HyperCam විනිවිද දකින්නට

unispectral

අපගේ ඇසට පෙනෙන රුපයක් ඡායාරූපයක් බවට පත්කර ගැනීමට අප කැමරාව යොදාගන්නවා. මිට  දශකයකට පමණ පෙරනම් ඡායාරූපයක් දළසේයාපට යොදාගනිමින් develop කර මුද්‍රණය කරගත්තා. නමුත් digital යුගයේ ආරම්භයත් සමගම කැමරාවද digital බවට පත්වූවා. දැන් අප අත ඇති ජංගම දුරකතනයෙත් ඉතා හොද තත්වයේ කැමරාවක් ඇති තැනට දියුණුව පවතිනවා. මෙම digital කැමරා සියල්ලෙහිම sensor එකක් පවතින බව අප සැම දන්නා කරුණක්. එම sensor එක අපගේ දෘශ්‍ය පරාසයේ ඇති තරංග ආයාමයන් වලට සංවේදී වන අතර එමගින් අපට අවශ්‍ය ඡායාරූපය ලබාගන්න පලුවන්. නමුත් අද අපි කතාකරන්න සුදානම්වන්නේ අපගේ ඇසට නොපෙනෙන තරංග ආයාමයන් වලට සංවේදී HyperCam කැමරාව පිළිබඳවයි.

hypercam-3

මෙවැනි කැමරාවන් ලෝකයට ඇත්තටම අලුත් දෙයක් නෙවෙයි. මිට දශක ගනන්වකට එහා මෙවැනි කැමරාවන් භාවිතවුවා. හබල් දුරේක්ෂය හොද උදාහරණයක්(1990). නමුත් මෙය පිළිබඳව අප කතා කරන්නේ නොබෝ දිනකින් මෙම තාක්ෂනය අප ජංගම දුරකතනයටද ලැබීමට ඉඩ ඇති නිසයි. සාමාන්‍ය කැමරාවක sensor එක සංවේදී වන්නේ රතු, කොළ හා නිල් වර්ණවලටයි. නමුත් මෙම HyperCam කැමරාවේ sensor එක විවධ වූ තරංග ආයාමයන් 17කට සංවේදී වන අතර ෆ්ලෑෂ් කිරීමක් මගින් දෘශ්‍ය ආලෝකය මෙන්ම අධෝරක්ත කිරණ සමුහයක්ද නිකුත් කරනු ලබනවා.

hypercam-2

මෙම තාක්ෂණය මගින් අපගේ ඇසට නොපෙනෙන සිමාවේ ඇති දත්තයන් ද දැකගන්නට පුළුවන්. අප මිට පෙර vein viewer එක ගැන කතා කර මතක ඇති. මෙහිදීද එපරිදිම අපගේ සමට යටින් ඇති නහර පැහැදිලිව දකින්නට හැකි අතර, එබැවින් මෙය වෛද්‍ය විද්‍යාත්මක කරුණු වලදී යොදාගන්න පුළුවන්. මිට අමතරව මෙය සම්බන්ධයෙන් පර්යේෂණ වල නියැලෙන University of Washington හා  Microsoft Research පර්යේෂණ කණ්ඩායම් පවසන්නේ පලතුරු එළවලු වැනි දෑ පරිභෝජනයට කෙතරම් සුදුසුද යන්න ද මෙමගින් සොයාබැලිය හැකි බවයි.  තනිව කැමරාවක් ලෙස මෙය ඉදිරිපත්කිරීම ඉතාමත් වියදම් සහිත කරුණක් බව පෙන්වාදෙන ඔව්න් මෙය සාමාන්‍ය ජංගම දුරකථන කැමරාවක් හා සම්බන්ධ කිරීම ඩොලර් 50ක පමණ මුදලකට කරීමට හැකි බව පවසනවා. මේ තාක්ෂණය මගින් ඡායාරූපයක්ගැනීම  මගින් අප ගන්නා ආහාරයක ඇති පෝෂ්‍යපධාර්ථයන් පවා නිවැරදි ප්‍රමාණ වලින් පෙන්වාදිය හැකි බව ඔව්න් වැඩිදුරටත් පවසනවා.

hypercam-1

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *