ටැටූ ඉවත්කිරීමේ විද්‍යාත්මක කථාව

3d-leg-tattoo

ටැටූ නැතිනම් පච්චයක් ගසාගැනීම කියන්නේ අද බොහෝදෙනා ඉතාමත් කැමැත්තෙන් කරන දෙයක්. එය බොහෝ රටවල සම්ප්‍රදායික දෙයක් මෙන්ම ආගමික ඇදහිලි වලට එකතුවී ඇති ඉපැරණි කලාවක්.  එය විවිධ පුද්ගලයින් විවිධ වූ හේතු සඳහා සිදුකරගනු ලබනවා. ඇතැම් විට තම සහකාරියගේ නම, තමන්ට විශේෂිතවූ දෙයක් වෙනුවෙන් හෝ  ලොව පුරා සංචාරය කරන පිරිස් තමන් ගමන්ගනනා රටෙන් මතක සටහන ලෙසද ටැටූ එකක් ලබාගැනීමට ප්‍රිය කරනවා. ටැටූ එකක් සම මතුපිට ඇඳීම තරමක වේදනාකාරී දෙයක් බව අප දන්නා කරුණක්. නමුත් ඔබ දන්නවාද ? ටැටූ එක ඉවත් කිරීම ඊටත් වඩා වේදනාකාරී බව.

ටැටූ එකක් කිරීමේදී සිදුවන්නේ ඉතා සියුම් ඉදිකටු කිහිපයකින් සම අභ්‍යන්තරයට ටැටූ තීන්ත රැගෙන යාමයි. එහිදී එම සියුම් ඉදිකටු අපගේ සම සිදුරුකරගෙන ඇතුලට ගමන්කරනවා. මෙම ටැටූ තීන්ත සාදන්නේ ඊයම්,තඹ හෝ මැන්ගනීස් වැනි ලෝහ මගින්. එබැවින් මෙම තීන්ත කොටස් ඉතා විශාලයි. සාමාන්යෙන් ශරීර අභ්‍යන්තරයට ආගන්තුක ද්‍රව්‍යක් අතුල්වුවිට එය ප්‍රතික්ෂේප කිරීමට අපගේ ශරීරය ක්‍රියා කරනවා. මෙහිදීද අපගේ ප්‍රතිජීවක පද්ධතිය එම කරුණ එලෙසම සිදුකරනවා. නමුත් එම ඉවත්කිරීම සිදුකිරීමට පැමිණෙන සුදු රුධිරාණු වලට වඩා ටැටූ තීන්ත කොටස් විශාල බැවින් ඒවා ඉවත්කිරීමට සුදු රුධිරාණු අපොහොසත් වනවා. පහත රුපයෙන් ඔබට සුදු රුධිරාණු හා ටැටූ තීන්ත කොටස් වල ප්‍රමාණයේ  වෙනස දැකගන්නට පුළුවන්.

tatoo

නමුත් ටැටූ එකක් ගැසීමෙන් පසු කාලයක් ගතවද්දී එය ක්‍රමයෙන් මැකියන්නේ සුදු රුධිරාණු වල මෙම ක්‍රියාකාරිත්ව නිසයි. එහිදී සුදු රුධිරාණු වලට රැගෙන යාමට හැකි ප්‍රමාණයේ කොටස් ඔව්න් අක්මාව වෙත රැගෙන යනවා. නමුත් මෙය ඉතාමත් සෙමෙන් සිදුවන ක්‍රියාවලියක්. ටැටූ එකක් ඉවත් කිරීම එක් ආකාරයකින් ගත්තොත් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමක්. ටැටූ ඉවත්කිරීමට යොදාගන්න ලේසර් එක හදුන්වන්නේ ultra-short pulse laser නමින් මෙය පිකෝ තත්පර වල කාල වෙනසක් නැතිනම් තත්පරයෙන් ට්‍රිලියන එකක කාල වෙනසක්  ඇතුව ක්‍රියාකරන ලේසර් එකක්. ඊට වඩා වැඩි කාලයක් සම මතට මෙය වැටුනොත් එය අපගේ ශරීරයේ පටක වලට හානිකරනු ඇතියි. (ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත්කිරිමටද මෙම තාක්ෂනය යොදාගන්නවා.)

tattttt

මෙහිදී මෙම ලේසර් එක ටැටූ තීන්ත වලට එල්ල කිරීමේදී එම තීන්ත කොටස් වල එක් අර්ධයක් ක්ෂණිකව ඉහල උෂ්ණත්වයක පත්වනවා. ඉන්පසුව පිකෝ තත්පර කාල ප්‍රාන්තරයක් සඳහා ලේසර් එක නිවියනවා. මෙම කාලය තුලදී තීන්ත කොටස් ක්ෂණිකව සිසිල්විමක් සිදුවන අතර සම්පුර්ණ තීන්ත කොටසම ඉහල උෂ්ණත්වයකට පත්වීමට තාපය ගලායාමට කාලයක් නොමැති නිසා ඇතිවන thermal stress එක මගින් එම ටැටූ තීන්ත කොටස කුඩා කැබලි වලට කැඩී යනවා. මෙලෙස විශාල තීන්ත කොටස් කුඩා කැබලි බවට පත්වුපසු ඒවා සුදු රුධිරාණු මගින් ඉවත් කිරීම සිදුවන අතර එය වඩාත් වේගවත් ක්‍රියාවලියක් බවට පත්වනවා.

සම්පුර්ණයෙන්ම ටැටූ එකක් ඉවත්කිරීමට සඳහා මෙම ලේසර් එක 6 වතාවක් පමණ ඇල්ලීමට සිදුවනවා. නමුත් එය ටැටූ එක ඇඳීමට වඩා බොහෝ වේදනාකාරීයි. එබැවින් ටැටූ එකක් ගැසීමට පෙර දෙවතාවක් සිතන්න. මොකද අප සැලසුම් කරන විදිහට සියලුදේ ඉටුනොවන්න පුළුවන් 😛

මේ පිළිබඳව වඩාත් පැහැදිලි විස්තරයක් සහිත වීඩියෝවක් පහතින් දැක්වෙනවා.

Bookmark the permalink.

One Comment

  1. Pingback: ටැටූ ඉවත්කිරීමේ විද්‍යාත්මක කථාව | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *