ඔබේ හිසට හොඳම ආරක්ෂාව Vozz Helmets’ RS 1.0

vozz-motorcycle-helmet-7

යතුරුපැදියක් පදවාගෙන යාමේදී ආරක්ෂක හිස්වසුමක් එසේත් නැතිනම හෙල්මට් එකක් පැළඳීම අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් වෙනවා මන්ද එසේ නොකිරීම මාර්ග නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම ඔබගේ ජිවිතයට අනතුරක් වීමටද පුළුවන් නිසාවෙන්. යතුරුපැදි සඳහා භාවිත වන හෙල්මට් වල මුලික සැලැස්ම බොහෝවිට එක සමාන ආකාරයක් ගනු ලබනවා. සාමාන්‍ය හෙල්මට් වල ආකෘතියේ විවිධ අඩුපාඩුද දක්නට ලැබෙන්නට පුළුවන්

සාමාන්‍ය හෙල්මට් එකක ඇති ප්‍රධානම දුර්වලතාවයක් වන්නේ අනතුරකදී ප්‍රතිකාර දීම සඳහා මේ සාමාන්‍ය හෙල්මට් එකක් ගලවා ඉවත්කරීමට ඇති අපහසුවයි. අපහසුවෙන් මෙමෙ හෙල්මට් එක ගැලවීමට යාමෙන් අනතුර තවත් බරපතල වීමටත් පුළුවන්. එමෙන්ම සාමාන්‍ය හෙල්මට් හිසට නිසි ආකාරව සවිනොවිම නිසා එමගින් බලාපොරොත්තු වන ආරක්ෂාව නොලැබී යන්නට පුළුවන්.

vozz-motorcycle-helmet-5

සාමාන්‍ය හෙල්මට් එකක ඇති මේ අඩුපාඩු ඉවත් කරමින් භාවිතයට වඩා පහසු සහ වඩා ආරක්ෂාකාරී හෙල්මට් එකක් නිපදවීමට ඕස්ට්‍රේලියානු සමාගමක් වන Vozz Helmets නමැති ආයතනය සමත්වී තිබෙනවා. මෙය අපි සාමාන්‍යයෙන් දන්නා full face වර්ගයේ හෙල්මට් එකක්. ඔවුන් මෙම හෙල්මට් එක නම්කොට තිබෙන්නේ RS 1.0 නමින්. මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ මෙමෙ හෙල්මට් එක මැදින් විවෘත කිරීමට ඇති හැකියාවයි. මෙමගින් ඉතා පහසුවන් හෙල්මට් එක පැළඳීමට හැකියව ලැබෙන අතර අනතුරකදී හෝ වෙනත් අවස්ථාවකදී ඉතා පහසුවෙන් මෙය ගලවා ඉවත්කිරීමේ හැකියාවද ලැබෙනවා.

vozz-motorcycle-helmet-8

මිට අමතරව full face හෙල්මට් එකේ මුහුණ කොටස ආවරණය වන කොටස ඉතා පහසුවෙන් සීරුමාරු කිරීම තුලින් හෙල්මටය වඩාත් හොඳින් ඔබේ හිසට සවි වෙන ලෙස සකසා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙමගින් හෙල්මට් එක මගින් බලාපොරොත්තු වෙන ඉහලම ආරක්ෂාව ඔබට ලැබෙනු ඇති.  මිට අමතරව හෙල්මට් එක ඉතා හොඳින් හිසට සවිවන නිසා සිතල පරිසරයක යතුරුපැදිය ධාවනය කරන්නේකුට සීතලෙන් වඩා හොඳ ආරක්ෂාවක් ලැබෙනු ඇති. එමෙන්ම ඉහල වේගයන් හිදී සාපේක්ෂව ජනනය වන වාත ප්‍රතිරෝධයද අඩු අගයක් ගන්නවා.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *