ලෝකයේ වේගවත්ම මෝටර් රථ 10

18n2hm42lfajrjpg-640x640

පසුගිය ලිපි කිහිපයකින් ම අපි ඔබට ලෝකයේ වේගවත්ම ගුවන් යානා 10 සහ ලෝකයේ මිලෙන් අධිකම කාර් 10 ගැන විස්තර ගෙන අවා. අද අපි ඔබට ගෙන එන්නේ ලෝකයේ වේගවත්ම කාර් 10 පිළිබඳව තොරතුරුයි.

Ferrari Enzo (349 kph)

31337fer-1-640x640

අලුත්ම Ferrari LaFerrari මෝටර් රථයට වඩා බොහෝ කලකට පෙර හඳුන්වා දුන් මෝටර් රථයක් වුවත් මෙහි වේගය අලුත්ම Ferrari මෝටර් රථයක මට්ටමේම පවතිනවා මෙහි උපරිම වේගය ලෙස සටහන් වන්නේ පැයට කිලෝමීටර් 349 ක වේගයක්. Ferrari සමගම Formula තාක්ෂණය යොදාගෙන සාමාන්‍ය පරිභෝජනය සඳහා නිපදවන ලද ප්‍රථම මෝටර් රථය වන්නේද මේ මෝටර් රථයයි.

මෙම මෝටර් රථය නම්කොට තිබෙන්නේ Ferrari සමාගමේ නිර්මාතෘවරයාගේ නමින්.

Ferrari LaFerrari (349 kph)

1320450-1-640x640

මෙම Ferrari රථය super cars ගනයේ මෝටර් රථ වල පවා හොඳ ඉන්දන පරිභෝජනයක් පැවතිය හැකි බවට උදාහරණයක්. මෙම මෝටර් රථයේ උපරිම වේගය ලෙස සටහන් වන්නේ පැයට කිලෝමීටර් 349 ක වගයක්.

මෙහි එන්ජිම ලීටර් 6.3 ක V12 එන්ජිමක් එය Kinetic Energy Recovery Systems (KERS) නමැති hybrid තාක්ෂණය සමග නිපදවා තිබෙනවා. මෙය  Ferrari’s Formula One මෝටර් රථවල භාවිත වන තාක්ෂණයක්. මේ තාක්ෂණයෙන් මෝටර් රථයට 950hp ජවයක් ලබාදෙන අතරම electric මෝටර් වල ඇති ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් මෝටර් රථය 0 සිට ත්වරණය කිරීමේදී ඉතා අඩු කාලයකදී ඉහල වේගයක් ලබාදෙනවා.

McLaren P1 (349 kph)

mclaren-p1-bahrain-300-1-640x640

මෙහි අඩංගු වන 903 hp අගයකින් සමන්විත hybrid powertrain එන්ජිම විද්‍යුත් සහ v8 turbocharged එන්ජිමක බලය කිසිදු ගැටලුවකින් තොරව කාරය වෙත ලබාදෙනවා.

මෙම මෝටර් රථයේ උපරිම වේගය ලෙස සටහන්ව තිබෙන්නේ පැයට කිලෝමීටර් 349 ක වේගයක්

Jaguar XJ220 (349 kph)

jag_heritage_xj220_1992_01-1-640x640

1992 වසරේදී සාමාන්‍ය පරිබෝජනයට නිපදවුණ වේගවත්ම මෝටර් රථය ලෙස සටහන් වනෙන් මේ මෝටර් රථයයි.

නිර්මාණය ආරම්භයේදී මෙමෙ මෝටර් රථය සඳහා V12 එන්ජිමක් සහ all-wheel drive system එකක් භාවිත කිරීම සඳහා අදහස් කරගෙන තිබුනත් පසුව එය twin-turbocharged V6 එන්ජිමක් සහ rear-wheel drive කාරයක් ලෙස නිපදවා තිබෙනවා. නමුත් මේ එන්ජිම මගින් මේ මෝටර් රථයට පැයට කිලෝමීටර් 349ක වේගයක් ලබාදීමේ හැකියාව තිබෙනවා

Aston Martin One-77 (354 kph)

094975100_1240913018-1-640x640

One-77 යනු මාර්ගයේ ධාවනයවන අග්‍රගණයේ Asoton Martin රථයක් ලෙස හඳුන්වා දිය හැකියි. බාහිර නිමාව යම්තාක් දුරට සාමාන්‍ය Aston Martin රථයන් ට සමානකමක් දැක්වුවත් එහි අභන්තර නිමාව නම් සම්පුර්ණයෙන්ම වෙනස් එකක්.

මෙම මෝටර් රථය පිලිබඳ වඩාත් සිත් ඇදගන්නා සුළු කාරණය වන්නේ මෙම වර්ගයේ මෝටර් රථ 77 ක් පමණක් නිෂ්පාදනය කිරීමයි. ඔබට මේ මෝටර් රථය මිලදී ගැනිමට කොතරම් ආසාව තිබුනත් මෙවන් මෝටර් රථ ලෝකයටම තිබෙන්නේ 77 ක් පමණයි

මෙහි එන්ජිම ලීටර් 7.3 ක ධාරිතාවයකින් යුක්ත V12 වර්ගයේ එන්ජිමක් මේ මගින් One-77 මෝටර් රථයට 750 hp ක බලයක් ලබාදෙනවා. මම කාරයට පැයට කිලෝමීටර් 354 ක උපරිම වේගයක් කරා ළඟාවීමේ හැකියාව තිබෙනවා.

McLaren F1 (387 kph)

mclaren-f1-autocar-top-100-1-640x640

McLaren F1 කාරය එය හඳුන්වා දුන් කාලයේදී ලෝකයේ ඉහලම වේගයක් සහිත කාරය ලෙස කිරුළු දරා සිටියා. මෙහි body එක සම්පුර්ණයෙන්ම නිමවා තිබෙන්නේ carbon-fiber වලින්. මෙහි එන්ජිම ලීටර් 6.1 ක ධාරිතාවයකින් යුතු BMW M V12 වර්ගයේ එන්ග්ජින් එකක්. මෙහි විශේෂ කාරණයක් වන්නේ රියදුරු අසුන මෝටර් රථයේ මැදට වන්නට පිහිටා තිබීමයි

මෙම රියදුරු අසුන මැදින් පිහිටා තිබීම මෝටර් රථය පදවාගෙන යන්නාට Formula 1 මෝටර් රථයක් ධාවනය කරවන හැඟීම ලබාදුන් බව බොහෝ පිරිස් පවසා තිබෙනවා.

මේ මෝටර් රථයේ උපරිම වේගය ලෙස සටහන්ව තිබෙන්නේ පැයට කිලෝමීටර් 387 ක වේගයක්

Koenigsegg CCR (389 kph)

ccr-6-1-640x640

මෙම මෝටර් රථය ස්වීඩනයේ  නිෂ්පාදිත එකක්. 2005 වසරේ ඉතාලියේ Nardo Ring ධාවන පථයේදී මේ මෝටර් රථය පැයට කිලෝමීටර් 389 ක වේගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

CCR යනු Koenigsegg මෝටර් රථ නිෂ්පාදකයන් වර්තමානයේ නිෂප්දනය කරනු ලබන මෝටර් රථවල පුරෝගාමියා ලෙසද හඳුන්වා දෙන්න පුළුවන්.  එහි එන්ජිම ලීටර් 4.7 ක ධාරිතාවයකින් යුතු V8 වර්ගයේ එන්ජිමක්. මේ එන්ජිම නිපදවා තිබෙන්නේ Koenigsegg සමාගමේම නිර්මාණ කරුවන් අතින්

SSC Ultimate Aero (411 kph)

2009sscaero_01-640x640

2007 වසරේදී මෙම මෝටර් රථය පැයට කිලෝමීටර් 411 ක වේගයක් වාර්තා කරනු ලැබුවා. මෙමෙ මෝටර් රථයේ අඩංගු වන්නේ ලීටර් 6.3 ක ධාරිතාවයකින් යුතු twin-turbocharged V8 වර්ගයේ එන්ජිමක්. එමගින් මෙමෙ මෝටර් රථයට 1287 hp ක බලයක් ලබාදෙනවා

මෙවන් විශාල බලයක් පාලනය කිරීමට කිසිදු ඉලෙක්ට්‍රොනික සහය පද්දතියක් මෙහි අඩංගු වන්නේ නැහැ. මෝටර් රථය සතු සියලුම එලවුම් බලය මෙමෙ මෝටර් රථය පැදවීමේදී ඔබට විඳගැනීමේ හැකියාව තිබෙනවා

Bugatti Veyron Super Sport (431.3 kph)

050710-b-bug-640x640

Volkswagen සමගම විසින් Bugatti සමාගම මිලදී ගත් පසු ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ ලෝකයේ වේගවත්ම නිෂ්පාදන මට්ටමේ මෝටර් රථය නිපදවීමයි. එය මුල් Veyron රථය මගින් අත්කරනු ලැබුවේ quad-turbocharged W16 එන්ජිමකින් 1,000 hp කිනි. එය ඩොලර් මිලියන 1.6 මිලකින් යුක්ත වූ අතර එය එම කාලයේ මෝටර් රථයකට ලැබිය හැකි උපරිම තත්වය යැයි උදම් අනන ලද්දකි.

වැඩි කාලයක් නොගොස් SSC Ultimate Aero මෝටර් රථය Veyron රථය දැරූ කිරුළ අත්කරගන්නා ලදී. ඉන්පසු Bugatti සමාගම 1200 hp එන්ජිමකින් හා aerodynamic වෙනස්කම් රාශියකින් යුත් Bugatti Veyron Super Sport රථය එලි දක්වන ලදී.

මෙය Volkswagen සමාගමේ ඇති ධාවන පථයක් වන Volkswagen’s Ehra-Lessein හිදී පැයට කිලෝමීටර 431.3 වාර්තා කරන ලදී. මෙතෙක් ගිනස් වාර්තා පොතට ඇතුලත් නිෂ්පාදන මට්ටමේ පවතින වේගවත්ම මෝටර් රථය Bugatti Veyron Super Sport වේ. තවද මෙම සමගම විසින් නිෂ්පාදනය කරනු ලබන Veyron Grand Sport Vitesse මෝටර් රථය ලෝකයේ විවෘත වහලකින් (Open topped ) මෝටර් රථය ලෙස වාර්තා පොතට ඇතුලත් වී ඇත්තේ පැයට කිලෝමීටර 408.7 වාර්තා කරමිනි.

Hennessey Venom GT (434.5 kph)

18n2hm42lfajrjpg-640x640

 

Hennessey Venom GT මෝටර් රථය Lotus Elise chasis එකකින් හා 1,244-hp 7.0-liter twin-turbocharged V8 එන්ජිමකින් සමන්විත වේ. දැනට මෙය ලෝකයේ නිෂ්පාදන මට්ටමේ පවතින වේගවත්ම මෝටර් රථය වේ. මෙය ලෝකයේ වේගවත්ම මෝටර් රථය නොව, ලෝකයේ නිෂ්පාදන මට්ටමේ පවතින වේගවත්ම මෝටර් රථය බව පිළිගෙන ඇත.

Hennessey මෝටර් රථය Kennedy අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල පවතින පථයක පැයට කිලෝමීටර 435.16 වේගයක් එක් දිශාවක් ඔස්සේ වාර්තා කොට තිබෙනවා. නමුත් වාර්තාවක් ලෙස සැලකීමේදී එහි පවතින නීතිය වනුයේ ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට සිදුකරන එක් වටයක සාමාන්‍ය අගය වේ. මෙහිදී බලාපොරොත්තු වනුයේ සුළඟ මගින් වන බලපෑම මග හැරීමයි.

මෙය hand build මොටෝර් රථයක් බැවින් මෙය නිෂ්පාදන මට්ටමේ පැවතීම ගැන ගටලුකාරී තත්වයක් සමහරක් පිරිසකට පවතී. කෙසේ වෙතත් මෙය ලෝකයේ වේගවත්ම මොටෝර් රථය ලෙස ප්‍රකාශ කලද ගිනස් වාර්තා පොතට නම් ඇතුලත් කොට නොමැත.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *