ලොව ප්‍රථම මගී drone යානාව. (Passenger Drone)

ehang-184-aav-passenger-drone-24

Drone එකක් කියන්නේ මොකක්ද කියල දැන් අමුතුවෙන් හදුන්වා දෙන්න උවමනාවක් නැහැනේ. දැන් drone එකක් කියන්නේ මොකක්ද කියල පොඩි ළමයෙක් උනත් දන්නවා. මොකද දැන් ලංකාවෙත් drone යානාවන් සැහෙන්න ප්‍රසිද්ධ නිසා. amazon වැනි සමාගම් තම භාණ්ඩ බෙදාහැරීම සඳහාත් දැන් drone යානාවන් යොදා ගන්න බව අප ඔබට මිට පෙර ලිපියකින් පැවසුවා මතක ඇති. ඊට අමතර දැන් බොහෝ රටවල් drone ලියාපදිංචි කිරීමට පටන් අරන් ඒ ආරක්ෂක හේතුන් සඳහායි. ඒ වගේම මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන ලෙස යොදාගන්න drone යානාවන් බිම හෙළීමට VHF jamming උපකරණ පවා නිපදව තිබෙනවා. නමුත් අද අප ඔබට ගෙන එන මේ පුවත තරමක් පුදුම සහගත එකක්. ඒ තමයි ලොව ප්‍රථම මගී drone යානාවේ හදුනවාදීම.

stg_fb_2

මෙම සිදුවීම සිදුවුයේ ඇමෙරිකාවේ පවතී Consumer Electronic Show 2016 ප්‍රදර්ශනයෙදියි. ඔව්න් EHANG නම් ඇමෙරිකානු සමාගමක්. ඔව්න් දැනට මෙම තාක්ෂනය යථාර්තයක් බවට පත්කර තිබෙනඅතර  Consumer Electronic Show 2016 හිදී ඔව්න් වැඩි අවධානයක් දිනාගැනීමට සමත්වූවා. ඔව්න් මෙය නම්කර තිබෙන්නේ EHANG 184 AAV ලෙසයි, තවද මෙය Autonomous Aerial Vehicle එකක් එනම් පුර්ණ ස්වයංක්‍රිය යානාවක්, මෙය පැදවීමට නියමුවකු අවශ්‍ය වන්නේ නැ. තවද 184 යන්නෙන් ඔව්න් අදහස් කරන්නේ එක් මගියෙක්, propellers අටක් හා arms හතරක් යන්නයි. ඉතා කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ වන මෙය සම්පුර්ණයෙන්ම බැටරියකින් ක්‍රියාත්මකයි. එක් පුර්ණ අරෝපනයකින් පසු කිලෝ 115 අඩු බරින් යුතු මගියෙක්  මිනිත්තු 23ක කාලයක් ගුවනේ තබාගැනීමේ හැකියාවෙන් යුක්තවනවා. තවද එය පැයට කිලෝමීටර 100ක පමණ වේගයක් හා මීටර 3500ක් පමණ ඉහල යාමටද සමත්.

ehang-184-aav-passenger-drone-9

සම්පුර්නයෙනම ස්වයංක්‍රිය ධාවනයකින් යුත් මෙම drone එක ඔබට අවශ්‍ය ආකාරයට හසුරවාගැනිමට අඟල් 12ක touch display එකක් සපයා දී තිබෙනවා. පැය දෙකකින් ආරෝපණය කිරීමට හැකි බැටරියකින් යුතු මෙම drone යානාව මෙම වසර අගදී ඇමෙරිකානු ඩොලර් 200,000 පමණ වෙළඳපොළට නිකුත්කිරීමට ඔව්න් බලාපොරොත්තු වනවා.

stg_fb_7

Bookmark the permalink.

One Comment

  1. Pingback: ලොව ප්‍රථම මගී drone යානාව. (Passenger Drone) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *