නවන දිගහරින ජංගම දුරකතනයක් Samsung වෙතින්

foldable-phone_1024

ජංගම දුරකථනය යනු අප කා අතරත් නිතර දෙවේලේ දක්නට ඇති උපරකරණයක්. නවතම ජංගම දුරකථන වල දැකිය හැකි වඩා කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඒවායේ ඇති විශාල තීරයයි. බොහෝ දෙනෙක් තම ජංගම දුරකතනයේ තරමක් විශාල තිරයක් තිබෙනවාට ඉතා කැමති. ඒ laptop එකක් හෝ tablet එකක් භාවිත නොකර ජංගම දුරකථනය අධාරයෙන්ම බොහෝ දේ කරගැනීමට මෙමෙ පුළුල් තිරය ඉඩ ප්‍රස්ථාව ලබාදීමයි.

නමුත් ජංගම දුරකතනයේ තිරය විශාල වන විට පැන නගින ප්‍රධානම ගැටලුව වන්නේ එය නිතර නිතර එහා මෙහා ගෙනයාමට ඇති බාධාවයි. මෙමෙ ගැටලුවට විසඳුම වන්නේ නැවිය හැකි හෝ රෝල් කරගෙන ගෙනයාහැකි තිරයක් තිබෙන ජංගම දුරකතනයක් නිපදවීමයි. මේ නිසා නැවීමට හෝ රෝල් කිරීමට හැකි නම්‍යශීලි තිරයක් නිපදවීමට බොහෝ ජංගම දුරකථන නිෂ්පාදන සමගම පෙළඹී තිබෙනවා. Samsung සමගම මේ ආකාරයේ ජංගම දුරකතනයක් නිපදවීම සඳහා අවශ්‍ය තාක්ෂණය වෙනුවෙන් පසුගියදා patent එකක් ලබාගත්තා

Samsung සමාගමේ නිල නොලත් ආරංචි අනුව ඔවුන් 2016 වසරේදී මෙමෙ නව ජංගම දුරකථනය එංගලන්තය ඇතුළු යුරෝපිය රටවල් කිහිපයකටම හඳුන්වා දීමට නියමිතයි. Samsung සමාගමේ මෙමෙ නව ජංගම දුරකථනය නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල නම් කොට තිබෙන්නේ Project Valley ලෙසයි. මෙමෙ ව්‍යාපෘතිය  හරහා ඔවුන් නැවිය හැකි සහ රෝල් කල හැකි ජංගම දුරකතනයක් නිපදවීමට බලාපොරොත්තු වෙන බව පැවසෙනවා

බොහෝදෙනාගේ අදහස වන්නේ මෙමෙ නව ජංගම දුරකතනය පොතක් ලෙස මැදින් නැවිය හැකි ආකාරයේ එකක් වනු ඇති බවයි. එවිට එය භාවිත කරන්නන්ට එය එහා මෙහා රැගෙන යනවිට කුඩා ඉඩ ප්‍රමාණයක් අන්තර්ගත වන ලෙස නවා රැගෙන යා හැකි වනු ඇති. ඔබට වඩාත් විශාල තිරයක් අවශ්‍ය විට එය කුඩා පොතක් මෙන් දිගහැරිමෙන් වඩා විශාල තිරයක් ඔබට ලබාගැනීමට හැකි වෙනු ඇති.

මම අදහසත් සමග මතුවන අනෙකුත් කාරණය වන්නේ මෙමෙ ජංගම දුරකතනයේ ඇතුල් පැත්තේ මෙන්ම පිටතද තිරයක් පිහිටිනු ඇති යන්නයි එවිට ඔබට අවශ්‍ය නම් දුරකථනය දෙකට නවා තිබෙන අවස්ථාවකදී වුවත් එහි පිටත පැත්තේ ඇති තිරය මගින් අවශ්‍ය දෑ දර්ශනය කරගත හැකියි

මිට හාත්පසම වෙනස් අදහසක් වන්නේ මෙමෙ ජංගම දුරකථනය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන් වෙත මුහුණ යොදා තිබෙන පරිදි නැවිය හැකි වනු ඇති යන්නයි. එවිට එය පොතක් විරුද්ධ පැත්තට නවා ඇති ආකාරයකින් දිස්වනු ඇති. දුරකථනය නවා ඇති විට කුඩා තිර දෙකකින් ඔබට අවශ්‍ය දෑ දර්ශනය කර ගත හැකියි. ඔබට වඩා විශාල තිරයක් අවශ්‍ය වූ විට කල යුතු වන්නේ තිර දෙක එකට එකතු වන සේ දිග හැරීමයි

Bookmark the permalink.

One Comment

  1. Pingback: නවන දිගහරින ජංගම දුරකතනයක් Samsung වෙතින් | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *