ඩුබායිහි ලොව උසම ගොඩනැගිල්ල එක්සත් අරාබියට දෙවැනි වෙයි

327-KingdomTower

ලොව මුදල් නිසා දියුණුවේ හිනිපෙත්තටම ලගවූ නගරයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය හදුන්වන්න පුළුවන්. ඔව්න් තම නගරය සංචාරක නගරයක් වශයෙන් ඉදිරියට ගෙනයාමට බොහෝ වියදම් දරනවා. ඒ අනුව ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa ඔව්න් විසින් ඉදිකරනු ලැබුවා. දැන් මෙම ගොඩනැගිල්ල පරදා ඊට වඩා උසින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සෞදි අරාබිය සැලසුම් කර තිබෙනවා. ඒ Jeddah Economic City ව්‍යාපෘතියට අනුවයි. එය ඔව්න් Kingdom tower ලෙස නම්කර තිබෙනවා

Kingdom-Tower-Jeddah-Adrian-Smith-+-Gordon-Gill-Architecture-728x387

සෞදි අරාබියේ වාසනාවේ හා සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස ඔව්න් මෙය ඉදිකිරීමට සුදානම් වනවා. ත්‍රිකෝණාකාර හැඩයකින් යුතු මෙම ගොඩනැගිල්ල ඉහලටයත්ම ක්‍රමයෙන් කුඩා වන ලෙස සකසා ඇත්තේ සුළඟ නිසා ඇතිවන ප්‍රතිරෝධය අවම කිරීමටයි. මෙම ගොඩනැගිල්ලද සැලසුම් කරන්නේ Burj Khalifaහි සැලසුම් ශිල්පියා වන Adrian Smith විසින් වන අතර තවමත් එහි උස හෝ තට්ටු ගණන ගැන නිල වාර්තාවක් පලවී නෑ. නමුත් Adrian Smithට අනුව එය Burj Khalifa ගොඩනැගිල්ලට වඩා තට්ටු 50කින් වැඩි උසකින් යුතු වනු ඇති බවයි. ඒ අනුව තට්ටු 200කට වැඩ වැඩි  මෙම ගොඩනැගිල්ල ලොව මීටර 1000ක සීමාවට ළඟාවන ප්‍රථම ගොඩනැගිල්ල වනු ඇතියි.

kingdomtowerview

විදුලි සෝපාන 59කින් සමන්විත වන මෙම ගොඩනැගිල්ලේ සෝපානයන් පැයට කිලෝමීටර 35ක වේගයෙන් ඉහල හා පහල ගමන් කරනු ඇතියි. ඊට අමතරව මහල් දෙකකින් සමන්විත සොපනයන්ද එයට ඇතුලත්වනවා. තවද එක් සෝපානයකින් තවත් සෝපානයකට මාරුවීම සඳහා lobby තුනක්ද සහිතයි. මක්නිසාදයත් පහලම මහළේ සිට ඉහලම මහළ දක්වා එක් සෝපානයකින් ගමන්කිරීමට කිලෝමීටර 1ක් දිග cable යොදාගැනීමේ අපහසුව හා ආරක්ෂක හේතුන් මතයි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට දැනට ගණන් බලා ඇති ආකාරයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.23ක් වැයවනු ඇති අතර ඉදිකිරීමට වසර 5ක් පමණ ගතවනු ඇතැයි අනුමාන කරනවා

 

Bookmark the permalink.

One Comment

  1. Pingback: ඩුබායිහි ලොව උසම ගොඩනැගිල්ල එක්සත් අරාබියට දෙවැනි වෙයි | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *