අත සිදුරු නොකර රුධිරය ලබාගන්නා අලුත්ම ඔරලෝසුව

Watch_web_1024

රුධිර පරීක්ෂාවක් සඳහා රුධිරය ලබාදීම බොහෝ දෙනෙකුට වේදනාකාරී හැඟීමක් ඉතිරි කරනවා. බොහෝ විට කුඩා දරුවන් මෙම ක්‍රියාවට දැඩි අකමැත්තක් දක්වනවා. මිට අමතරව දියවැඩියාව වැනි රෝග වලින් පෙලෙන අයට පවා නිතර නිතර රුධිර පරීක්ෂාවන් සඳහා රුධිරය ලබාගැනීම මහත් අපහසුවක්. මේ අපහසුවන් සහ අමිහිරි අත්දැකීම් වලින් තොරව කුඩා රුධිර සාම්පලයක් ලබාගත හැකි ඔරලෝසුවක් Google ආයතනය මගින් සොයාගෙන තිබෙනවා

සාමාන්‍යයෙන් රුධිර සාම්පලයක් ලබාගැනීමේදී සිදුකරන්නේ ඔබගේ ඇඟිලි තුඩක් සියුම් තුඩකින් සිදුරු කිරීමෙන් අනතුරුව නිකුත් වෙන කුඩා ලේ බිදු කිහිපය සාම්පලයක් ලෙස ලබාගැනීමයි. දියවැඩියාව රෝගයෙන් පෙලෙන රෝගියෙක්නම් දිනකට කිහිප වතාවක් මෙලෙස රුධිර සාම්පල ලබාගැනීම මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණය නියමිත මට්ටමක පවතිනවාදැයි තහවුරු කර ගත යුතු වෙනවා. නමුත් Google සමාගමේ මේ නවතම සොයාගැනීම මගින් එලෙස ශරීරය සිදුරු කිරීමකින් තොරව කුඩා රුධිර සාම්පලයක් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මෙම නිර්මාණය තවමත් පවතින්නේ පේටන්ට් අයිතිය ලබාගැනීමේ ක්‍රියා පිළිවෙල තුලයි. එම නිසා Google ආයතන තවමත් මේ නව නිර්මාණය පිලිබඳ වැඩි විස්තරයක් ප්‍රසිද්ධ කර නැහැ. නමුත් දැනට ලැබී ඇති තොරතුරු අනුව මේ නවතම උපරකරණය smart watch එකක් ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතිනවා

මෙහිදී ශරීරය සමග සම්බන්ධව පවතින microparticle අඩංගු වන සිලින්ඩරයකට එක්වර පීඩනයක් යටතේදී වායුව ඇතුල් කිරීම සිදු වෙනවා. මේ සමගම සිලින්ඩරයේ අඩංගු වූ microparticle සම විනිවිද යමින් ඉතා සියුම් සිදුරක් ඇති කරන අතර සියුම් ලේ බිදු කිහිපයක් ඉන් එලියට නිකුත් වෙනු ඇති. මෙමෙ ලේ බිදු කිහිපය අඩු පීඩනයක් යටති පවතින සිලින්ඩරයකට ඉතා ඉක්මනින් ඇදගැනීම සිදුවෙනවා. මෙම කුඩා ලේ සාම්පලය රුධිරයේ සිනි පරීක්ෂාවක් සිදුකිරීමට ඇති වනු ඇතැයි ගණන් බලා තිබෙනවා

මෙම නිර්මාණයේ මුලික අරමුණ කුමක්දැයි පැහැදිලිව සඳහන් කොට නොමැති වුවත් මෙය දියවැඩියාව වැනි රෝගවලින් පෙලෙන රෝගීන් අරමුණු කරගෙන නිපදවූවක් බව බලු බැල්මටම පෙන්නේනට තිබෙන කාරණයක්. එමෙන්ම මෙමෙ පේටෙන්ට් අයදුම්පත සමග ඇති රුප සටහන් වලින් පෙනෙන ආකාරයට මෙය smart watch එකක් ලෙස නිපදවීමට Google සමගම උත්සාහ දරන බව පෙනෙන්නට තිබෙනවා. මේ අනුව දැනට තොරතුරැ ඉදිරිපත් වී නැතත් මෙමෙ නිපැයුම මගින් කිසියම් කාලසීමාවක් තුල වරින් වර රුධිර පර්ක්ෂාවන් කිරීමට සහ ඒ මගින් ලැබෙන දත්ත රෝගියාට දර්ශකයක් මගින් පෙන්වීමට ද හැකියාවක් ලැබෙනු ඇති.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *