2015 වසරේ හොඳම වනජීවී ඡායාරූප

මාස තුනහමාරක් සමග ඔබ සමග දැනුම බෙදාගත් අප අද දින අපගේ සිය වෙනි ලිපිය මෙලෙස ආරම්භ කරන්නවා. අද technology වලින් පොඩ්ඩක් බැහැරට ගිහින් මෙම වසරේ හොදම සම්මාන ලාභී වනජීවී ඡායාරූප ගැන කතාකරන්නයි හදන්නේ. එක්සත් රාජධානියේ  Natural History Museum මගින් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ හොදම වනජීවී ඡායාරූප ගැනයි මෙම සටහන.

CRY3Y41UAAE0RkC

“A tale of two foxes.” ලෙස නම් කර තිබු මෙම ඡායාරූප ඉදිරිපත් කර තිබුනේ ආධුනික ඡායාරූප ශිල්පියකු වන  Don Gutoski විසින්. මෙම ඡායාරූප 2015 වසරේ හොදම වනජීවී ඡායාරූප ලෙස නම්කිරීමට   London’s Natural History Museum විසින් කටයුතු කරා.  මෙම  ඡායාරූපය එලෙස නම් කිරීමට හේතු වුයේ එහි ගැබ්ව තිබු කරුණු නිසයි. Don මෙම ඡායාරූපය සටහන් කරගෙන ඇත්තේ කැනඩාවේ Wapusk National Park හිදියි. එහි දක්නට ඇති පරිදි රතු නරියකු විසින් ආර්ක්ටික් කලාපයේ වාසය කරන සුදු නරියකු දඩයම් කිරීමයි. පරිසර දුෂණය වීමත් සමගම පෘතුවි උෂ්ණත්වය ඉහළයාම නිසා රතු නරින් තවදුරටත් උතුරු දෙසට ගමන්කිරීම වැඩි වී තිබෙන ආර්ක්ටික් කලාපයේ වෙසෙන සතුන් හා ගැටීම වැඩිවීම මෙමගින් නිරුපනය වනබව ඔව්න් පවසනවා.  තවද ඔහු මෙම රාමුව හසුකර ගැනීම සිදුකර ඇත්තේ සෙල්සියස් අංශක -30ක  උෂ්නත්වයකදියි.

grand-title-winner-11-14-years-ruffs-on-display-by-ondej-pelnek-from-the-czech-republic

The Young Wildlife Photographer සම්මානය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ Ondřej Pelánek චෙක් ජනරජයේ උපත ලැබුවෙක් ඔහුට වයස අව්රුදු 14ක් . “Ruffs on display.” ලෙස නම්කර ඇති මෙම ඡායාරූපය ඔහු විසින් ගෙන ඇත්තේ නොර්වේ රාජ්‍යට තම පියා සමග විනෝද චාරිකාවක් යන අතරදියි.

CRca1VpXAAE0BmG

The winner of the reptile and amphibian සම්මානය හිමිකර ගත්තේ Edwin Giesbers. ඔහු විසින් දිය මත පාවෙමින් සිටි මෙම උරගයා ඡායාරූප ගත කොට ඇත්තේ නොර්වේ වලදියි. මෙම ඡායාරූපය හසුකර ගැනීමට ඔහුට දිය යට ගිලි සුදුසු රාමුව එනතුරු නොසෙල්වී සිටිබවද ප්‍රකාශකර තිබුනා.

Michael-AW-Underwater

The winner for the underwater සම්මානය හිමිකර ගත්තේ ඔස්ට්‍රලියානු ජාතිකයකු වන Michael AW. දකුණු අප්‍රිකාවේදී ඔහු මෙම තල්මසා තම කැමරාවේ සිත්තම් කරගෙන තිබෙනවා.  වෙරල ආසන්නයෙන් සාඩින් මසුන් ගැවසෙන කාලයේදී තල්මසුන් වැඩිපුර ආහාර සොයා එන අතර එහි අවස්ථාවක්  ඔහු මෙලෙස  ඡායාරූප ගතකොට තිබෙනවා.

538783

“From the sky” සම්මානය හිමිකර ගත්තේ ස්පාඤ්ඤජාතික ඡායාරූප ශිල්පියකුවන Pere Soler  විසින්.ස්පාඤ්ඤයේ Bahía de Cádiz වනෝද්‍යානයටා ඉහලින් ගමන් කරමින් සිටියදී මෙම ඡායාරූපය ගෙන තිබෙනවා. 

මිට අමතරව අනෙකුත් සම්මාන ලාභී ඡායාරූප ඔබට මෙම link එක මගින් නරභිමට හැකියාව පවතිනවා. Natural History Museum website

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *