තාපය නිකුත් කරන ගීසා පිරමිඩ

pyramid

ගීසා හි පිරමිඩ යනු අප නිතැතින්ම පුදුමයට පත් කරවන සුළු ආරංචි ලැබෙන පුරාවිද්‍යා කැනීම් භූමියක්. දැනට වසර සිය ගණනක් පුරා මේ භුමියේ පුරාවිද්‍යා කැනීමේ කටයුතු සිදුවෙනවා. අද අපි විස්තර ගෙන එන්නෙත් ඉතාම මෑතකදී කරන ලද එවන් අපුරු සොයාගැනීමක් පිළිබඳවයි. ඉතා මෑතකදී සිදුකරන ලද මෙම පරීක්ෂණය මගින් ගීසා පිරමිඩ වල නැගෙනහිර කොටසේ කිසියම් තාප විෂමතාවක් (thermal anomalies) නිරීක්ෂණය කොට තිබෙනවා.

මෙම සොයාගැනීම Operation Scan Pyramid නමැති ව්‍යාපෘතියේම කොටසක්. මෙම වියපෘතියෙන් සිදුකෙරෙන්නේ drone යානා සහ cosmic කිරණ භාවිතයෙන් සම්පුර්ණ පිරමිඩ සහිත ප්‍රදේශය Scan කිරීමකට භාජනය කෙරෙනවා. මේ මගින් මෙතෙක් කල් සොයාගැනීමට නොහැකිවූ බොහොමයක් රහස් සොයාගැනීමට හැකි වනු ඇතිබවට පරීක්ෂකයන් විශ්වාස පළකර සිටිනවා. මේ නවතම සොයාගැනීමත් සමග ඔව්න්ගේ නිගමනය නිවැරදි බව සනාත වෙමින් පවතිනවා

මෙම ක්‍රියාවලියේම කොටසක් ලෙස පරීක්ෂකයන් විසින් මෙම පිරමිඩ thermal imaging තාක්ෂණය මගින් චායරුපයට නගා තිබෙනවා. මෙහිදී සිදුවන්නේ මිනිසාගේ ඇසට නොපෙනෙන තාපය පිටවීම නිරීක්ෂණය කල හැකි වෙනවා. මෙලෙස කරන ලද පරීක්ෂණයකදී පිරමිඩ වල විවිධ ස්ථාන වලින් අසාමාන්‍ය තාපය පිටවීම් නිරීක්ෂණය කොට තිබෙනවා

මෙම අසාමාන්‍යතාවය නිරීක්ෂණය වී තිබෙන්නේ පිරමිඩ වල පහල කොටස ආශ්‍රිතවයි මෙම නිසා මෙය පිරමිඩයේ පහල කොටසේ යම් කිසි සැඟවුන නිර්මාණයක් පිළිබඳව හෝඩුවාවක් විය හැකි බවට පරීක්ෂකයන් නිගමනය කරනවා. කෙසේ නමුත් ඔවුන් මේ පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹ නැහැ.

ගීසාහි පිරමිඩ ඉදිකොට තිබෙන්නේ 2613 සහ 2494 B.C.E අතර කාල පරාසය තුලයි. මේවයින් වඩාත්ම පැරණිතම නිර්මාණය වන්නේ Cheops නමැති පිරමිඩයයි. විශාලම තාප විෂමතාවයන් සොයාගෙන තිබෙන්නේද මෙම පිරමිඩය තුළිනුයි. Operation Scan Pyramid වියාපෘතිය මෙම වසරේ ඔක්තෝම්බර් මස 25 වැනි දින ආරම්භ කරනු ලැබුවා. එය 2016 වසරේ අවසානය වනතෙක්ම ක්‍රියාත්මක වනු ඇති. මෙය තාප විෂමතාවයන් ද මෙම පරීක්ෂණය තුලින් වඩාත් ගැඹුරින් නිරීක්ෂණය කෙරෙනු ඇති.

Bookmark the permalink.

One Comment

  1. Pingback: තාපය නිකුත් කරන ගීසා පිරමිඩ | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *