තාක්ෂණික පුදුම 5

ISS

තාක්ෂණය කියනෙන් අප බොහෝදෙනා මවිතයට පත්වන කාරණයක්. දිනෙන් දින මේ ලෝකයට විවිධ තාක්ෂණික නිර්මාණ බිහිවෙනවා. ඒවායේ විස්මය දනවන ස්වභාවය එකිනෙකට දෙවෙනි වන්නේ නැහැ. කෙසේ වෙතත් අද අප ඔබට විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ මෙතෙක් ලෝකයේ නිර්මාණය වුන වඩාත්ම විස්මය දනවන තාක්ෂණික නිරමාණ වලින් කිහිපයක්

Palm Islands

Palm

Palm Islands යනු ඩුබායි හි පිහිටි මිනිසා විසින් කෘතිමව නිර්මාණය කරන ලද දුපත් සමුහයක්. මේවට මේ නම ලැබී තිබෙන්නේ ඒවා නිර්මාණය කර තිබෙන්නේ Palm ගසක හැඩයට වීමයි. මේ වනවිට මෙවන් දුපත් දෙකක් නිර්මාණය කර අවසන් වී ඇති අතර තුන්වන දුපතේ වැඩකටයුතු දැන් කෙරෙමින් පවතිනවා

මෙම දුපත් වල ඇති සුවිශේෂිත්වය වන්නේ මේවා තනිකරම නිර්මාණය කර තිබෙන්නේ කළුගල් සහ වැලි භාවිතයෙන් වීමයි. වෙනත් කිසිදු ද්‍රව්‍යක් මේ දුපත් නිර්මාණය කිරීමට යොදාගෙන නැහැ

මෙමෙ දුපත් නිර්මාණය කිරීම සඳහා කළුගල් cubic meters මිලියන 5ක් වැයවී තිබෙනවා ඊට අමතරව වැලි cubic meters මිලියන 90 ක්ද මේ සඳහා වැයවී තිබෙනවා

මේසඳහා අවශ්‍ය වැලි ලබාගෙන තිබෙන්නේ මුහුදු පතුලෙන්මයි. මේ සඳහා විශේෂයෙන් නිර්මාණය වුන නැවු මගින් වෙනත් ප්‍රදේශ වලින් මුහුදෙන් වැලි රැගෙන විත් ඒවා අවශ්‍ය ස්ථාන වලට පොම්ප කිරීම මගින් මේ දුපත් නිමවා තිබෙනවා.

The Three Gorges Dam

Three-Gorges

මෙය පිහිටා තිබෙන්නේ චීනයේ. ලෝකයේ දැනට පවතින විශාලම ජාල විදුලිය නිපදවන වේල්ල බවට පත්ව තිබෙන්නේ මම නිර්මාණයි. මෙම නිර්මාණය සඳහා වානේ ටොන් 450,000 ක් අවශ්‍යව තිබෙනවා එය Eiffel කුළුණු 60ක් නිපදවීමට වැය වන වානේ ප්‍රමාණයට සමානයි. මෙම වේල්ලට සම්බන්ද ජලවිදුලි බලාගාරයට මෙගාවොට් 22,500ක් නිපදවීමේ හැකියාව තිබෙනවා

මෙම වේල්ල  නිර්මාණය වී තිබෙන්නේ චීනයේ Hubei නමැති ප්‍රාන්තයේ Yangtze නමැති ගංගාව හරස් කිරීමෙනුයි. මෙම ජලාශයේ  දිග කිලෝමීටර් 600ක් පමණ වෙනවා. මෙම නිර්මාණය නිසා මිලියනයකටත් වඩා වැඩි පිරිසකට වෙනත් ස්ථාන වල පදිංචි වීමට සිදුව තිබෙනවා. මෙමෙ ජලාශය නිසා විශාල නගර 13ක් කුඩා නගර 100ක් සහ ගම්මාන 1000ක් ජලයෙන් යටවී තිබෙනවා

මෙම ජලාශය නිර්මාණය කිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 25ක් වැයවී තිබෙනවා.

The Large Hadron Collider

LHC

මෙය මිනිසා විසින් මෙතෙක් නිපදවන ලද තාක්ෂණයෙන් උසස්ම යන්ත්‍රය ලෙස බොහෝ දෙනා අදහස් පළකර සිටිනවා. මෙය ලෝකයේ ඇති විශාලම සහ බලවත්ම අංශු ත්වරකය(particle accelerator) එක ලෙස ස්ථාන ගතවී තිබෙනවා. මෙය නිර්මාණය කිරීමට වසර 10 ක කාලයක් ගතවී තිබෙනවා 1998 වැඩකටයුතු ආරම්භ කරන ලද අතර එහි වැඩ අවසන් වුනේ 2008 වසරේදීයි

ස්විට්සර්ලන්තයේ සහ ප්‍රංශයේ දේශසීමා අතර මීටර් 175ක් ගැඹුරින් කිලෝමීටර් 27 ක් දක්වා දිවෙන උමගක මෙය ඉදිව පවටිනවා

The International Space Station

ISS

රාත්‍රී කාලයේ අහස නිරීක්ෂණය කරන ඔබට සමහර විට අහසේ වේගයෙන් ගමන් කරන ආලෝකයක් දැකීමට ලැබෙනු ඇති. ඔබ එසේ දුටුවහොත් ඒ ඔබ දකින්නේ The International Space Station එක වීමේ සම්භාවිතාව බෙහෙවින් ඉහලයි. මන්ද දැනට රාත්‍රී අහසේ ඔබට දැකීමට හැකි තෙවැනි විශාලතම වස්තුව වන්නේ ISS එක වීමයි

ISS යනු පෘථිවිය වටා ගමන්ගන්නා කෘතීම චන්ද්‍රිකාවක්. අනෙකුත් චන්ද්‍රිකා වලත් ISS එකෙත් ඇති වෙනස වන්නේ ISS එක තුල මිහිසුන්ට වාසය කිරීමේ හැකියාව පැවතීමයි. මිනිසා විසින් මෙතෙක් නිපදවා ඇති වටිනාකමින් ඉහලම නිර්මාණය වන්නේද මේ ISS එකයි. මෙය ඉදිකිරිම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 150ක මුදලක් වැයවී තිබෙන බව ගණන් බලා තිබෙනවා

ISS එක විවිධ ආකාරයේ පරීක්ෂණ කරීමට යොදාගනු ලබනවා. මෙය ඉදිකෙරුනේ 1998 වසරේදී. 2028 වසර පමණ වනතෙක් මෙය ප්‍රයෝජනයට ගැනෙනු ඇතැයිද ඉන් පසුව වඩාත් නවීන අභ්‍යවකාශ මද්යස්ථානයක් ඉදිකිරීමට මෙය භාවිත කෙරෙනු ඇති

The Internet

Internet

සැබවින්ම අන්තර්ජාලය යනු මිනිසා විසින් සිදුකෙරුණු ඉහලම තාක්ෂණික සොයාගැනීම ලෙස නම් කල හැකියි. එය ඉතා සංකීර්ණ එමෙන්ම ලෝකයේ සිටින සෑම දෙනාටම පාහේ ප්‍රයෝජනවත් වන සොයාගැනීමක්. අන්තර්ජාලය යනු ලෝකය පුරා පැතිර පවතින පරිගණක ජාලවල එකතුවක්. මේ වනවිට ලෝක ජනගහනයෙන් 1/3 ක පිරිසක් එනම් මිනිසුන් බිලියන 2.4ක් අන්තර්ජාලය හා සම්බන්දවි සිටිනවා

අන්තර්ජාලය යනු ලෝකයේ තිබෙන විශාලම තොරතුරු කේන්ද්‍රය ලෙසත් හඳුන්වන්න පුළුවන්. විනෝදාස්වාදය, අධ්‍යාපනය, සන්නිවේදනය මේ සැම අංශයක්ම අද රැඳී පවතින්නේ අන්තර්ජාලය මතයි

ලෝකය පුරා විසිර පවතින පරිගණක අන්තර්ජාලය මගින් එකිනෙක සම්බන්ද වන්නේ මුහුද යටින් ගමන් ගන්න කේබල් සහ ලෝකය වටා ගමන් ගන්නා චන්ද්‍රිකා වල ආධාරයෙන්

අන්තර්ජාලය කිසිදු රජයකින් පාලනය වන්නක් නොවයි. අන්තර්ජාලය හා සම්බන්ධ එකම වගකිවයුතු පාර්ශවය වන්නේ Internet Engineering Task Force එකයි.

 

 

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *