමිත ස්ථානයටම project කරන එක. එතැනදී අපට නොපෙනෙ නහරය සම මත සජිවිව දකින්න පුළුවන්. එක නිසා නහර හොයන්න මහන්සි වෙන්න ඕනේ නැ. ඒ වගේනම තැන දෙක තුනකට විදින්න ඕන වෙන්නෙත් නැ. මෙහිදී සිදුවන්නේ අප ශරීරයේ සම මත සිට මිලිමීටර 10ත් 15ත් අතර ප්‍රමාණයක් ශරීරය තුලට ගමන් කිරීමට හැකි අධෝරක්ත (Infrared) කිරණ කදම්භයක් අවශ්‍ය ස්ථානයට යැවීමයි. එහිදී රුධිරයෙ හිමොග්ලොබින් මගින්  අධෝරක්ත කිරණ අවශෝෂණය කරන අතර පටකයන් මගින්  අධෝරක්ත කිරණ පරාවර්තනය කරනු ලබනවා. එම පරාවර්තිත කිරණ මගින් එම ස්ථානයේ digital HD image එකක් නිර්මාණය වනා අතර එය එම මොහොතේම එම ස්ථානයට project කිරීම මගින් එම ස්ථානයේ සමට යටින් ඇති නහරයන් දැක ගන්නට පුළුවන්.

මෙම Vein Viewer උපකරණය මෙය සඳහාම නිපදවූවක් නෙවෙයි. මෙහි ප්‍රධාන අරමුණක් වන්නේ හදිසි ලේගැලීම් නවතාලීමට උදව් කිරීමයි. හදිසි අනතුරකදී අධික ලෙස ලේවහනය වන අවස්ථාවක අදාල නහර හදුනා ගැනීමට මෙය  යොදාගන්න පුළුවන්. ඊට අමතරව නහර වල හටගන්නා රෝගී තත්වයන් හදුනාගැනීම මෙන්ම නහර ගැට ගැසීම වැනි රෝග සඳහාද ප්‍රතිකාර කිරීමට මෙය යොදාගන්න පුළුවන් බව වෛද්‍යවරුන් පවසනවා.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *