අප රටේ හෙට දවසේ ප්‍රවාහනය

metro

අප මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ මේ දින වන වල බොහෝ කතා වන මාතෘකාවක් වන රථ වාහන තදබදය වෙනුවෙන් ඉදිරිපත් කල හැකි විසදුම් කිහිපයකි. අද අපේ රටේ පුද්ගලික රථ බාවිතා කරමින් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා  කගනු ලබන්නේ ඒවායේ ඇති අඩු පාඩු නිසාවෙනි. රැකියාවට කරදයක් නොවී ය හැකි ක්‍රම  තිබුණි නම් බොහෝ විට ඔවුන් එම සේවයන් බවිත කරන්නට පෙලබීමට හැකියාවක් ඇත. නවතම සමීක්ෂණ වාර්තාවේ ඇති කරුණු වලට අනුව කොළඹ නගරයට එතුලු වන රථ වාහන 300,000 කින් 275,000 පමණ පෞද්ගලික වාහන වේ. මෙය අඩු කරගැනීම සඳහා ක්‍රියා මාර්ගයක් ගැනීම ඉතා කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. දැනට ලෝකයේ  බොහෝ රටවල් වලට මෙය ගැටුළුවක් පවතී. මේ සඳහා කණු මතින් දිවෙන හෝ භූගත Metro system දැනටමත් බාවිතා වේ. අප අසල්වැසි ඉන්දියාවේ පවා මේ වන විට ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නේ එහි ඇති සාර්ථක බාවය නිසාවෙනි.

අප හට දැන් අවශ්‍යව  ඇත්තේ එවන් ප්‍රවාහන ක්‍රමවේදයන්ය. අධි වේගී මාර්ගයේ බස් රථ ධාවනය ආරරම්භ කල පසු එයට ඇතිවූ ඉල්ලුම මගින් පසක් වන්නේ අප රට වැසියන් සැප පහසුව සඳහා දක්වන කැමැත්ත වේ. Metro ප්‍රවාහන සේවයක් ආරම්භ කළහොත් අප රට වැසියන් එය අනිවාර්යයෙන් ආදරයෙන් වැළඳ ගනු නොඅනුමානය. දැනට බාවිත වන දුම්රිය සඳහා අප විදුලි දුම්රියක් බාවිත කළහොත් අපට ඉතාමත් පහසුවෙන් එහි පවතින සැප පහසුකම් ඉහළ නංවාලීම කල හැක. විදුලි දුම්රියක් සඳහා අප රට තුල පවතින සූදානම හා එහි පවතින තාක්ෂනය පිළිබධ අප මීට පෙර ලිපියක් මගින් ඉදිරි පත් කරන ලදී.

අප හට අමතක කල නොහැකි තවත් ප්‍රවාහන මාද්‍යයක් වනුයේ බස් ප්‍රවාහන ශේත්‍රයයි. මන්ද යත් එය අමතක කල නොහැකි අතර ඉතාමත් අඩු ප්‍රග්ධනයකින් කොළඹට පැමිණෙන පෞද්ගලික රථ වාහන ප්‍රමාණය අඩු කල හැකි ක්‍රම වේදයක් බැවිනි. අප අසල්වැසි ඉන්දියාව පවා නගර බද  ප්‍රදේශ තුල පරිසර හිතකාමී අධි සුකූපබෝගී බස් සේවාවන් ආරම්භ කොට ඇත. ඔවුන් එම බස් රථ සඳහා යොදා ගනු ලබන්නේ (Compressed Natural Gas) CNG වේ. මෙම බස් රථ පරිසර හිතකාමී නිසා පෞද්ගලික රථ වාහන  හිමියන් ආකර්ෂණය කර ගැනීම මගින් නගර බද මාර්ග තදබදය මෙන්ම පාරිසරක දූෂණය පවා  අඩු කර ගත හැක.

tata

TATA සමාගම මගින් නිෂ්පාදිත Compressed Natural Gas (CNG) මගින් දාවනය වන බස් රථයක්

නමුත් අද වන විට ලෝකයේ බැටරි තාක්ෂනය දියුණුවට පත්ව ඇති නිසා විදුලියෙන් දාවනය වන බස් රථ ජනප්‍රිය වෙමින් පවතිනවා. චීනයේ BYD සමගම මේ වන විට තප්පර 10 ක් charge කල පසු කිලෝ මීටර් 5 ක් දාවනය කල හැකි අධි සුකූපබෝගී බස් රථයක් නිපදවා තිබෙනවා. මෙමගින් පරිසරයට හානිකර වායු පිටවීමක් සිදු නොවන නිසා අද වැඩි ඉල්ලුමක් පවතී.

byd

TATA සමාගම මගින් නිෂ්පාදිත Compressed Natural Gas (CNG) මගින් දාවනය වන බස් රථයක්

තම රාජකාරියට පහසුවෙන් යා හැකි ක්‍රම වේදයක් පවතී නම් පෞද්ගලික වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි අතර අනවශ්‍ය ලෙස නවතා ඇති බස් රථ GPS තාක්ෂනය හා CCTV මගින් නිරීක්ෂණය කිරීමෙන් සැලකිය යුතු ලෙස අඩු කර ගත හැක.

ඉදිරි ලිපියක් මගින් මෙම එක් එක් තාක්ෂනයන් පිළිබඳ විස්තර කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *