Amazon Drone Delivery

prime-air_03

Amazon සමාගම කියන්නේ ලොව තිබෙම විශාලතම online store එකක්. online store එකට අමතරව ඔව්න් නවීන තාක්ෂනය තම පාරිභෝගිකයන්ගේ ප්‍රජෝජනයට ලබාදීමටත් ඉමහත් කැමැත්තක් දක්වනවා. උදාහරණයක් ලෙස amazon dash  button එක ගන්නට පුළුවන්. එහිදී ඔව්න් කලේ wifi හරහා සම්බන්ධව ඇති එක් බොත්තමක් එබීම මගින් එදිනෙද අවශ්‍ය වන දේවල් order කිරීමට හැකියාව ලබාදීමයි. online යම්කිසි දෙයක් order කිරීමේ අපහසුව වනුයේ එම order කරන දෙය ලැබීමට යම් කාලයක් ගතවිමයි. නමුත් මෙය සම්බන්දයෙන් amazon සමාගම නව විසඳුමක් හදුන්ව දී තිබෙනවා. ඒ amazon drone delivery system එකයි. ඔව්න් මෙය amazon prime air ලෙස නම්කර තිබෙනවා.

ud080315

මෙය බොහෝ කාලයක් තිස්සේ amazon සමාගම පවසමින් සිටිදෙයක්. ඔව්න් පසුගිය දිනකදී මේ පිළිබඳව වීඩියෝවක් එළිදැක්වූවා. මෙම වීඩියෝව ඉදිරපත් කරන්නේ BBC නාලිකාවේ ජනප්‍රිය මෝටර් රථ වැඩසටහනක් වූ top gear වැඩසටහන මෙහෙයවූ Jeremy Clarkson. ඔහු BBC නාලිකාවේ ඇතිවූ ගැටුමකින් පසුව දැන් ඔහු amazon TV හා එක්ව සිටිනවා. ඔහුට අනුව මෙම නව drone යානය පුර්ණ විදුලිබලයෙන් වැඩකරන යානාවක් වන අතර අඩි 400ක් පමණ ඉහලින් පැයට සැතපුම් 60ක (100 kmph) වේගයක් ලබාගැනීමට සමත්. ගුවන් ගත කිරීම සඳහා ගුවන් පථයක අවශ්‍යතාවයක් නොමැති අතර කෙලින්ම ගුවනට එසවීමේ හැකියාව පවතිනවා. තවද කිලෝ 25ක බරක් කිලෝමීටර 15ක් පමණ දුරකට ගෙනයාමට මෙය සමත්. amazon සමාගමට අනුව order කිරීමේ සිට මිනිත්තු 30ක් ඇතුලත ඕනෑම භාණ්ඩයක් deliver කිරීමට amazon drone සමත් වනු ඇතියි.

prime-air_04

දැනට එක්සත් රාජධානිය,ඇමෙරිකාව හා ඊශ්‍රයලය තුල ඔව්න් මෙම amazon drone පරික්ෂා කිරීම සිදු කරනු ලබනවා. තවද මෙම drone යානා මුළුමනින්ම වෙනම air traffic controller system එකක් මගින් පාලනය වනු ඇති අතර ඊට අමතරව මෙම amazon drone යානය ඕනෑම බාධකයක් හදුනාගෙන එය මගහැර යාමටද සමත්කම් දක්වනවා. කෙසේවෙතත් මෙම නව තාක්ෂනය පරීක්ෂණ වලින් පසුව හරියාකාරව යොදාගැනීමට තව වසරක් පමණ ගතවනු ඇතිබව ඔව්න්ගේ විශ්වාසයයි. මේ පිලිබඳ වීඩියෝවක් පහලින්

 

Bookmark the permalink.

One Comment

  1. Pingback: Amazon Drone Delivery | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *