cruise missile වල වගතුග

Tomahawk cruise missile

Tomahawk cruise missile | www.techpedia.lk

ලෝකයේ මේ දිනවල වැඩිපුරම අවධානයට යොමුවන කාරණයක් වන්නේ සිරියාවේ මේ දිනවල පවතින යුධමය තත්වයයි. එහිදී භාවිත වන අවි ආයුධ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති කරුණක්. යුද්ධය යනු නිසැකයෙන්ම විනාශකාරී ක්‍රියාවක් එය අප බොහෝ දෙනා සැබවින්ම අත්විඳ ඇති කාරණයක්. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ වර්තමාන යුද්ධ වලදී වැඩිවශයෙන් භාවිතයට ගැනෙන ආයුධයක් පිළිබඳවයි. මේ පිළිබඳව විස්තර ගෙන ඒමට ප්‍රධානතම හේතුව වන්නේ මෙවන් ආයුධ වලින් සිදුවිය හැකි හානිය පිළිබඳව ඔබට මතක් කර දීමටයි.

වර්තමානයේදී වැඩිවශයෙන්ම භාවිත වන ආයුධයක් බවට පත්ව තිබෙන්නේ cruise missiles නමැති මිසයිල වර්ගයි. මේවා නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්. සමනය ගුවන් යානයකට වඩා මෙහි ඇති වෙනස වන්නේ එහි මගින් වෙනුවට රැගෙන යන්නේ පුපුරනද්‍රව්‍ය වීමයි. cruise missile එකක පියාපත් අතර දිග සාමාන්‍යයෙන් මීටර් 2.6 ක පමණ වෙනවා (මෙම අගය එක් එක් cruise missile වර්ගය අනුව වෙනස් වෙනවා). මේවට සාමාන්‍යයෙන් කිලෝමීටර් 800 සිට 1,600 ක පමණ දුර ප්‍රමාණයක් දක්වා පියාසර කිරීමේ හැකියාව තිබෙනවා. මෙම මිසයිලයකට කිලෝග්‍රෑම් 500 ක පමණ බරකින් යුතු  පුපුරනද්‍රව්‍ය රැගෙන යාමටද හැකියාවක් තිබෙනවා

මෙම මිසයිල වර්ගයේ ඇති සුවිශේෂී තාවය වන්නේ ඒවායේ ඇති අදික නිරවද්‍ය තාවයයි. මෙම මිසයිල වලට ඉතා දුරකින් ඇති චලනය වන ඉලක්කයක් කරා ළඟාවීම ඉතා පහසු කාරණයක්. විවිධ වර්ගයේ cruise missile විවිධ රටවලින් නිර්මාණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවන් මිසයිලයක වටිනාකම $500,000 සිට  $1,000,000 දක්වා අගයක් ගන්නවා. මෙම මිසයිලයන් ගොඩබිම සිට හෝ ගුවනේ සිට මෙන්ම නෞකාවක සිට හෝ සබ්මැරිනයක සිට ගුවන් ගත කල හැකිවීම විශේෂත්වයක්

සාමාන්‍යයෙන් cruise missile එකක් දිගින් මීටර් 6.25ක් පමණ වෙන අතර සිලින්ඩරාකාර බන්දෙහි විෂ්කම්භය මීටර් 0.5ක් පමණ වෙනවා. ආරම්භයේදී මෙම cruise missile එකකට ඉදිරියට යාමට බලය සැපයෙන්නේ ඝන රොකට් ඉන්දන භාවිතයෙන්. ඉන්පසුව මෙමෙ මිසයිලයට ඉදිරියට යාමට බලය ලැබෙන්නේ turbofan engine එකක් ආධාරයෙන්. මෙම එන්ජින් එක කිලෝග්‍රෑම් 65ක පමණ බරකින් යුක්ත වෙනවා. මෙම එන්ජිම සඳහා ඉන්දන ලෙස භාවිත කරන්නේ RJ4 නමැති ඉන්දන වර්ගයයි. එක් මිසයිලයක් තුල ලීටර් 600ක  පමණ ඉන්දන අඩංගු වෙනවා. මෙම මිසයිලයකට පැයට කිලෝමීටර් 800 ක පමණ වේගයකින් ගමන්කළ හැකියි.

cruise missile එකක් සාමාන්‍යයෙන් ගමන් ගන්නේ අඩු උස මට්ටමකින් මේ නිසා බොහෝ අවස්ථාවලදී මෙම මිසයිලයක් රේඩාර් වලට හසුකර ගැනීම අපහසු කාරණයක් වෙනවා. ඉතා වේගයෙන් ඉතා නිවැරදිව තම ඉලක්ක හඹා යාමේ ඇති හැකියාව නිසා මේම මිසයිය ඉතා විනාශකාරී අවියක් ලෙස සැලකිය හැකියි.

SYRIA-CRISIS/WEAPONS - Map and illustrated factbox comparing range and features of various cruise missiles, all of which are options for the U.S in a military strike against Syria. (SIN01) 1 OF 1tomahawk.graph

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *