pool එකේදී ඇස් රතු උනොත් ඉක්මනට එලියට එන්න

pool

පිහිනුම් තටාකයක දවස පුරා විනෝදයෙන් ගත කරන්නට ළමයින් මෙන්ම වැඩිහිටියන් පවා දක්වන්නේ ඉතා ඉහල කැමැත්තක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ සමකයට ආසන්න රටක පවතින තරමක් ඉහල උෂ්ණත්වය නිසා බොහෝ දෙනෙක් පිහිනුම් තටාකවලට දක්වන්නේ ඉහල උනන්දුවක්. පිහිනුම් තටාකයක කාලය ගත කිරීමෙන් අනතුරුව තමාගේ ඇස් දෙක රතු පැහැයට හැරී තිබෙන බව බොහෝ දෙනා නිරීක්ෂණය කොට තිබෙන කාරණයක්. බොහෝ දෙනෙක් මෙතෙක් කල් සිතා සිටියේ පිහිනුම් තටාකයට යොදන ජලය පිරිසිදු කිරීමට ගන්නා ක්ලෝරීන් නිසාවෙන් මෙලෙස ඇස් රතුවීම සිදුවන බවයි. නමුත් මේ පිළිබඳව කරන ලද නවතම සොයාගැනීම වලට අනුව පෙනී යන්නේ මෙලෙස ඇස රතුවිමට හේතුව වන්නේ ක්ලෝරීන් නොව වෙනත් කාරණයක් බවයි

ඇමරිකාවේ Centers for Disease Control and Prevention (CDC) ආයතනයේ මේ නවතම වාර්තාවන්ට අනුව මෙලෙස පිහිනුම් තටාකවල ඇස් රතු වීම සඳහා බලපාන සාදකය ලෙස ඔවුන් නම් කොට ඇත්තේ පිහිනුම් තටාක භාවිත කරන්නන් එය භාවිත කිරීමේදී පිහිනුම් තටාකයට එකතු වෙන මුත්‍රා ලෙසයි. මෙම වාර්තාවට අනුව නම් ඔබ පිහිනුම් තටාකයක් භාවිත කිරීමේදී ඇසට ආරක්ෂාකාරී පළඳනාවක් (goggles) භාවිත කිරීම වඩා නුවණට  හුරු වෙනවා.

පිහිනුම් තටාකයකට එකතුවෙන මෙවන් අපද්‍රව්‍ය සමග එහි වතුරේ අඩංගු වන ක්ලොරින්ග් ඉක්මනින්  ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රතික්‍රියාවෙන් පසුව සදෙන ඵලය මෙලෙස ඇස රතු කිරීමට හේතු වන බවට CDC ආයතනයේ අධ්‍යක්ෂක වරයෙක් වන Dr. Michael Beach පවසා තිබෙනවා

Beach මහතාගේ පරීක්ෂණයට අනුව පිහිනුම් තටාකයට එකතු වන විෂබීජ වර්ග ක්ලෝරීන් වලින් විනාශ වීමට විවිධ වූ කාල පරාසයන් ගතවෙනවා. ඇතැම් විෂබීජ ජලයට එකතුවූ සැනින් විනාශ වන අතර ඇතැම් විෂබීජ විනාශ වීමට දින 10 ක් පමණ කාලයක් ගතවන බවට ගන්න බලා තිබෙනවා. උදාහරණයක් ලෙස පාචනය ඇති කිරීමට හේතුවන Cryptosporidium නමැති පරපෝෂිතයන් විනාශ වීමට දින 10ක් පමණ කාලයක් ගත වෙනවා.

පොදු පිහිනුම් තටාක භාවිතයේදී මේ නිසා වඩාත් සැලකිලිමත් විය යුතු බවයි CDC ආයතනයේ අදහස. ඔබට කිසියම් රෝගී තත්වයක් තිබේනම් ඔබ පොදු පිහිනුම් තටාක භාවිතයට ගැනීම අන් අය වෙතටද එම රෝග තත්වය බෝවීමට හේතුවක් වෙනවා. එමනිසා එවන් තත්වයකදී පොදු පිහිනුම් තටාක භාවිතයට නොගෙන සිටීම ඉතා සුදුසුයි.

Bookmark the permalink.

One Comment

  1. Pingback: pool එකේදී ඇස් රතු උනොත් ඉක්මනට එලියට එන්න | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *