බාමියන් බුදුපිළිමය ආලෝකයෙන් ප්‍රතිනිර්මාණය වෙයි.

buddha3

ලොව විවිධ ආගම් වසර සිය දහස් ගණනක් තිස්සේ විව්ධවූ සංස්කෘතීන් පෝෂණය කරා. නමුත් වසර දහස් ගණනක ඇවෑමෙන් අප අදහන ආගම හා විශ්වාසයන් වෙනස් වුවත් තමන්ගේ  ඉතිහාසයේ මංසලකුණු ඒ අකාරයෙන්ම තබාගැනීමට බොහෝ රටවල් උනන්දුවක් දැක්වුවා. නමුත් අවාසනාවට විවධ වූ පුද්ගලයින්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් අනුව වෙනස් හා ලොවටම හානිකර තීන්දු තීරණ මගින් ලොව පවතින වසර දහස් ගණන් පැරණි මිලකර නොහැකි කලා නිර්මාණයන් විනාශ කරනු ලැබුඅතර අදටත් එය සිදුවෙමින් පවතිනවා. ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවත් ඉන් එකක්. 2001 වසරේදී එම වසර 1500ක් පැරණි පිළිමය ත්‍රස්තවාදීන් විසින් පුපුරව හරිනු ලැබුවා. නමුත් ඉන් වසර 14කට පසුව එය යලි දැකගැනීමට හැකියාවක් උදාකරදීමට ආලෝක ඉංජිනේරුවන් පිරිසක් සාර්ථක උත්සහයක් ගත්තා.

bmm

මෙම ව්‍යාපෘතිය සිදු කරන ලද්දේ චීන ජාතක යුවලක් වන Zhang Xinyu සහ Liang Hong විසින්. ඔව්න් ලොව පුරා සංචාරයේ යෙදෙන ඉතාමත් පොහොසත්  යුවලක්. තම සංචාරයන් අතර තුරදී ඔව්න් මෙම පිළිමය පෙර තිබු ආකාරයෙන්ම නැවත දැක ගැනීමට ඇතිවූ කැමැත්ත හේතුවෙන් මෙය ආරම්භ කර තිබෙනවා. මෙහිදී ඔව්න් නවතම තාක්ෂණයෙන් යුතු  3D ප්‍රෝජෙක්ටර් තුනක් යොදාගෙන පිළිමයේ ත්‍රිමාණරුපයක් පිළිමය පෙර තිබු ස්ථානයේම ප්‍රතිනිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා. මේසඳහා වන ප්‍රෝජෙක්ටර් ඔව්න් චීනයේ නිෂ්පාදනය කොට ඇති අතර එය සඳහා ඔව්න්ට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට අසන්න මුදලක් වැයවී තිබෙනවා.

buddha1

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *